පුටින්ගෙ ඊළඟ ඉලක්කය-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පුටින්ගෙ ඊළඟ ඉලක්කය-2

    c8OX3Gp.jpg

    රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් යනු දැනට ලොව සිටින ප්‍රබලම රාජ්‍ය නායකයා යැයි කීමට පසුගිය සමයේ ඔහු ක්‍රියාපටිපාටියම ප්‍රමාණවත්ය.සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව බිහිවූ නූතන රුසියාව මෙන් ලෝක පොලිස්කාරයා වන එක්සත් ජනපදයේ මුරණ්ඩු ප්‍රතිපත්තිවල හමුවේ උදාසීනව සිටීමට පුටීන්ගේ නව රුසියාව සූදානම් නැති බව මේවන විටත් ඔප්පුකර හමාරය.බටහිර රටවල සම්බාධක හමුවේ පවා සිය අරමුණු අත්නොහරින දැඩි ස්භාවයකින් කටයුතු කරන පුටීන් පාලනතන්ත්‍රය යුක්‍රේනයට අයත්ව තිබූ ක්‍රිමියාව සිය රටට සම්බන්ධ කරගත්තේ 2014 වසරේදීය.ජනපති පුටීන් මේ මුල පුරා තිබෙන්නේ රුසියාව තවත් ප්‍රසාරණය කිරීමටයි.පුටීන්ගේ මෙම තීරණයට සෝවියට් දේශයේ හිටපු නායක මිකායෙල් ගෝර්බචොව් සිය සහාය පළකරන ලදි.(ක්‍රිමියාව ඈදා ගැනීමට).

    q2OKgQu.jpg

    රුසියාවේ ඊළඟ ඉලක්කය කුමක් වේවිද? රුසියානු අභිලාෂය සෙවස්ටූපල් නගරයෙන් නවතියිද?​

    පහත දැක්වෙන්නේ රුසියානුවන් තම ව්‍යාප්තිය සිදුකල හැකි යැ‍යි අනුමාන කල හැකි රටවල් කිහිපයකි.




    මෝල්ඩෝවා

    Ci1vuok.gif

    තමන්ට මව් රාජ්‍යය එකතුවීමට අවශ්‍ය නීති කෙටුම්පත් කරන්න යැයි මෝල්ඩෝවා රාජ්‍යයෙන් වෙන්ව ක්‍රියා කරන Trans-Dniestrian ප්‍රදේශයේ දේශපාලනඥයින් රුසියානු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබේ.යුක්‍රේනය රුමේනියාවෙන් වෙන් කරන්නේ මෝල්ඩෝවා රාජ්‍යය විසිනි.එවැන්නක් කල හොත් රුසියාව වැරදි දිශාවකට පියවර තබන බවට මෝල්ඩෝවා රජයේ ජනපති නිකොලේ ටිමොෆ්ටි විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබිණි.2006 සැප්තැම්බර් මාසයේදී Trans-Dniestrian ප්‍රදේශය මෝල්ඩෝවා රාජ්‍යයෙන් වෙන්ව ස්වාධීනව ක්‍රියා කිරීමට තීරණය කරන ලදි.Trans-Dniestrian හි පාර්ලිමේන්තුවේ ප්‍රකාශක ඉරිනා කුබන්ස්කික්ට අනුව එහි දේශපාලන නායකයින් ඉල්ලා තිබෙන්නේ "රුසියානු නායකත්වයට Trans-Dniestrian හි නීතිපද්ධතිය ප්‍රසාරණය කිරීම සම්බන්ධව අධ්‍යයනය කරන ලෙසයි".මෙම කරුණ සම්බන්ධව රුසියානු පාර්ලිමේන්තුවේ තවමත් සාකච්ඡා සිදුවන බවයි දැනගන්නට ලැබෙන්නේ.ඒ Trans-Dniestrian හි වැසියන්ට රුසියානු පුරවැසිභාවය ලබා දිම සහ භූමිය රුසියාවට පවරාගැනීම ආදිය සම්බන්ධවයි.

    6Gxke15.gif
    Trans-Dniestrian ප්‍රදේශය​

    මෙම භුමි ප්‍රදේශය රුසියාවට ඈදා ගැනීමට නම් රුසියාව,යුක්‍රේන භූමිය ඔස්සේ මෝල්ඩෝවා රාජ්‍යය දක්වා කොරිඩෝවක් නිර්මාණය කල යුතුය.ඒ ක්‍රිමියාවේ සිට Trans-Dniestrian ප්‍රදේශය තෙක්ය.මෙය යථාර්තයක් වුවහොත් යුක්‍රේනය බටහිරින් සහ නැගෙනහිරින් රුසියානු රටවලින් වටලෑමක් සිදුවීම වැළැක්විය නොහැකිය.රුසියාව දැනටමත් සිය හමුදා Trans-Dniestrian හි යොදවා තිබෙන බව කියවේ.





    ජෝර්ජියාව

    8KZIp6k.gif

    2008 වසරේදී රුසියානු හමුදා ජෝර්ජියාවේ පළාත් දෙකක් ආක්‍රමණය කලේ ඔසෙස්ටියා සහ ඇබ්කාසියා හි සිටින වාර්ගික රුසියානුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමටයි.මෙහිදී බටහිර රටවල් තර්ජනය කලේ රුසියාවට සම්බාධක පනවන බව කියමින්ය.නමුත් රුසියානු හමුදා තවමත් එම පළාත් දෙක තුල රැඳී සිටින නමුත් පෙර කී සම්බාධක පැනවීම් කිසිදා ක්‍රියාවට නැංවූයේ නැත.ජෝර්ජියාව පිහිටා තිබෙන්නේ රුසියාවේ දකුණු දිශාවේ කළු මුහුදට මුහුණලා රුසියාව සහ තුර්කිය වෙන්කරමින්ය.රුසියාවට තුර්කිය කෙරෙහි භූගෝලීයමය ආශාවක් තිබේ,මන්ද එය කළු මුහුදට සමීප වීමත් මැදපෙරදිගට ඇතුළුවීමට ඉඩත් සපයන නිසාය.

    J9lw33r.jpg





    කසක්ස්ථානය

    lagaoqg.gif

    මෙය ඛනිජ තෙල් වලින් පොහොසත් රුසියාවට දකුණු දෙසින් පිහිටි වාර්ගික රුසියානුවන් විශාල පිරිසක් වෙසෙන රටකි.සීතල යුද්ධය අවසන් වීමෙන් පසුව කසක්ස්ථානයේ ජීවත්වූ වාර්ගික රුසියානුවන් ලක්ෂ ගණනක් සිය මව් රට බලාගියහ.කසක්ස් යනු එරට නිල භාෂාවයි.පුටින්ගේ මුල් පාලන කාලය තුල කසක්ස්ථානයේ සිටින රුසියානු නායකයින් ඔහුව හමුවී කියා සිටියේ තමන්ට රුසියාවට පැමිණීමට අවශ්‍ය සම්පත් ලබාදෙන ලෙසයි.එම අදහස ලත් තැනම ලොප් වූයේ පුටීන් ඔවුන්ට අවශ්‍ය සම්පත් ලබානොදීම නිසාය.නමුත් වර්තමානය වන විට කසක්ස්ථානයේ විශාල රුසියානු ජනගහනයක් සිටින අතර එරට උතුරුදිග කලාපවල රුසියානු මැදිහත්වීමක් කිරීමට තරම් එය ප්‍රමාණවත්ය.





    බෙලරුසියාව

    3LCDMPo.gif

    බෙලරුසියානු රජය සහ විලැඩ්මීර් පුටීන් සහ ක්‍රෙම්ලිනය අතර ශක්තිමත් මිත්‍රත්වයක් තිබේ.එරට ජනපති වන ඇලෙස්කැන්ඩර් ලුකෂෙන්කෝ යනු සෝවියට් දේශය බිද වැටීමේ පටන් බෙලරුසියාවේ(සෝවියට් දේශයේ කොටසක්ව තිබූ රටකි ) පාලනය ගෙන යන පුද්ගලයාය.ආසන්න වශයෙන් බෙලරුසියාවේ ජීවත්වන වාර්ගික රුසියානුවන් ප්‍රමාණය මිලියන 1.2කි(එරට ජනගහනයෙන් 11%කි ).බෙලරුසියාවට දකුණින් යුක්‍රේනයද නැගෙනහිරින් ලිතුවේනියාව සහ ලැට්වියාව යන රටවලට මායිම්ව පවතියි.බෙලරුසියාව තුල තම ව්‍යාප්තවාදී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තරම් එරට දේශපාලන තත්ත්වය නරක අතට හැරී නැත.නමුත් බෙලරුසියාවද කිසියම් මොහොතක යුක්‍රේනයේ රුසියාවට මිත්‍ර පාලන තන්ත්‍රය වෙනස් වුවා මෙන් තත්ත්වයක් ඇතිවිය හැකිය.

    xDSf3U3.jpg
    රුසියානු මැදිහත්වීමක් සිදුවීමට ඉඩ ඇති වාර්ගික රුසියානු සුළුතරයක් වෙසෙන රුසියාව අවට තිබෙන රටවල්​

    මෙහි සඳහන් කල රටවල් කිසිවක් නේටෝ සංවිධානයේ සාමාජිකයින් නොවේ.යුක්‍රේනය හෝ වෙනත් නේටෝ රටක් විශේෂයෙන්ම එස්ටෝනියාව(රුසියානුවන් 25.5%),ලැට්වියාව(රුසියානුවන් 27.6%) හෝ ලිතුවේනියාව(රුසියානුවන් 5.8%)කෙරෙහි සිය ආධිපත්‍යය පතුරවා ලීමට පෙර පුටීන් පෙර අත්කරගත් ලාභයන් ඒකාබද්ධ කරගන්නා බව ස්ථිරය.සිරියාව සහ ඉරානය කෙරෙහි ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමාගේ පාලන තන්ත්‍රය යොමුකර තිබෙන දුර්වල විදේශ ප්‍රතිපත්තීන් හේතුවෙන් ජනපති පුටීන් හට තවදුරටත් මැදපෙරදිග සම්බන්ධව ප්‍රබල මැදිහත්වීම් සිදුකිරීමට අවස්ථාව උදාවී තිබේ.




    Source:Breitbart.com

    -HarshaLulzSec-
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    TFS :)

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.

     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    Thread starter trying to glorify Putin's antics which infact a direct threat to SL sovereignty wht if Modi does a Putin and declare Jaffna peninsular a part of India
     

    senanabs

    Member
    Apr 21, 2016
    2
    0
    0
    Thread starter trying to glorify Putin's antics which infact a direct threat to SL sovereignty wht if Modi does a Putin and declare Jaffna peninsular a part of India

    Some people love to shit on the US. One of the ways in which they do that is by glorifying Russia and living impractical fantasies of the recreation of Soviet Union. In their fantasies they view Putin as a glorious king while ignoring that Russia is really a shit hole and the fact that Putin is in fact nothing more than a corrupt narcissistic dictator.