පුටින්ගෙ ඊළඟ ඉලක්කය
රුසියන් ජනපති විලැඩ්මීර් පුටීන් මොස්කව් හි සිය නිවහනේ බැල්කනියේ සිට තම උදෑසන තේ කෝප්පය පානය කරන අතර රුසියානු සමූහාණ්ඩුව පෙර පැවති සුපිරි බලය ලබාගැනීම දක්වා යන ගමනේ ඊලඟ පියවර(රුසියාවට ඈදා ගත යුතු බිම්කඩ) සැලසුම් කරමින් සිටිනවා යැයි කෙනෙකුට අදහසක් මවා ගත හැකිය.විලැඩ්මීර් පුටීන් යනු තමන් හට කලින් සිටි නායකයන් උරුමකල එනම් බොරිස් යෙල්ස්ටීන් සහ මිකායිල් ගෝර්බචොව් වෙතින් පැවරුණු උරුමය ගැන සතුටුවූ අයෙක් නොවේ.ඔහු මධ්‍යම ආසියාව,බෝල්ටික් කලාපය සහ යුක්රේනය කෙරෙහි ඇස් යොමාගෙන සිටින්නේ සැලසුම් සහගතවයි.පුටීන් මොස්කව් වලින් එළිමහනට ගිය විට ඔහුට දක්නට ලැබෙන්නේ නේටෝ සංවිධානයේ සීමාවන් ක්‍රමයෙන් රුසියානු දේශසීමාවට ලගාවෙමින් තිබෙන බවයි.
කලක් වෝර්සෝ ගිවිසුමේ රටවල් වූ පෝලන්තය,හංගේරියාව,බල්ගේරියාව සහ රුමේනියාව ආදී රටවල් මේවන විට නේටෝවේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.මෙම රටවල් රුසියාවට සෘජු තර්ජනයක් බව පුටීන් දනියි.එසේම ජෝර්ජියාව ,යුක්රේනය සහ කුඩා රටක් වන මෝල්ඩෝවා යනු භූදේශපාලනිකව පුටීන්ට මෙන්ම බටහිරටත් වැදගත් රටවල් වේ.(රුසියාව අසල පිහිටි බෙලරුසියාව තවමත් රුසියාවට අවනත පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ කොටසකි.ඒ නිසා බෙලරුසියාව ගැන දැනට පුටින් වද විය යුතු නැත.)රුසියාව සහ නේටෝව අතර පවතින භූදේශපාලනික අරගලයේදී රුසියාව යුරෝපයෙන් සහ බටහිරින් වෙන් කරන්නේ මෙම රටවලිනි.
රුසියාව මෙම කලාප සිය මව් භූමියට ඒකාබද්ධ කරගැනීමට උත්සාහ කරමින් සිටින්නේ ඒවා නේටෝ රටවල බලපෑමට යටත්ද නැද්ද යන්න පවා නොසලකා හරිමින්ය.එය ආරම්භ වන්නේ 1990 දශකයේදී දකුණු ක්රොකේෂියා වේදීය.පළමු වටයේදී අළු යට ගිනි පුරුරු මෙන් වන අර්බුද(frozen conflicts) කිහිපයක් නිර්මාණය විය.උදා:Nagorno-Karabakh, Abkhazia, Transdniestria ඊළඟට එය යුද්ධයක් බවට පත්වූයේ 2008 වසරේදී ජෝර්ජියාවේදීය.එහි ප්‍රතිඵලය දකුණු ඔෂේටියාවයි.නමුත් මෙම නවතම ජනරජයන් පිළිගත්තේ රටවල් කිහිපයක් පමණක් වුවද ක්‍රෙම්ලිනය සිය ඉලක්කයන් සපුරාගත්තේය.
ජෝර්ජියාවෙන් පසුව ක්රිමියාව(එය පුටීන් සිතුවාට වඩා පහසු විය.) රුසියාවට ඈදාගන්නා ලදි.පුටීන්ගේ අලුත්ම ඉලක්කය වූයේ නැගෙනහිර යුකේනයේ ඩන්බාස් ප්රදේශයයි.බොහෝදෙනා සිතා සිටින්නේ රුසියාව ක්රිමියාව ඈදා ගත්තා මෙන් නැගෙනහිර යුක්රේනයත් තමන් සතු කරගන්නා බවයි.පුටීන්ට අවශ්‍ය නම් ඩන්බාස් හි ශීතල අර්බුදයක් ඇතිකල හැකිය.පුටීන්ගේ චෙස් ලෑල්ලේ ඊළඟ පියවර කුමක් වේවිද?ඒ ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.
Source:Stratfor.com
-HarshaLulzSec-

Nagorno-Karabakh - පසුගියදාක සුපුරුදු පරිදි ආර්මේනියාව සහ අසර්බයිජානය අතර දේශසීමාව අසල ගැටුමක් ඇතිවූයේ මෙම භුමි ප්‍රදේශය සම්බන්ධව පවතින අර්බුදය නිසාය
Abkhazia - මෙය ජෝර්ජියාවෙන් බෙදී වෙන්වූ ස්වාධීන රාජ්‍යයකි.
Transdniestria - මෝල්ඩෝවියාවෙන් වෙන්ව ගිය මෙම කොටස වෙනම රාජ්‍යයක් ලෙස ක්‍රියාකරයි
රුසියාව මෙම කලාප සිය මව් භූමියට ඒකාබද්ධ කරගැනීමට උත්සාහ කරමින් සිටින්නේ ඒවා නේටෝ රටවල බලපෑමට යටත්ද නැද්ද යන්න පවා නොසලකා හරිමින්ය.එය ආරම්භ වන්නේ 1990 දශකයේදී දකුණු ක්රොකේෂියා වේදීය.පළමු වටයේදී අළු යට ගිනි පුරුරු මෙන් වන අර්බුද(frozen conflicts) කිහිපයක් නිර්මාණය විය.උදා:Nagorno-Karabakh, Abkhazia, Transdniestria ඊළඟට එය යුද්ධයක් බවට පත්වූයේ 2008 වසරේදී ජෝර්ජියාවේදීය.එහි ප්‍රතිඵලය දකුණු ඔෂේටියාවයි.නමුත් මෙම නවතම ජනරජයන් පිළිගත්තේ රටවල් කිහිපයක් පමණක් වුවද ක්‍රෙම්ලිනය සිය ඉලක්කයන් සපුරාගත්තේය.
ක්රිමියාව සහ නැගෙනහිර යුක්රේනය