පුටින්_යළි_රජවෙයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    පුටින්_යළි_රජවෙයි

    කුමන්ත‍්‍රණ පරාදයි, පුටින් යළි රජවෙයි. මොස්කවුහි සැණකෙලියක්


    presidential-candidate-prime-putin.n.jpg



    ඊයේ දිනයේ පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් එක්සත් රුසියුනු පක්‍ෂය නියෝජන කල ව්ලැද්මීර් පුටීන් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් හිමිකරගෙන තිබේ.

    සමස්ථ මැතිවරණ ප‍්‍රථිපලවලින් පුටින්ට 64% ක අති විශාල ඡන්ද ප‍්‍රමාණයක් හිමිව තිබේ.

    ප‍්‍රථිඵලයෙන් ප‍්‍රීතියට පත්ව සිටින රුසියානු ජනතාව මොස්කවු ඇතුළු රුසියාවේ ප‍්‍රධාන නගරවලට එක්යී ප‍්‍රීතිඝෝෂා පවත්වමින් සිටී.

    පසුගිය මහ මැතිවරණයෙන් පුටින්ගේ පක්‍ෂය සුළු පුසුබෑමක් පෙන්නුම් කල අතර එය ප‍්‍රයෝජනයට ගනිමින් බටහිර රහස් ඔත්තු සේවාවන්හි අනුග‍්‍රහය ලැබූ කණ්ඩායම් විසින් ආසන්න දින කිහිපය තුල රුසියාවේ අස්වාභිවික ලෙස පුටින් විරෝධී රැුලි ඇති කලේය.

    කෙසේ වෙතත් බටහිර උගුලේ නොවැටුනු රුසියානු ජනයා තම රටේ මෙන්ම ලෝකයේ ගමන් මග තීරණය කිරීමේ භාරධූර කාර්යයට හැට හැවිරිදි ව්ලැද්මීර් පුටින් තෝරාගැනීම බටහිර රටවලට මහත් කණස්සල්ලක් ගෙන දී ඇති බව ඔවුන්ගේ මාධ්‍ය වාර්තා සියුම් ලෙස නිරීක්‍ෂණය කිරීමේදී පැහැදියි වේ.

    ලෝක දේශපාලන සහ ආර්ථික බලය බටහිර සිට ආසියාව කරා හුවමාරු වෙමින් ඇති කාලයක ප‍්‍රබල රුසියානු රාජ්‍යයේ නායකත්වයට ව්ලැද්මිලර් පුටින් පත්වීම එක්සත් ජනපදය ඇතුළු බටහිරයන්ට කම්පනයක් ගෙන දෙන්නක් වුවද ලෝක සාමය පතන බහුතරයක් සෙසු රාජ්‍යන්ට මේ පණිවුඩය මහා ආශ්වාදයක් සපයන්නක් බව නොකිවමනාය.


     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    පුටින් ගැන පෙර තැබූ කෙටි සටහනක් ….

    ව්ලැඩිමීර් පුටින් දැන් රුසියාවේ ජනාධිපති නොව අගමැතිය. ඒ රුසියානු ව්‍යවස්ථාව අනුව දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරීමට නොහැකි නිසාය. එසේ වුවත් රුසියානු ජනතාව ස්වකීය නායකයා වශයෙන් සලකන්නේ රුසියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව රුසියාවේ ජනාධිපතිට වඩා පහල නිලයක් වන අගමැති තනතුර හොබවන ව්ලැඩිමීර් පුටින්වය. ඒ රුසියානු ජනතාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන නිසා නොවේ. ඊට වඩා පුටින්ට ගරු කරන නිසාය. ලෝකයේ බොහෝ ජනාධිපතිවරු හා අගමැතිවරු සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කුඩා කාලයේ සිට දේශපාලනය කිරීමට පෙරුම් පිරූවෝ වෙති. ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් ඇමති කෙනෙක් වීම ගැන සිහින දුටුවෝ වෙති. ඇතැම් විට කුඩා කල සිටම ඒ මාර්ගයට යොමු කරනු ලැබූ දේශපාලනඥයන්ගේ ම දරුවෝ වෙති. එහෙත් රුසියාවේ ජනාධිපතිවීම පුටින්ගේ තුන් හිතකවත් තිබූ දෙයක් නොවේ. ඔහු ජනාධිපති තනතුර කරා ආවේ අහම්බෙනි. ඔහු මෙතරම් ම සාර්ථක ජනාධිපතිවරයෙකු වූයේ ද සමහරවිට ඒ නිසා විය හැකිය. පුටින් සාර්ථක ජනාධිපතිවරයෙකි යැයි අප කියන්නේ ඇයි? ගොර්බචොව් විසින් නන්නත්තාර කරන ලද රුසියාව පුනරුත්ථාපනය කොට නැවත ලෝකයේ බලවතෙකු බවට පත්කරනු ලැබුවේ පුටින් වීම නිසාය.

    1952 ඔක්තෝබර් 7 වන දින ව්ලැඩිමීර් පුටින් රුසියාවේ ලෙනින්ග‍්‍රෑඞ් නගරයේ දී උපත ලැබුවේය. ඇත්ත කතාව නම් රුසියාවේ සාර් යුගයේදී සමාජවාදයට තිබූ මර්දනයට වැඩි මර්දනයක් සමාජවාදී යුගයේ දී ආගම සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වූ බවය. සමාජවාදී සෝවියට් දේශය තුළ ආගම ඇදහීම නීතිවිරෝධී කි‍්‍රයාවක් විය. එහෙත් මතුපිටින් ආගම ඇදහීම තහනම් කළ හැකි වුවත් ආගම දහම කෙරෙහි හදවතේ පවතින බැඳීම තහනම් කළ නොහැක. මෙහිදී රුසියාවට හොඳ ජනාධිපතිවරයෙකු ලැබීමට හේතු වූ තවත් කරුණක් අවබෝධ කරගැනීමට හැකිය. එනම් පුටින් ආගමට දහමට ලැදි නායකයෙකු වීමය. ලෝකය කොතරම් දියුණු වුව ද යම් මිනිසෙකු හොඳ මිනිසෙකු ද නරක මිනිසෙකු ද යන්න තීරණය කිරීම සඳහා තවමත් පවතින හොඳම හා සමහරවිට එකම ක‍්‍රමය ස්වකීය ජාතිය ආගම පවුල නෑයන් හා අසල්වාසින් කෙරෙහි ඔහු තුළ පවතින භක්තියය. ව්ලැඩිමීර් පුටින් එවන් ආගමට දහමට ලැදි නායකයෙකි.

    මුලින් කිව් ලෙස පුටින් පෙරුම් පිරූවේ මන්තී‍්‍ර කෙනෙකු, ඇමති කෙනෙකු වීමට නොවේ. ඒ නිසා පාසල් වියේ දී පුටින් ප්‍රි‍්‍රය කළේ රහස් පරීක්ෂක චිත‍්‍රපට නැරඹීමටය. ජූඩෝ ඉගෙනගැනීමටය. ජූඩෝ ඉගෙනගැනීමට කොපමණ ආසාවක් දැක්වූයේ ද යත් එය කළු පටි හය ශ්‍රේණිය ලබාගැනීම දක්වා ම දුර ගියේය. ලෙනින්ග‍්‍රාඞ් නගරයේ ජූඩෝ ශූරයා බවට ද පත්වූයේය. සටන් කලාවන් කෙරෙහි පුටින්ගේ ආසාව කොතරම් ද යත් රුසියානු ජනාධිපති වශයෙන් චීනයේ සංචාරයක යෙදුණු අවස්ථාවක දී චීනයේ සුප‍්‍රසිද්ධ සටන් කලා ආරාමයක් හෙවත් ෂැවොලින් ටෙම්පල් කරා යාමට ද පුටින් අමතක නොකළේය.

    එසේම තවත් කිවයුත්තක් තිබේ. සාමාන්‍ය අදහස වන්නේ ජූඩෝ කරාටේ ආදී කී‍්‍රඩාවන් කරන්නේ නුවණ නැති එහෙත් ඇඟපත හයිය ඇති අය බවය. චෙස් වැනි කී‍්‍රඩාවන් කරන්නේ ද බුද්ධිමතුන් බවය. ලෙනින් ද චෙස් කී‍්‍රඩාවේ යෙදී සිටින ප‍්‍රසිද්ධ ඡායාරූපයක් ද තිබේ. හිටපු ලෝක චෙස් ශූරයා වන ගැරී කැස්පරොව් ද අද රුසියානු දේශපාලනයේ සිටියි. එහෙත් ඔහුට දේශපාලන ක්ෂේත‍්‍රයේදී පුටින් සමඟ හැරෙන්නටවත් නොහැක. ඒ අනුව කිව හැකි කතාව වන්නේ සමහර විට ජූඩෝ කී‍්‍රඩකයන් චෙස් කී‍්‍රඩකයන්ට වඩා නැණවත් විය හැකි බවය. පාසල් අධ්‍යාපනය නිමා කර පුටින් ලෙනින්ග‍්‍රාඞ් රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළත් ව ජාත්‍යන්තර නීතිය පිළිබඳ උපාධියක් ලබාගත්තේය. ඉන්පසුව කුඩා වියේ දී රහස් පරීක්ෂක චිත‍්‍රපට නරඹමින් දුටු සිහිනය සැබෑ කරගනිමින් රුසියානු කේ.ජී.බී රහස් ඔත්තු සේවාවේ නිලධාරියෙකු බවට පත්වූවේය. 1983 ජූලි 28 දින පුටින් විවාහ විය. ඒ තමන් සමඟ ලෙනින්ග‍්‍රාඞ් විශ්ව විද්‍යාලයේ එකට ඉගෙන ගත් පසුව ගුවන් සේවිකාවක් බවට පත්වූ ලූද්මීලා සමඟය. ඔවුන්ට දියණියන් දෙදෙනෙක් සිටිති. වැඩිමහල් දියණියගේ නම මාරියා පුටිනා වන අතර බාල දියණිය කැතරිනා කාත්යා පුටිනාය. 1985 සිට 1990 දක්වා පුටින් කේ.ජී.බී නිලධාරියෙකු ලෙස නැඟෙහිර ජර්මනියේ සේවය කළේය.

    සෝවියට් දේශය කැඩී බිඳී යන්නට විය. ගොර්බචොෆ්ගේ පාලනය එයට හේතුවිය. මේ අතර ගොර්බචොෆ් පරදවමින් තවත් අයෙකු රුසියාව තුළ ජනප්‍රි‍්‍රය වන්නට විය. ඔහු බොරිස් යෙල්ට්සින්ය. ගොර්බචොෆ් රුසියාවට කළ විනාශය සම්පූර්ණ කළේ යෙල්ට්සින් විසින් යැයි කිව හැකිය. එහෙත් ඒ සියල්ලටම වන්දි ගෙවීමට මෙන් ඔහු එක් හොඳ දෙයක් කළේය. ඒ ව්ලැඩිමීර් පුටින් දේශපාලනයට ගෙන ඒමය. ස්වකීය ජනාධිපති ධූර කාලය නිමවන්නට තවත් වසරක් පමණ තිබිය දී බොරිස් යෙල්ට්සින් 1999 දෙසැම්බර් 31 වැනි දා ජනාධිපති ධූරය හැර ගියේය. ඒ නව සහස‍්‍රකයේ හෙවත් 2000 ජනවාරි පළමුවෙනිදා සිට රුසියාවේ වැඩබලන ජනාධිපති පදවියට ව්ලැඩිමීර් පුටින් පත් කරමිනි.

    2000 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයෙන් පුටින් ජයගත්තේය. රුසියාව යළි හිස ඔසවන්නට වූවේ එතැන් සිටය. පුටින් දැඩි පාලකයෙක් වූවේය. රුසියාවේ ඛනිජ තෙල් සම්පත්වලින් සියයට 20ක් ලෝකයේ ඛනිජ තෙල් සම්පත්වලින් සියයට 2ක් හිමි කරගෙන සිටි මීහායල් කොඩොකව්ස්කි සිරභාරයට ගැනීමට තරම් නිර්භීතවීම උදාහරණයකි. කොල්ලකාරී යුරෝපය සමාගම්වල ග‍්‍රහණයෙන් රුසියානු ඛනිජතෙල් සම්පත් මුදවාගෙන ඒ ආදායම් රටේ යහපත උදෙසා යෙදවීමට පුටින්ට හැකි විය. 2000 සිට 2008 වන විට රුසියාවේ දළ ජාතික නිෂ්පාදිතය දෙගුණ කරන්නට පුටින්ට සමත් විය. ඔහු ඇමරිකාවට බිය නැති නායකයෙකි. රුසියාවට ආදරය කරන නායකයෙකි. මුලින් ද කිව් ලෙස ව්‍යවස්ථාවට අනුව දෙවරකට වඩා ජනාධිපතිවීමට නොහැකි වූ නිසා පුටින් දැන් රුසියාවේ අගමැතිය. එහෙත් යම් ආකාරයකින් හෙට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නට හැකි වුවහොත් යළිත් ජනාධිපති වන්නේ පුටින්ය.


    LCN