පුත්තු- Joke story

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    කලකට පසු එකිනෙකා හමුවූ මැදිවියේ මිනිසුන් සිව්දෙනෙක් තැබෑරුමකට වී මදුවිත තොලගාමින් ආගිය තොරතුරු කතා කර කර උන්හ. එක් අයෙක් තමාට මුත්‍රා කිරීමට අවශ්‍ය බව පවසමින් මොහොතකට ඔවුන්ගෙන් ඉවත් විය. ටික වේලාවකට පසු ඉතිරි් තිදෙනා තම පුතුන් හා ඔවුන්ගේ සාර්ථකත්වයන් ගැන කතා කිරීමට වූහ.

    පළමුවැන්නා, “මගේ පුතා ගගනගාමී ඉන්ජිනේරු තාක්ෂණය(aeronautical engineering) ඉගෙනගත්තෙ. මිනිහා ගුවන් නියමුවෙක්(pilot) වෙලා හෙනට හම්බුකරලා තමුන්ගෙම කියලා ගුවන් ප්‍රවාහන සමාගමක්(airline) පටන් ගත්තා. කොච්චර සල්ලිද කිව්වොත් මිනිහා ලඟදි යාළුවෙක්ගෙ උපන්දිනේට ජෙට්(jet)් එකක් තෑගි දුන්නත් එක්ක!”

    දෙවැන්නා, “මගේ පුතා ඉඩකඩම් ඒජන්ත කෙනෙක් හැටියට වැඩ පටන් අරං හෙන සල්ලියක් හම්බුකරා. මිනිහට දැන් තමුනෙගම කියලා ගේදොර ඉඩකඩම ගොඩක් තියෙනවා. මිනිහත් ලඟදි යාලුවෙක්ගෙ උපන්දිනේට වර්ග් අඩි 20000ක මන්දිරයක් තෑගි දුන්නා!”

    තෙවැන්නා, “මගේ පුතා යාන්ත්‍ර තාක්ෂණය(mechanics) ඉගෙන ගෙන කාර් සමාගමක වැඩ පටන් අරං හොඳ සල්ලිකාරයෙක් උනා. මිනිහා දැන් සතියෙ දවස් හතට වාහන හතකින් යන්නෙ එන්නෙ, ඒ මදිවට ලඟදි යාළුවෙක්ගෙ උපන් දිනේට අළුත්ම අළුත් මර්සීඩීස් බෙන්ස් එකක් තෑගි දුන්නා!”

    තෙවැන්නා තම කතාව අව්සන් කරනවාත් සමඟම සිව්වැන්නා ඔවුන්ට නැවත එකතුවෙමින්, “කට්ටිය මොකක් ගැනද මේ බර කතාව?” යැයි ඇසීය.

    “අපි මේ අපේ පුත්තුන්ගෙ සාර්ථකත්වයන් ගැන කතා කර කර හිටියෙ. ඔහේගෙ පුතා කොහොමද?” අයෙක් පිළිතුරු දුනි.

    එවිට සිව්වැන්නා, “මගෙ පුතා සමලිංගිකයෙක්(gay)!, මිනිහව විශ්වවිද්‍යාලයෙනුත් එලියට දැම්මා..” යැයි පිළිතුරු දුනි.

    “අපෝ මොන ලැජ්ජාවක්ද ඒ!!” යැයි අනෙක් තිදෙනා තම අප්‍රසාදය පල කලහ.

    “නෑ නෑ!!, මට මගේ පුතා ගැන ගොඩක් ආඩම්බරයි. ඔහේලට කියන්න මිනිගහෙ පහුගිය උපන්දිනට මින්හගෙ කොල්ලො(boyfriends) තුන්දෙනා ජෙට් එකයි, බෙන්ස් එකයි, ලෝකු ගෙයකුයි තෑගි දීලා තිබුනා!!!” සිව්වැන්නා උජාරුවෙන් පිළිතුරු දුනි

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    36_1_1.gif