පුතාට Defender එකක්

Gajan Malli

Member
Aug 29, 2015
23
7
0
පුතාට Defender එකක් ගන්න

මගේ එකාට වයස 10 යි. මේ පාර ශිෂ්‍යත්වේ ලිව්වේ. මූ කියනවා මූ පාස්ලු කොහොමත්. මේකා පොරොන්දු වෙච්ච තෑගි වලින් ඇඩ්වාන්ස් ඉල්ලනවා පාස් වෙන්නත් කලින්. මම පරන jeep කටුවක් අරන් දීල තියෙන්නේ (පොලිස් ජීප් ටයිප්), අපරාදේ කියන්න බෑ සුක්කානම කරකවල හෝන් එක ගහගන්නත් පුලුවන් මේ වෙනකොට. ටයර් දැම්මා දෙපාරක්. Head light එක සවුත්තු වෙලා ඌ එක්කම නෙට් එකෙන් හොයල ගෙනැල්ලා දුන්නාම housing එකෙන් පන්නලා අගේට දාගත්තා අවුලක් නැතුව. මටනම් ඌ ඒකෙන් ඉගෙනගෙන තියෙන ටික කෝටියක් වටිනවා මේ වෙනකොට. මම එලවන්න තහනම් කරල නෑ හැබැයි දවසට පැයයි උපරිම. හැබැයි දැන් දැන් එලවන්න ආසාවක් නෑ බුවාට. එපා වෙලාද කොහෙද. සීට් එක උඩ නැගගෙන ගියර් එහෙම එහෙට මෙහෙට දාන්න බ්රේක් පාගන්න පුළුවන්.

මමත් ඔය තෑගි අරන් දෙනව කියලා කට වරද්දගෙන කෙලවගත්ත ලෙල්ලටම. මූ මගෙ ලොරියේත් නගිනවා පොඩි උනාට. හොදට වාහන අමාරුව තියෙනවා. ශිෂ්‍යත්වේ පාස් උනොත් Defender එකක් අරන් දෙන්න කිව්වා. අක්කත් එක්ක එකතු වෙලා ikman එකේ 17,00,000/= ට තිබ්බ එකකුත් හොයල පෙන්නුවා. මමත් හා කිව්වා හොයන්නේ බලන්නෙ නැතුව. මෙන්න මූ විභාගේ ලියලා ආපු වෙලාවෙ ඉදන් නහයෙන් අඩනවා Defender එක අරන් දෙන්න කියලා. මාර ආතල් ටෝක් දෙන්නේ. විභාගෙ කොහොමත් පාස්ලු. විභාගෙ රිසල්ට් ආවහම අලුත් ඉස්කෝලෙ වැඩ මුල ඉදන් හරියට කරන්න වෙන නිසා මේව එලවන්න වෙලාවක් නැති වෙයිලූ. . නයි කයිද රෝස් පාං කිව්වලු. අපි නොදන්න මුන්ගේ පිලිවෙලට වැඩ කිරිලි.

ඔන්න ඔහේ ඕන බිබික්කමක් කියලා කතා කරල බැලුව අර ඇඩ් එකට. ඒ මගුල වැඩ කරන එකක් නෙමෙයිලු. ඒක අල්ලලා දැම්ම. මම ලොරිය ගත්ත තැන Defender තිබ්බ මතක්වෙලා ගියා එතනට. අම්ම ගහයි. Land Rover 2010 එකක් තිබ්බා ලක්ෂ 55ක් කිව්වා. දැන් හරී සනීපයි මට ඉතින් මොනව කොරන්නද ගෙනත් දුන්නා.

කෙල්ලත් ඒකට ආසයි. දැන් අක්කයි මල්ලියි දෙන්නම ඒක එලවනවා. මට sure කොල්ලා ඕකෙන් සෑහෙන්න දෙයක් ඉගෙන ගන්නවා. මගෙ ලොරිය කෑලි නොකලොත් මට ඇති. මට wife ගෙන් කුණු බැනුම් ඇයි දැන් පෙට්‍රල් ගෙනත් දෙන්නත් එපෑ. මෛත්‍රී තෙල් අඩු කරයි නේද බං??
 
Last edited:

Gajan Malli

Member
Aug 29, 2015
23
7
0

උබට කියන්න මට මිනිස්සු කොච්චර බනිනවද? මගෙ අම්ම තාත්ත හැර (ගෑණිගේ අම්ම තාත්තා පවා) මට පලු යන්න බනිනවා කොල්ලො රස්තියාදුකාරයෝ කරනවා කියලා. මටනම් තේරෙන්නෙ නෑ මේ මිනිස්සු කියන්නේ මට දරුවෝ දෙන්නාගෙ ඇස් වහලා, කන් වහලා ලොකු මහත් කරන්න කියනවද කියලා.

මට මගේ අම්ම තාත්ත පුලුවන් විදියට හැම දේම දුන්නා. මගේ දරුවන්ටත් මම උපරිම කරනවා. මම හිතනවා මගෙ එවුනුත් උන්ට දරුවෝ ඉන්න කාලෙක උපරිම කරයි කියලා. ඇයි අපි දරුවගේ ආසාවල් ඕනෑවට වඩා පාලනය කරන්න හදන්නේ? මගෙ wife අහනවා කොල්ලා ශිෂ්‍යත්වේ පාස් වෙයිද දන්නෙ නැතුව ඇයි තෑගි අරන් දුන්නේ කියලා. මම කිව්වා තමුසේ ශිෂ්‍යත්වේ ලිව්වනම් මම තෑගි අරන් දෙන්නෙ නෑ රිසල්ට් එනකන්ම හැබැයි කොල්ල ලිව්ව නිසා බය නැතුව අරන් දුන්න කියලා. ගස්සගෙන ගියා ඔන්න. :D

මම දරුවන්ට උගන්නන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න, මනුස්සකම හා බොරු නොකියන්න විතරයි. හැබැයි උන් දෙන්න කාට කොලේ වැහුවත් මටනම් පොඩිම බොරුවක්වත් කරන්නේ නෑ. කන්න වෙන බව හොදට දැන දැනත් ඇත්තම කියනවා. මට ඒව වටිනවා මාර විදියට. උන් ඒ තුලින් ජීවිතේ මැනේජ් කරගනී. මට මගෙ උන් ලෝකෙම උගත්තු කරන්න ඕන නෑ. හොදට ජීවිතේ කලමනාකරණය කරගන්නයි මට උගන්නන්න ඕන. දැන් බලපන් ඇමරිකාවේ research centers, NASA වගේ ඉන්න ලෝකේම උගත් විද්‍යාඥයන් හැම දෙනාම, මුලු ඇමරිකන් හමුදාවම, කෝටි ගානක ඇමරිකන් ප්‍රජාවම අද අහන්නේ අප්‍රිකාවේ ඉපදුනු, මහ ලොකු උගත්කමක් නැති, කලු, කෙට්ටු මනුස්සයෙක් කියන දේ. එහෙම වුනේ ඒ මනුස්සය ලෝකෙම උගත් නිසා නෙමෙයි, ජීවිතේ, කතාබහ, වැඩකටයුතු හැම දෙයක්ම නිසි කලමනාකරණය කරගත්ත නිසා.

ඉතින් ඒ වගේ ඉස්සරහට යන ලෝකෙක මගේ දරුවෝ හූල්ලනව බලන්න මට ඕන නෑ. මට ලං කරන්න පුලුවන් හැම දේම මම දෙනවා. ඒක දරුවොත් දන්නවා. මම කිව්වොත් මේ වෙලාවෙ මට මේව අරන් දෙන්න බෑ කියලා උන් එයින් එහාට වචනයක් කතා කරන්නේ නෑ. ඒ මට බයට නෙමෙයි. උන්ට දැනිලා තියෙනවා මට පුලුවන්කමක් තියෙනවනම් මම නොකර ඉන්නේ නෑ කියලා. ඉතින් මගෙ ලමයි නරකද?:eek:

මට පුලුවන් හැම දේම මම දරුවන්ට පුරුදු කරනව කවුරු මොනවා කිව්වත්. අපේ තාත්තත් එහෙමයි. මම wiring වැඩ ඉගෙන ගත්තේ තාත්තගෙන්. මගෙ පුතාටත්, කෙල්ලටත් අපේ තාත්තම තමයි ඒව පුරුදු කලේ. මම වැඩ ඇරිල ඇවිල්ලා ලොරිය gate එකෙන් ඇතුලට දාපු ගමන් නවත්තනවා. මගෙ කෙල්ල 8 වසරේ ඉන්නේ ඒකි තමයි ගැරේජ් එකට දාන්නේ. ඉතින් උන් ඒව මාර ආසාවෙන් කරනවා. ඉතින් ඇයි මම ඒව නවත්තන්නේ. කෙල්ල ලොරිය හැප්පුවොත් insurance දාල හදාගන්නවනේ, බොරුවට එලෙව්වේ මම කියලා. මට sure මම හැප්පුවත් ඒකිනම් හප්පන්නේ නෑ කියලා දැන්. කොල්ලට තාම අතපය දිග මදි. :D. මගේ ගෙදර ඕනම දෙයක් ගලවලා බලන්න දරුවන්ට නිදහස දීල තියෙන්නේ. ඒ පිලිවෙල මම උගන්නලා තියෙන්නේ. උන් ලස්සනට කරනවා ඒ වැඩ. ෆොටෝ ගහල wire mark කරගෙන ගලවලා බලලා ආයේ හයි කරනවා.කවදාහරි උන් දෙන්න මගේ ලොරියේ එන්ජිම බානවා, මට හිතාගන්න බැරි ඒක මුලින්ම කෙල්ල කරයිද කොල්ලා කරයිද කියලා. :D

උබ කියනවා වගේ මිනිස්සුන්ගේ මාර කුහකත්වයක් තියෙන්නේ බං. අපිට නැති ඒව දරුවන්ටත් ඕන නෑ කියලනේ කියන්නේ. ඉතින් අපි දියුණු වෙයිද?

 

Gajan Malli

Member
Aug 29, 2015
23
7
0
කොල්ලයි කෙල්ලයි Defender ඒක පදිනවා බලන්න ආසයි බං. මටනම් වියදම් වෙච්ච සල්ලි ගැන කිසි දුකක් නෑ උන් ඒකෙන් ගන්න ආතල් එක දැක්කහම.

කොල්ලාට අතපය දිග නැති උනත් ඌ කොහිමහරි පදිනවා. කකුල් දිග මදි නිසා ස්ටාට් කරද්දී තල්ලු කරලා දෙන්න ඕනේ, නවත්තන්න ඕනේ උනාම මම දුවල ගිහින් ඉස්සරහින් අත් දෙකෙන් අල්ලගන්න ඕනේ :D
ඌ කොහොමත් වැඩිකල් යන්න කලින් ඒක මස් කරනවා. මගෙ ලැම්බෝගිනිය බේරුනොත් මට ඒ ඇති.:D
 
Last edited:

Gajan Malli

Member
Aug 29, 2015
23
7
0
ජොනී බට්ට;18888502 said:
trend ekak welada dan meka

මම දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. පොඩි එකා 5 වසරේ, කෙල්ල 8 වසරේ. මම දන්නවා උබ ඔය ප්‍රශ්නේ මගෙන් ඇහුවේ මම කලින් දාපු කමෙන්ට්ස් දැකලා නෙමෙයි කියලා.

මගේ එකා 3 වසරෙදි විතර jeep එකක් ඉල්ලගත්තේ ගම වටේ එලවන්න තමයි මචන්. මම පොලිස් ජීප් ටයිප් එකක් අරන් දුන්නා. මම කොල්ලට පැයයි දෙන්නේ පදින්න. මම ඒක කියලමයි අරන් දුන්නේ. කොහේ හිටියත් මට වැඩක් නෑ පැය පැන්න ගමන් තෙල් ටැංකිය මම හිස් කරනවා. ආයේ ඒකෙ දෙකක් නෑ. මේ වෙනකොට කොල්ල ඒකට ටයර් දැම්ම දෙපාරක්. Headlight එක අවුල් වෙලා ඒක ගෙනැල්ලා replace කරගත්තා. සුක්කානම කරකවගන්න පුලුවන්, හෝන් ගන්න පුලුවන්. ඌ දැන් ඒකෙන් නොකරන්නේ බං එලවන එක විතරයි.:lol::lol::lol:

අපි දැන ගන්න ඕන දරුවෝ අපිට ඕන අරමුණට ගෙනියන්න. ඒකට එකම විසදුම දුම්මල වරම අතට ගන්න එකවත්, ගහන බනින එකවත්, උන්ගේ ආසාවල් ඇතුලේ හිර කරන එකවත් නෙමෙයි. ඒව පරණ ක්‍රම. දැන් කාලෙට ගැලපෙන්නේ නෑ.

පොඩි එකෙක් සෙල්ලන් වයසෙදි ඕන එකක් ඉල්ලන්නේ සෙල්ලන් කරන්න තමයි බං. එහෙම නොවී ඌ උබෙන් software engineering කරන්න ලැප් එකක් ඉල්ලුවොත් පොඩ්ඩක් පරිස්සම් වෙයන්. උගේ ලමා මනස එක්ක, ලමා හැගීම් එක්ක, සෙල්ලම, දාංගලය, හුරතලය එක්ක හරි ලේසියි බං උන්ව අපේ අරමුණට ගෙනියන්න. වැඩිය ඕන නෑ අපේ එකාට නරක වෙච්ච අල ගෙඩියක් දීල මේක අද රෑට උයන්න සුද්ද කරලා දෙන්න කිව්වනම් ඌ jeep එක බල්ලට දාල පණදාගෙන ඒක සුද්ද කරනවා. මම මේ දරුවෝ දෙන්නෙක්ගේ අත්දැකීම් එක්ක කියන්නේ. පොඩි කාලේ ඉදන් වගකීම් දෙන්න දරුවෝ පුරුදු කලාම ඇත්තටම උන්ව පාලනය කරන්න හරි ලේසියි. අද මගෙ දරුවෝ දෙන්න මම කියන ඕන දෙයක් අකුරටම පිලිපදිනවා. මම ඒ බැදීම හදලා ඉවරයි. ඉතින් මට තියෙන්නෙ උන්ට උපරිම සතුට දෙමින් සැහැල්ලුවෙන් මගේ අරමුණට උන්ව ගෙනියන්න විතරයි.

උබ ඕනනම් පොඩි එකෙක්ට කියල බලපන් ඉස්සෙල්ලා ඉගෙන ගන්න පස්සෙ ආතල් ගන්න කියලා. බලපන් හැදෙයිද කියලා. මම දන්නවා ඒක mission impossible කියලා.

මම කියන දේවල් තෙරුණද නැත්නම් වැරදි දෙයක් ඔලුවට ගියාද දන්නෙ නෑ. ඒත් මම කිව්වේ මම අත්දැකපු මගේ ජීවිත අත්දැකීම්.
 

Gajan Malli

Member
Aug 29, 2015
23
7
0
සමාජේ ඉන්නේ මොන වගේ මිනිස්සුද කියලා තේරුම් ගන්න මේකෙ එකාලගේ අදහස් වලින්ම පුලුවන්. පට්ට ලොල් අදහස් තියෙන්නේ. අනේ මන්දා මගෙ රෙපුත් කපලා. :lol::lol::lol::lol::lol:
මටනම් ඔය රෙප් මලාට ඕන නෑ. රෙප් වලින් පොඩි එකාලට මොනව හරි අරන් දෙන්න පුලුවන්නම් ඔන්න ටිකක් සලකා බලන්න තිබ්බා.

මෙතනදි මම අහල තියෙන්නේ මෛත්‍රී තෙල් අඩු කරයිද කියල මිසක් මට මහ ලොකු උදව්වක් ඉල්ලල නෑ. මම Defender ඒක ගන්න ගිය සල්ලි ඉල්ලලාවත්, ඇවිත් හදල දෙන්න කියලාවත් නෑ. සමහරුන්ට සමහර අදහස් පොර ටෝක් වගේ තේරෙන්න ඇති. අන්න එහෙම එකෙක්ටයි මේ ටික කියන්නේ. උබල පොඩි කාලේ ආසකරන දෙයක් අම්මල තාත්තල අරන් දුන්නොත් උබල කිව්වද අපිට ඉල්ලන ඉල්ලන දේ දෙන්න එපා අපි නරක් වෙයි කියලා? :D. එහෙමත් නැත්නම් උබලට පුලුවන්කම තියෙද්දී දරුවන්ගේ ආසාවල් ඉටු කරන්න ඒව නොකර දරුවෝ දුකෙන් ඉන්නවා දකින්නද උබලට ඕන?

දැන් මම ලක්ෂ 55ට defender එකක් ගෙනත් දුන්නේ දරුවට. අද ඒ දරුවා මොන තරම් සතුටකින් ඇත්ද? ඉතින් දරුවාව පාලනයකින්, සංයමයකින් හදාගන්න එක සහ ජීවිතේ ගැන තේරුම් බේරුම් කරල දෙන එක මට බාරයි. ඒක මගේ හැකියාව. මම දන්න විදියට ඕකෙන් මට ඕනනම් දරුවාව හදන්නත් පුලුවන්, නැති කරන්නත් පුලුවන්. උබම හිතල බලපන් ඕක අද ගෙනත් දුන්නේ නෑ කියලා මගේ දරුවා මගේ නැතිබැරිකම් ඔක්කොම තේරුම් අරන් හෙට ඉදන් සමාජවිද්‍යා මහාචාර්ය කෙනෙක් වගේ හැසිරෙයි කියලා? :lol::lol:

මටනම් ඔය එක එකාල කියන දේවල් වැඩක් නෑ. මම දන්නේ මෙච්චරයි. දරුවෝ හැකිපමණ සතුටින් තිබ්බාම උන් අපිත් එක්ක තියෙන බැදීම වැඩියි. එතකොට අපිට ඕන විදියට දරුවෝ පාලනය කරගන්න, අපිට ඕන මාර්ගයේ යවන්න ලේසියි. උන්ට ඕන ඕන දේ දීල උන්ට ඕන විදියට හැදෙන්නා දීල කෙලවගත්තට කවුරුවත් පලි නෑ.

අදින්න පුබ්බක වගේ උන්ගේ දරුවෝ වෙලානම් ජාති ජාතිත් උපදින්න එපා කියලයි මමනම් ප්‍රාර්ථනා කරන්නේ. ඒ අතින් අපේ දෙමවුපියෝ ජාති ජාතිත් වාසනාවන්. මම හිතනවා මගේ දරුවොත් එහෙම හිතනවා ඇති කියලා. මට ඒ ඇති. දැන් කපපියව් රෙප්.:lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: MiyuB

Gajan Malli

Member
Aug 29, 2015
23
7
0
]මම වගේ ආකල්ප තියෙන තාත්තෙක් ලැබෙන්න මගේ කොල්ලයි කෙල්ලයි සෑහෙන්න පින් කරලා තියෙනවා බන් සන්සාරේ..... මම එලකිරි තාත්තෙක්.. මම සියල්ල කරන්නේ දැක්මක් පාලනයක් ඇතුව... අන්න ඒකයි බන් වටින්නේ..:):):):):)


මම ගෑනිට කිව්වා තමුසේ ශිෂ්‍යත්වේ ලිව්වනම් මම තෑගි අරන් දෙන්නෙ නෑ රිසල්ට් එනකන්ම හැබැයි කොල්ල ලිව්ව නිසා බය නැතුව අරන් දුන්න කියලා. ගස්සගෙන ගියා ඔන්න. :D
:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


ත්‍රෙඩ් එකට අදාල නැති උනත් මම තව එකක් කියන්නම්කෝ- ඊයේ ලැම්බෝගිනියක් ගැන කියලා වයිෆ් මල පැනලා කියනවා දැන් එකපාරක් ලැම්බෝගිනි පැදලා කරගත්ත හරිය මදිද කියලා .(බදින්න කලින් කුඩු වෙන්න හැප්පුනානේ බන්.ඔලුව වැදුනා ඇහැක් අප්සෙට් උනා කොන්ද අප්සෙට් උනා කකුලක් ඇබරුනා.:baffled: දැන්නම් අව්ලක් නෑ ඉතින් ) මම කිව්වා අම්මපා ඒ කතාවනම් ඇත්ත ඔය ලැම්බෝගිනිය හැප්පිලා ඔලුව වදින්න කලින් කෙල්ලෝ උන්නට බදින්න හිතුන්නෑ ඔලුව බිම වැදුනට පස්සේ තමා අදහස් වෙනස් වෙලා කසාදයක් කරගන්න ඕනේ කියල හිතුනේ ලැම්බෝගිනි පැදලා වෙච්ච හරිය හොදටෝම ඇති තමා කියල.. :lol::lol:


 
Last edited:

Gajan Malli

Member
Aug 29, 2015
23
7
0
ඉදුල් කන එකාට අපි බත් කනවා කිව්වොත් ඒකත් පොර ටෝකක්. ඔය පොරටෝක කියන එක අහන එකාට සාපේක්ශයි බන් හුගක් වෙලාවට:lol::lol:


Benz = ජර්මන් කාරයට වැරදිලා හදපු වාහන.. ඕනේනම් දිනපතා හාඩ්වෙයාර් එකක ගල් වැලි සිමෙන්ති අදින්න ගන්නත් පුලුවන්

ලැම්බෝගිනිය හොද කාර් එක මචෝ... උනක් හෙම්බිරිස්සාවක් කැස්සක් එහෙම ආවත් එයාර් ෆ්ලෝ සෙන්සරේ චෙක් කරපන් ඉස්සෙල්ලම.. වෙනනම් කිසි අව්ලක් නෑ
 

Gajan Malli

Member
Aug 29, 2015
23
7
0
දැන් defender එක තියන හින්ද පොඩි එකා බජාර් එකේ පොර වගේ ඉදී.. ඔය කාලේ ඔය වගේ සතුටක් නැතුව වැඩක් නෑ බන්.. එහෙම නැතුව පීඩනෙන් හැදිච්ච උන් මේකේ දාන කමෙන්ට්ස් පේනවනේ:lol::lol:
 

Gajan Malli

Member
Aug 29, 2015
23
7
0
මමනම් ජීවිතේටම එකම එක පාරයි බන් පොල් ගහකින්න් වැටිලවත් තියෙන්නේ. ඒ තමා අන්තිම පාර. ඒකනම් මදි නොකියන්න ලැබුනා..:(:(

මම සෝමාලියාවෙ පොල් වත්තක වැඩ බන්:)

මාස තුන හතරකට සැරයක් වගේ ලන්කාවට එව්වෙන්නේ. මුන්ගේ පොල් පැල හිටවන/ වලවල් කපන / පොල් කඩන තැන අනුව රස්සාව කරන තැන වෙනස් :) ලන්කාවෙත් ලාවට චූටි චූටි බිස්නස් එකක් කරනවා බන් පන කෙන්ද රැකගන්න:)
 

Gajan Malli

Member
Aug 29, 2015
23
7
0
කුකුලනේ මට වැඩට යන්න වෙනවා දැන්.. පොල් කඩන්න යන්න ඕනේ... පස්සේ දවසක සෙට් වෙමු...

ප්‍රතිවිරුද්ද, සමාන, එකග වෙන නොවෙන සියලු මත දාරී ෆාම්, ගම්, පොර, ඇටි, වලි කුකුල්ලු සේරටම ස්තුතියි !!

හොද සන්වාදයක් කලා, මට මාර ආතල්...
 
  • Like
Reactions: Dinushasankalpa

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    rofl8yi.gif