පුද්ගලිකයි රහසිගතයි 18+

ElaMans

Member
May 10, 2014
1,268
434
0
පුද්ගලිකයි රහසිගතයි 18+

මේ නූල දාන්න හිතුනෙ, අපේ ElaKiri යේ යාලුවන්ට කාටවත් කියාගන්න බැරි ප්‍රජනක සෞක්‍ය ගැටලු ගැන සාකච්ඡා කරන්නයි. විෂය ගැබුරු නිසා, පුලුල් පරාසයක ගැටලු සාකච්ඡා කරන්න පුලුවන්වෙයි කියලා හිතනවා. එලකිරියෙ ඉන්න වැඩ්ඩො ටිකට පුංචි ආරාධනාවක් කරනගමන් ම වැඩේට බැස්සා ඕං... :baffled:

මේක දිනුක කියලා යාලුවෙකුගෙන් ගත්ත ආටිකල් එකක්. ටිකක් හරිබරි ගස්සලා හැදුවා. පුක ඉරාගෙන ගහන්න කරුණු හොයනකොට තමයි ලැබුනේ. :D



ආරම්භයක් හැටියට කියන්නම් ප්‍රජනනය කියන්නෙ මොකක්ද කියලා. කලිං දැනං ඉන්න එක හොඳයිනේ...

ප්‍රජනනය කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කිරීම සඳහා ඇති ස්වභාවික ක්‍රියාවලිය කියලා කවුරුත් දන්නවා. ඒත් ඇයි මේ ප්‍රජනනය කියන ක්‍රියාවට දෙන්නෙක් සම්බන්ධ වෙන්නේ? ඇයි මේක මෙච්චර සංකීර්ණ?

දැනටත් පරිණාමයේ පහත් මට්ටම්වල ඉන්න ජීවීන් ඒ කියන්නේ ඔය බැක්ටීරියා වගේ අය එක්කෙනෙක් ලොකු වෙලා ලොකු වෙලා එක පාරට දෙකට බෙදිලා දෙන්නෙක් වෙන ප්‍රජනන ක්‍රම තියෙනවා. ඒ වගේම ඔය ගොඩක් ගස්වලත් තියෙන්නේ අතුවලින්, මුල්වලින් අළුත් පැළ එනවා. ඔය පෙම්වතියෝ ඉන්න(වදක භාරියෝ) අයට හිතෙන්ඩ පුළුවන් අනේ අපිටත් මේ විදිහට තිබ්බනං ලොකේ කොච්චර සොඳුරුයිද කියලා.

නමුත් මේකේ ගැටළු තියෙනවා. මොකද මේ වගේ සරළ ප්‍රජනන ක්‍රමයකින් බිහිවෙන අලුත් ජනිතයා මව් ජනිතයාට බොහෝම සමානයි. ඒ කියන්නේ හිතන්ඩ හිට්ලර් මේ විදිහට ලොකු වෙලා ලොකු වෙලා දෙකට බෙදුණානං හැදෙන්නේ ඒ වගේම උස, ඒ කටහඬම තියෙන, ඒ වගේම හිතන පතන දෙන්නෙක්. අනේ ෂෝක්නේ කියලා කට්ටියකට හිතෙන්ඩ පුළුවං. ඇත්තනේ නිකං හිතන්ඩ දීපිකා පදුකෝන්ලා සීයක් හමාරක් හිටියනං අපිටත් කණාවට හරි චාන්ස් එකක් එන්ඩ ඉඩ තියෙනවනේ නේද?

ඒ උනාට සමාජයක් විදිහට බලද්දි තමයි ගැටළුව එන්නේ.අපි හිතමු නිකං ළාදුරු වගේ ලෙඩක් ගැන. දැං බෙහෙත් තිබුණට ඔය රොබින් හුඩ් එහෙම බලපු අයට මතක ඇතිනේ ඒ ලෙඩ්ඩුංව සමාජයෙන් කොන් කරලා කැළේ මැරෙන්ඩ ඇරලා තිබ්බ හැටී. ළාදුරු ගත්තම සමහර මිනිස්සුන්ට ලෙඩේ හැදුනා. හැදිලා මැරුණා. ඒත් සමහරුන්ට ලෙඩ්ඩු ළඟින් ආශ්‍රය කළත් ලෙඩේ හැදුනේ නෑ .එහෙම උනේ මිනිස්සු එකිනෙකාට ජානමය වශයෙන් තරමක් වෙනස් නිසා. එකිනෙකා ඒ ඒ ලෙඩේට දක්වන ප්‍රතිරෝධය වෙනස් නිසා. බැරිවෙලාවත් මිනිස්සු ඔක්කොම එක වගේ වෙලා මොකක් හරි මාරාන්තික ලෙඩක් පැතිරුණානං ඔක්කොම චකබ්ලාස් තමයි. අන්න ඒ නිසා තමයි ජීවීන් පරිණාමයේදී තමන්ගේ ඊළඟ පරම්පරාවට තමන්ගේ ජාන මිශ්‍ර කරලා දෙන ක්‍රමවේදයක් ඇති උනේ.


දැං අපි යමු චුට්ටක් විතර ගැඹුරු කතාවකට. ඔය උ/පෙ වලට ජීව විද්‍යාව ඉගෙනගත්තු අයටනං මේ ගැන යම් අවබෝධයක් ඇති. අනිත් අයට එහෙම දැනුමක් ලැබෙන්නේ නෑනේ. එයාලම හොයා ගත්තොත් මිසක්. ඒක නිසා මම හැකිතරම් සරළව කියන්න බලන්නං.


මොනවද මේ ජාන සහ ඩී එන් ඒ කියන්නේ??

ඩී එන් ඒ කියන්නේ සරළවම කිව්වොත් එක්තරා විදිහක භාශාවක්. අපේ ඇඟේ තියෙන ගොඩාක් සෛලවල අපේ ශරීරය ක්‍රියාකළයුතු ආකාරය ගැන ලියවෙච්ච දත්ත ගොන්නක පිටපතක් ගානෙ තියෙනවා.

dna.gif

එතකොට මේ ඩී එන් ඒ අණුවේ වෙනස් වෙන්නේ ඇඩිනීන්, තයමීන්, ගුවැනීන් සහ සයිටොසීන් තියෙන අනුපිළිවෙල තමයි. ඉතින් මේවායේ පිළිවෙල වෙනස් වීමෙන් එක් එක් ඩී එන් ඒ කොටසින් දෙන පණිවිඩය වෙනස් වෙනවා. ඒ කියන්නේ හරියට අකුරු හතරක භාශාවක් වගේ. දැන් ඔය ඩී එන් ඒ අණුව ගත්තම ඒකේ පණිවිඩ ගොඩාක් අඩංගු වෙනවා. පුද්ගලයෙක්ගේ කොණ්ඩය කැරලි වෙන්ඩ ඕනෙද, කෙළිං වෙන්ඩ ඕනෙද, කොණ්ඩයෙ වර්ණය, ඇස්වල වර්ණය, නහයේ හැඩය, කණේ හැඩය, සමේ වර්ණය වගේ හැම ලක්ෂණයක්ම ගැන ම විස්තර අඩංගු වෙනවා ඩී එන් ඒ වල. ඉතින් ඒ එක් ලක්ෂණයක් තීරණය කරන ඩී එන් ඒ කොටසට තමයි ජානයක් කියන්නේ. සරළව කිව්වොත් ඩී එන් ඒ අණුව පොතක් වගේ තොරතුරු ගොඩක් තියෙන එකක්. ජානයක් කියන්නේ ඒ පොතේ එක දෙයක් ගැන විස්තර කරන පරිච්ඡේදයක්.

මේ ඩී එන් ඒ තියෙන්නේ අපේ ඇඟේ තියෙන සෛලවල තියෙන න්‍යෂ්ටිය කියන පරිපාලන මධ්‍යස්ථානයේ. ඔය හැම සෛලයකම මැද්දෙ තියෙන්නේ න්‍යෂ්ටිය තමයි. මේ න්‍යෂ්ටිය ඇතුලේ ඩී එන් ඒ අණු තියෙන්නේ ක්‍රෝමසෝම විදිහට එහෙම නැත්නං වර්ණදේහ විදිහට. ඩී එන් ඒ අණුව ප්‍රෝටීන් අණු එක්ක එක්ක එකතුවෙලා තමයි වර්ණදේහ කියන ව්‍යුහය හැදෙන්නේ. වර්ණදේහවල ඩී එන් ඒ අණුව ඔතලා ඔතලා හොඳට පැක් කරලා තියෙන්නේ. අපේ ඇඟේ සෛලවල මේ විදිහට වර්ණදේහ 46ක් තියෙනවා. කොච්චර හොඳට මේක පැක් කරලා තියෙනවද කිව්වොත් මේ ඇහැට පේන්නැති පුංචි සෛලයක් ඇතුලේ තියෙන වර්ණදේහ 46 තියෙන ඩී එන් ඒ අණු ටික දිග ඇරලා අරගෙන ඔක්කොම එක දිගට ගැට ගහලා බැලුවොත් මීටර් 1කට චුට්ටක් වැඩියෙන් දිගයි කියලා තමයි කියන්නේ.

chromosome.jpg

සාමාන්‍යයෙන් හැම මනුස්සයෙක්ගෙම තියෙන්නේ වර්ණදේහ 46ක් උනාට සමහරුන්ගේ මෙයිට වඩා වැඩි වෙන හෝ අඩුවෙන අවස්ථා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට යම් යම් අසාමාන්‍යතාවලට ඒවා හේතු වෙනවා.

මේ වර්ණදේහ 46 පුද්ගලයෙක්ට ලැබෙන්නේ ඒ පුද්ගලයාගේ මවගෙන් සහ ජීවවිද්‍යාත්මක පියාගෙන් කියන දෙන්නගෙන්ම. අම්මගෙන් 23කුත් තාත්තගෙන් 23කුත් විදිහට ලැබෙන මේ වර්ණදේහ යුගල් ඒ කියන්නේ දෙකේ ගොඩවල් 23ක් විදිහට සළකන්ඩ පුළුවං. මේ යුගල් 23න් 22ක් සාමාන්‍ය ශරීරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය යාමනය කරන්ඩ දායක වෙද්දි එක යුගලක් පුද්ගලයාගේ ලිංගය තීරණය කරන්ඩ දායක වෙනවා. ඒ යුගලට කියන්නේ ලිංග වර්ණදේහ කියලා.

ලිංග වර්ණදේහ ජාති දෙකක් තියෙනවා. X වර්ණදේහ සහ Y වර්ණදේහ කියලා. ගැහැනු අයගේ මේ ලිංග වර්ණදේහ යුගලම X වර්ණදේහ. පිරිමි අයගේ ලිංග වර්ණදේහ යුගලෙන් එකක් X වර්ණදේහයක්. අනික Y වර්ණදේහයක්.

අම්මගෙන් වර්ණදේහ 23කුත් තාත්තගෙන් වර්ණදේහ 23කුත් ලැබිච්ච හින්දා තමයි දරුවන්ට අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ලක්ෂණ තියෙන්නේ. ඔන්න 'අපිනං අපේ තාත්තා වගේ නෙමෙයිනෙ' කියලා කොමෙන්ට් දාන්ඩ එපා. පොඩ්ඩක් වටේ පිටේ ගෙවල්වල ඇවිදලා බලන්ඩ ඈ.

ඉතිං දැං මේ විදිහට වර්ණදේහ කළවං කරලා ළමයෙක් හදන්ඩනං ඉස්සෙල්ලාම වර්ණදේහ 23ක් තියෙන සෛලයක් හදාගන්ඩ ඕනෙ. ඊට පස්සේ අනිත් එක්කෙනාගෙත් එහෙම වර්ණදේහ 23ක් තියෙන සෛලයක් එක්ක මේක එකතු කරලා වර්ණදේහ 46ක් තියෙන සෛලයක් හදාගන්ඩ විදිහක් තියෙන්ඩ ඕනෙනෙ. අන්න ඒකට තමයි ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධති හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ පිරිමින්ගේ වෘෂණවලදිත් ගැහැනුන්ගේ ඩිම්බකෝෂවලදිත් වර්ණදේහ 46ක් තියෙන සෛල බෙදීමට ලක්කරලා වර්ණදේහ 23ක් තියෙන සෛල හදනවා.

ඊට පස්සේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ තියෙන අනිකුත් නාල, ග්‍රන්ථි සහ ශිෂ්ණය කියන කොටස් වෘෂණ ඇතුලේ හදපු ඒ වර්ණදේහ 23ක් අඩංගු ශුක්‍රාණුව ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ලබා දෙන්ඩ කටයුතු කරනවා. එතකොට ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ තියෙන යෝනි මාර්ගය ගර්භාෂය සහ පැලෝපීය නාල මේ ශුක්‍රාණුව ඩිම්බය කරා ගෙනියන්ඩ දායක වෙනවා.

ඩිම්බයක් සහ ශුක්‍රාණුව එකට එකතු වීම හෙවත් සංසේචනයෙන් පස්සේ වර්ධනය වෙන කළලය පොඩි කොලු පැටියෙක් හරි කෙලි පැටියෙක් හරි වෙනකන් ලොකුමහත් කරන්නේ ගර්භාශය ඇතුලේ. සති 40කට පස්සේ පොඩි එකා අම්මගේ යෝනි මාර්ගය හරහා එළියට ඇවිල්ලා කිරි ඉල්ලලා අඬන්ඩ ගන්නවා. ඔන්න ඔහොමයි වෙන්නේ ඈ...


දාන කෙහෙල්මලක් තේරෙන සිංහලෙන් ම දාපල්ලා... :D
 

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
මම හිතුවේ ළමයි හම්බවෙන්නේ උම්ම දුන්නම කියල :confused::lol:
Minion-Amazed.ico
බම්ප්
 
Last edited: