රජයේ විශ්ව ව්ද්‍යාලයකට යන කෙනෙක් ආඩම්බර වීම ඇත්තටම සාමාන්‍යය දෙයක් . මේක ප්‍රාථමික ගණයේ සත්ව ලක්ෂණයක් ඇත්තටම, ඉතින් මේ ගතිය සාමාන්යෙන් ඕනෙම කෙනෙක් ළග තියෙන දෙයක්. සමහර අය දැකලා ඇති ලොකු අං තට්ටු තියෙන ගොන්නු, බොහොම ආඩම්බරයෙන් එහාට මෙහාට යන හැටි සමහර සත්ව උද්‍යාන වල එහෙම. මේ ගොල්ලෝ එහෙම කරන්නේ තමන්ගේ රැලේ ඉන්න අයට ඒක පෙන්වලා රැලේ වැඩි තැනක් ලබා ගන්නයි ඉතින් මේ ගතිය මනුෂ්‍යයන් ලගත් තියෙනවා. ගොඩක් අය හරි කැමතියි සමාජයේ යම් කිසි හොද යැයි නම් දරාලා තියෙන දෙයක්
තමන් සතු කරගන්න ඒ වගේම ඒක අනෙක් අයට නැත්නම් ආඩම්බර වෙන්න. දැන් හිතන්න මෙහෙම උදාහරණයකට. කවුරු හරි ගන්නවා ඔලිම්පික් පදක්කම්. එතකොට එයා සාමාන්‍යය කෙනෙක් නම් එයාට හිතෙන්න පුලුවන් මෙහෙම , "අනෙක් අයට මේ පදක්කම ගන්න බැරි වුනා මේක නමුත් මම කොහොම හරි ගත්තා" , ඒ වගේම ආඩම්බරත් වෙන්න පුලුවන්. දැන් මෙහෙම හිතන්න හේතුව තමයි ඔලිම්පික් පදක්කම සමාජයේ හොද යැයි සම්මත වෙලා තිබිම සහා ඒක සීමිත
පිරිසකට පමණක් ලබා ගැනීමට හැකිවීම.
දැන් නරක දේවල් වලින් කවුරුවත් කැමති නෑ නේ පිළිගත් තැනක් ලබා ගන්න. කවුරුත් මම හිතන්නේ නෑ කැමති වේවි කියලා. පතාලේ රජේක් වගේ තියෙන පට්ටමක් ලබාගන්න (මෙතන නම් පතාලෙට සාපේක්ෂ ලෙස පිළීගත් තැනක්). නමුත් ඒ සාමාන්‍යය මිනිසෙක්ට සාපේක්ෂ ලෙස නමුත් පාතාලේ කෙනෙක්ට සාපේක්ෂ ලෙස පාතාලේ රජෙක් වෙනවා කියන එක ආඩම්බර වෙන්න පුලුවන් දෙයක්. ඉතින් මේක සන්ධර්භය අනුව සාපේක්ෂ වෙන දෙයක්.
ඒ වගේම කවුරුත් ආඩම්බර වෙන්නේ නෑ යම් කිසි දෙයක් ලේසියෙන්,පහසුවෙන් ලබා ගන්න පුලුවන් වෙන කොටත්. මැණික් හාරණ මිනිසෙක් මැණිකක් හම්බ වුනාම දැකලා ඇති නේ ආඩම්බර වෙන හැටි නමුත් කවදාවත් දැකලා තියෙනවද කලු ගල් ඇහිදින කෙනෙක් ආඩම්බර වෙන හැටි? නෑ නේ. ඉතින් යම් කිසි දෙයකට සමාජයේ පිළිගත් තැනක් තියෙනවා නම්, ඒක සිමීත පිරිසකට පමණක් සීමා වෙලා තියෙනවා නම් , ලබා ගන්න යම් පරිශ්‍රමයක් දරන්න ඕනේ නම් ගොඩක් වෙලාවට පුද්ගලයෙක් ආඩම්බර වෙන්න පෙළබෙනවා.මෙතනින් සමහර වෙලා වට "ලබා ගන්න යම් පරිශ්‍රමයක් දරන්න ඕනේ නම්" කියන දේ අනිවාර්යෙන්ම තියෙන ඕනේත් නෑ. දැන් සල්ලි කාර දෙමව්පියන්ගේ ළමයෙක් ආඩම්බර වෙන්න පුලුවන් තමන් ළග සල්ලි තියෙනවා කියලා නමුත් එයා සල්ලි හම්බ කරන්න මහන්සි වෙලා නැතුව වෙන්න පුලුවන්.
ඉස්සර ලංකාවේ ලක්ෂෙට කොඩි පවා දැම්මේ මේ හේතුව නිසයි, අද ගොඩක් පිරිමින් ඇග හදාගන්නෙත් මේ නිසයි, කාන්තාවෝ සුදු වෙන්න ලස්සන වෙන්න බලන්නෙත් මේ නිසයි. ඒ කියන්නේ ගොඩක් අය කැමතියි සමාජයේ පිළිගත් තැනකට එහෙම නැත්නම් පිළිගත් දෙයක් තමන් සතු කරගන්න විශේෂයෙන්ම ඒක සීමිත පිරිසකට සීමා වෙලා තියෙන
කොට මේ ගොල්ලෝ ආඩම්බරත් වෙන්න පෙළබෙනවා. දැන් අපි බටහිර ගත්තම ගොඩක් බටහිර අය සුදු හම තියෙන අය ඉතින් ඒ මිනිස්සු හමේ පාටට ආම්බර වෙන්නේ නෑ ඒ සමජායේ තුළ.නමුත් අපි ඉන්දියාවේ බැලුවම ඉන්දියාවේ සුදු හම තියෙන අයට හොද පිළිගැනීමක් ඉස්සර තිබුනා. මේක නිසාම තමයි කුල වාදේත් ආවේ. ඉන්දියාවේ සුදු හම තියෙන අය ගොඩක් වෙලවට පෝසත් අය (මම කියන්නේ ඉස්සර තත්වේ ගැනයි දැන් කුළ වාදේ ඉන්දියාවේ තහනම්), එතකොට සුදු
හම කියන එක පෝසත් අය අතර තිබුන දෙයක්, එතකොට ඒක පෝසත් බවේ සංකේතයක් වුනා, පෝසත් වෙන එක සමාජයේ පිළිගත් තත්වයක්. ඒ වගේම ඒක සීමිත පිරිසකට සීමා වෙලා තිබුන දෙයක් මේ නිසා මිනිස්සු ආඩම්බර වෙන්න ගත්තා. මේකම තමයි රජයේ විශ්ව විද්‍යාල වලට යන අයටත් තියෙන ලෙඩේ. විශ්ව විද්‍යාලයකට යන්න අමාරු නිසාත් සීමිත පිරිසක් එතනින් සමත් වෙන නිසාත්. මේ ගොල්ලෝ ආඩම්බර වෙනවා. ඉතින් අපි මතක තබා ගන්න ඕනේ. උස් තැන් දැක හැකිලෙන්න වත්, මිටි තැන් දැක පුම්පන්නෙවත් නැතුව. මාන්නය ඉවත් කරලා හැම දෙයක් දෙසම මධ්‍යස්ථව බලන්න.