පුනර්භවය ගැන සංවාදයක්
පුනර්භවය ගැන සංවාදයක් (තාර්කිකව සිතිය හැකි අයට පමණයි, කිහිපවරක් කියවන්න)
ගණිතඥයා විමසුම් සහගත බැල්මක් හෙළමින් අධ්‍යාත්මවාදියාට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
ජීවීන්ගේ සම්භවය ගැන ප්‍රධාන මත දෙකක් තිබෙනවා. පළමුවැන්න සර්වබලධාරී අයකු විසින් මැවීම් කරන ලද බව. දෙවැන්න සරල ජීවීන් මුලින් ඇති වී පසුව ඔවුන් සංකීර්ණ තත්වයන් කරා පරිණාමය වූ බව. මේ මත දෙකෙන් ඔබ පිළිගන්නේ කුමක්ද?
මම පිළිගන්නවා පරිණාමවාදය නිවැරදියි කියා.
හොඳයි, එයින් අදහස් වන්නේ ඔබ මැවුම් කරුවාගේ කාර්යභාරය ප්‍රතික්ෂේප කරනවා යන්නද?
ඔව්, මැවුම්කරුවෙකු සිටි බව පිළිගන්න අපහසුයි.
හොඳයි, ඔබ මරණින් පසු පැවැත්මක්, පුනර්භවයක් වැනිවූ දෙයක් ගැන විශ්වාස කරනවාද?
පුනර්භවයක් ඇති බව මට හොඳටම විශ්වාසයි. ගණිතඥයා සිය පෑන අතට ගෙන කඩදාසියේ යමක් ලියයි.
මේ බලන්න, අප සිතමු, දැනට මුළුමහත් සක්වල තුළම ඇති සියළුම ජීවමාන ජීවීන්ගේ සංඛ්‍යාව ' p ' කියා. මම මෙම අක්ෂරය තෝරා ගතේතේ “පාපකාරී“ යන්න කෙටියෙන් හැඳින්වීමට. හොඳයි, මේ අයගෙන් යම් ප්‍රමාණයක් මනුෂ්‍ය ආත්ම ලබාගෙන නිවන් අවබෝධ කර ගැනීමෙන් පසු නැවත ඉදපදීමෙන් මිදෙන බව පැවසෙනවා නේද? අධ්‍යාත්මවාදියා සෙමින් හිස සලමින් අනුමැතිය ප්‍රකාශ කරයි.
හොඳයි, එසේ නම් මේ දක්වා නිවන් මග අවබෝධ කර ගනිමින් සසර හැර ගිය අයගේ සංඛ්‍යාව ' N ' (නිවන්) කියා සිතමු. ඔහු දැන් නැවතත් පෑන කඩදාසිය කරා යොමු කරයි.
එතකොට M + N යනු එදා මෙදා සිටි සක්වලෙහි වූ මුළුමහත් ජීවීන්ගේ සංඛ්‍යාවයි.
ඔහු දැන් නැවතත් අධ්‍යාත්මවාදියා දෙස ඕනෑකමින් බලයි.
ඉදිරි අනාගතයේ දී තවතවත් මිනිසුන් යහපත් වෙමින් නිසි මග යමින් වඩ වඩා පිරිසක් නිවන් අවබෝධ කර ගනිමින් සසරෙන් නික්ම යන්නේ යයි සිතමු. එවිට ' M ' හි අගය අඩුවෙයි. ' N ' හි අගය වැඩිවෙයි. ඒ කොටස් වුවද M + N එකතු කළ විට ලැබෙන අගයෙහි කිසිදු අඩු වැඩිවීමක් සිදු වන්නේද නැත. තවත් වචන වලින් කිවහොත් M + N යනු නියත අගයකි. අපි එයට ' K ' යයි කියමු. M + N = K විඥානවාදියා විමසිලිමත් ලෙස බලා සිටියි. ගණිතඥයා නැවත සංවාදයට එක් වෙයි.
පුනර්භවය නිසා සිදුවන්නේ පවතින ජීවයක්, ආත්මයක් හෝ විඥානයක් වැනි වූ දෙයක් නැවත ඉපදීම හෝ ප්රතිසන්ධි වීම පමණක් නේද? මෙහිදී “රිසයිකල්“ වෙනවා මිස “බ්‍රෑන්ඩ්නිව්“ ඒවා ඇති වන්නේ නැහැ නේද?
අධ්‍යාත්මවාදියා නිහඬව බලා සිටියි.
හොඳයි, දැන් අප කල්පගනණක් ආපස්සට ගොස් මේ ආත්ම හෝ විඥාන වැනි ඒවා පටන් ගත් තැනටම යමු. එවිටද අපට K අගය එලෙසම හමු වෙනවා නේද? තත්වය එසේ නම් K අගය ඇති වුනේ කෙසේද? එය යම් සර්ව බලධාරියෙකුගේ නිර්මාණයක් ලෙස නොසැලකිය හැකිද? අධ්‍යාත්මවාදියා අහක බලා ගෙන සිටියා මිස පිළිතුරක් දුන්නේ නැත.
පිටපත - එස්. සේනාරත්න.
ආදර්ශය - පුනර්භවයත්, මැව්ම්කරණය වැනිම විහිලුවකි. යමෙක් පුනරභවයක් පිළිගන්නේ නම් ඔහුට මැව්ම්කරණය පිළිගැනීමට සිදු වේ. මිනිසා නැමැති දියුණු ජිවියා බිහි වී ඇත්තේ ඒක සෛලික ජිවීයාගේ සිට ජීවයේ පරිණාමයේ ප්‍රතිඵලයකින් මිස ආගමික පොත්වල ඇති විකාර වලින් නොවේ. මිනිසෙකුට කිසිසේත්ම පෙර භවයක් හෝ මතු භවයක් තිබිය නොහැක.