පුලුවන් නම් අස්කරන්න

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
පුලුවන් නම් අස්කරන්න

Upawasa-Asweema.jpg



රතන හිමියන්ගේ උපවාසයට සහ ඥාණසාරගේ තර්ජනයන්ට අනුව (ඊයේ දහවල් 12 ට පෙර අස්නොකළ හොත් රට පුරා ‘සැනකෙළි’ බලන්න පුළුවන් යයි පැවසීම) ඊයේ (02) රාත්‍රී නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිට බාර දුන්නා යැයි පළ වූ මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

සිද්ධිය වී ඇත්තේ මෙසේය.


හිස්බුල්ලා, අසාද් සාලි ආණ්ඩුකාරවරු සහ ඇමැති බදුර්දීන් අස්කළ යුතුය කියා ජනාධිපති උපදේශක රතන හිමි ඇතුළු තැන තැන ආරම්භ කරවන උපවාස වල පිටුපස සිටින්නේ අන් කිසිවෙකු නොව ජනාධිපති පල්ලෙවත්ත ගමරාළම ය. ඊට අපූරු සාක්කියක් වන්නේ ඥානසාර හිරෙන් එළියට ගැනීමට ජනාධිපති වෙනුවෙන් සිරගෙදරට යමින් තීරණාත්මක සාකච්ඡා කළ අයෙකු වූ අසාද් සාලි, අස්කළ යුතුය කියා ඥානසාර ම කියා සිටීමයි.
ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරු අස් කළ හැකි වුවද ඇමැති බදුර්දීන් අස්කළ නොහැකිය.
කෙසේ වෙතත් ජනාධිපතිගේ අරමුණ වෙනකකි. ඔහුට අවශ්‍ය වී ඇත්තේ රටේ යළිත් ජාතිවාදී ආගම්වාදී අස්ථාවරත්වයක් ඇති කර ඒ තුලින් ආණ්ඩුව ඉල්ලා අස්වන තැනට වැඩ සැලැස්වීම ය.
මේ තත්ත්වය අනුව කෙසේ වෙතත් හිස්බුල්ලා සහ අසාද් සාලි අලි අමාරුවක වැටී තිබේ. ඒ නම් ඉල්ලා අස්වුවහොත් ඔවුන්ගේ දේශපාලනය යලි ගොඩ ගත නොහැකි තැනකට වැටීම ය. ඒ අතරවාරයේ හිස්බුල්ලා සහ අසාද් සාලි ජනාධිපති හමුවූ කිසිදු අවස්ථාවක ජනාධිපතිවරයා ඔවුනට ඉල්ලා අස්වන්න යැයි කියා තිබී ද නැත.
මේ තත්ත්වය යටතේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක ඊයේ උදෑසන සිට හිස්බුල්ලා සහ අසාද් සාලි අමතමින් ‘ජනාධිපතිවරයා ලොකු අපහසුතාවයක සිටිනවා. ඒ නිසා ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙන්න’ යි දෙදෙනාටම පවසා ඇත. ඔවුන් පිළිතුරු දී ඇත්තේ ජනාධිපති අපෙන් එවැනි ඉල්ලීමක් කර නැති බවයි.

ඉල්ලා අස්වෙන්න බෑ, අස්කරන්න..


ඒ අතරවාරයේ සියළු දේශපාලන පක්ෂ වල සිටින මුස්ලිම් නායකයන්ගෙන් උපදෙස් පතා ඇති හිස්බුල්ලාට සහ අසාද් සාලිට ඔවුන්ගෙන් ලැබී ඇති පොදු උපදේශය වී ඇත්තේ මෙවැනි ජාතිවාදී තෙරපුමක් හමුවේ ඉල්ලා අස්වුවහොත් එය හිස්බුල්ලාගෙන් හෝ අසාද් සාලිගෙන් නතර නොවී අනෙකුත් මුස්ලිම් දේශපාලනඥයන් වෙතද හඹා එන බැවින් ජනාධිපතිට අස්කිරීමට ඉඩ දෙනවා මිස ඉල්ලා අස්නොවන ලෙසයි.
මේ අතර ඊයේ රාත්‍රී 7 ට පමණ හිස්බුල්ලා සහ අසාද් සාලි ජනාධිපතිවරයා හමුවී තත්ත්වය පහදා දී තමන් ඉල්ලා අස්නොවන නමුත් ජනාධිපතිවරයාට ඔ්නෑම අවස්ථාවක තමන් අස්කර වෙනත් අය පත් කිරීමට ඉඩ දෙන බව දැනුම් දී තිබේ. ඒ සාකච්ඡාවේ දී ද ජනාධිපතිවරයා දෙදෙනාට ඉල්ලා අස්වන්නැයි කියා නැත.

සාකච්ඡාව නිමා වීමෙන් පසුවද යලිත් වතාවක් මුස්ලිම් නායකයන් අසාද් සාලිගේ නිවසේ දී හමුවී තිබේ.
ඒ සාකච්ඡා යන අතරතුරදී රාත්‍රී දෙදෙනා අමතා ඇති ජනාධිපතිවරයා ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස දුරකථනය මගින් පවසා තිබේ. ඒ අවස්ථාවේ දී ද හිස්බුල්ලා සහ අසාද් සාලි පවසා ඇත්තේ ‘ප්‍රශ්නයක් නෑ ඔබතුමා අපව අස්කරන්න’ කියා ය. හිස්බුල්ලා ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදුන්නා යැයි ජනාධිපති ගේ අය විසින්ම පුවතක් පැල කර ඇත්තේ ඒ අවස්ථාවේ දී ය.

රනිල් ඉල්ලා අස්වන තැනට වැඩ සැලැස්වීම..

දේශපාලන ආරංචි මාර්ග අනුව ජනාධිපති ගමරාළගේ අරමුණ ඉතා පැහැදිලිවම මෙය රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉල්ලා අස්කරවීම දක්වා ගෙන යන සැලසුමක් බව හෙළි වී තිබේ.
අද දිනයේ මහනුවර දඹුල්ල ආදී ප්‍රදේශ වල උපවාසයන්ට සමගාමීව කඩ වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. තත්ත්වය බදාදා වන විට ආගම්වාදී ජාතිවාදී ගැටුමක් දක්වා පත් කරවීම සැලසුමයි. ඉන්පසුව ජනාධිපතිවරයා හිස්බුල්ලා සහ අසාද් සාලි අස්කරන අතර බදුර්දීන් අස් කරන්නැයි රනිල් වික්‍රමසිංහට බල කරනු ඇත. ඉන්පසුව ජාතිවාදීන් කැරළි ගසනු ඇත්තේ ‘බදුර්දීන් ආරක්ෂා කරන රනිල් පන්නා දමනු’ කියා ය.

එජාපය තුල අර්බුදය ගමරාළගේ වාසියට..

එක්සත් ජාතික පක්ෂය තුල රනිල් විරෝධයක් මෝදු වෙමින් තිබෙන අවස්ථාව බලා එය කරළියට නැංවීම ජනාධිපති ඇතුළු ජාතිවාදී කල්ලියේ බලාපොරොත්තුවයි. එක්සත් ජාතික පක්ෂය තුල රනිල් විරෝධයක් පැන නැග ඇත්තේ ඔහුව අගමැතිධූරයෙන් පන්නා දැමීමට හෝ ආණ්ඩුව අස්ථාවර කිරීමට නොව ඉදිරි ජනාධිපතිවරණයට රනිල්ට ජය ගත නොහැකිය යන්නත්, ඒ සඳහා ජය ගත හැකි පුද්ගලයෙකු දැන්ම තියා නම් කිරීමත්, ඒ පුද්ගලයාට සහ කණ්ඩායමට තම සංවිධාන කටයුතු කරගෙන යෑමේ පහසුව සඳහා දැන්ම තියා පක්ෂයේ වගකීම් බාර දිය යුතු ය යන්නත් ආදී කාරණා මූලික කරගෙන ය. නමුත් ජනාධිපති ගමරාළ එජාපය තුල තත්ත්වය තමාගේ වාසියට හරවා ගෙන තිබේ.
ජනාධිපති ගමරාළ හිරේ සිටි ඥානසාර එළියට ගත්තේ මේ ආකාරයෙන් රට ගිනිතැබීමට මිස අන් කිසිවකට නොවේ. රතන ද ඥානසාර ද දෙදෙනාම ‘ජනාධිපතිගේ මිනිස්සු’ ය. එපමණක් ‌නොව හිස්බුල්ලා සහ අසාද් සාලි ද 'ජනාධිපතිගේ මිනිස්සු' ය. හිරෙන් එළියට ගැනීමට පෙර “අනේ මට කෙසේ හෝ රනිල් එළවා දෙන්න” යැයි ජනාධිපති පිංසෙන්ඩු වුනා යැයි කියමින් ඥානසාර දැන් තැන් තැන් වල කයිවාරු කෙළී. එහි සත්‍ය අසත්‍යතාවය දන්නේ ඥානසාර සහ ගමරාළ දෙදෙනා පමණක් නමුත් රතන, ඥානසාර, සාලි, හිස්බුල්ලා ප්‍රධාන චරිත රඟන උපවාස නාටකයම ගමරාළගේ තිර රචනයක් බව නම් සත්‍යයකි.

බදාදා වන විට යළිත් ජාතිවාදී ප්‍රහාරයක්..

බදාදා වන විට යළිත් මුස්ලිම් විරෝධී ප්‍රහාරයක් සිදුවිය හැකි බව බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ. එය සිදුවිය හැකි ආකාරය පවා පවසා ඇත. ඉන් ප්‍රධාන වන්නේ එස්ටීඑෆ් කඳවුරු වලින් දුරස්ථ එනම් එස්ටීඑෆ් භටයින් ලඟා වීමට කාලය ගත වන ස්ථාන ඉලක්ක කර ප්‍රහාර ආරම්භ විය හැකි බවයි. පසුගිය 13-14 දිනවල කැරළි ඇතිවෙද්දී කැරළි මර්දනය සඳහා එක හෙළිකොප්ටරයක් අහසට එසැවීමට නියෝග නොදුන්නේ මන්දැයි ආරක්ෂක ප්‍රධානීන්ට ඇඟිල්ල දිගුවෙමින් තිබේ.

කෙසේ වෙතත් පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදය එකකි. ලංකාවේ දැන් පෙන්වන නාට්‍යය වෙනත්ම එකකි. එය මූලධර්මවාදී අන්තවාදී ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන්නක් මිස යටපත් කරන්නක් නම් නොවේ.


---------------------------
 

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,349
    113
    COLOMBO (News 1st) : නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා විසින් භාර ගනු ලැබූ බවයි.