පූතිගත්ත තිස්ස හිමි....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    පූතිගත්ත තිස්ස හිමි....

    1926871_631187003615292_1500370446_n.jpg


    උන් වහන්සේ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ පක්ෂි වැද්දෙක්ව බොහෝ පක්ෂීන් මරා විකුණමින් ජීවත් විය. එසේම පියාසර කරන්න නො හැකි සේ පක්ෂීන් ගේ කෙණ්ඩා ඇටත් පියාපත් ඇටත් කඩා ගොඩ ගසා තබයි. පක්ෂීන් කුණු වී ද යයි. මෙසේ සතුන්ට දුක් දුන් පවින් සසර බොහෝ දුක් විඳ නිවන් දකින ආත්මයේ දී ද ඇට සන්ධි වලින් ගැලවී කැඞී ගත කුණු වී එක් තැන් වී දුක් විඳින්න වූයේ ය. එබැවින් නිවන් දකින ජාති දක්වා ම මෙවන් පාප කර්ම නො කිරීමට අධිෂ්ඨාන කර ගනිමු.

    (ධම්ම පදට්ඨ කථා 199 පිට)

    වර්තමාන සමාජය විසින් කරනා අකුසලයන්හි ප‍්‍රතිඵලයන් කෙසේ වේදැයි උගත් බුද්ධිමත් ඔබ නුවණින් විමසා බලා පවින් වැළකෙත්වා!