ඒක දැන දැන ඇයි එහෙනං ප්රියයන් හදාගන්නෙ? ඕකෙන් තමයි අනන්ත සංසාරයක් දුක් විඳගෙන මේ එන්නෙ. මේ ලෝකෙ යම් ජාතියක් ඇති උනාද ඒ ඇති උනේ යම් හේතුවක ඵලයක් විදිහට. එහෙම ඇති උන ජාතියක් ධර්මතාවයට අනුව අනිවාර්යයෙන් ජරාවට මරණයට පත් වෙනව. එහෙම ස්වබාවයක් තියෙන ජාති ගැන අවිද්යා සහගතව් රාගයක්/කැමැත්තක් ඇති කරගත්තම, ඒක මම කරගන්න මගෙ කරගන්න කැමති විදිහට තියාගන්න උවමනාව ඇති වෙනවා. නමුත් කැමැත්තෙන් බැඳිලා ඉන්න සෑම ජාතියක්ම විපරිණාමයට පත් වෙනවා. ඒ කිව්වේ අකමැති ස්වාබවයට පත් වෙනවා. ඒක වලක්වන්න නොයෙකුත් දේවල් කලත් අවසානයේ වෙන්නේ ඒකමයි. ඔන්න එතකොට ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ක, දෝමනස්ස, උපායාස ගිනි ටික නැගෙනවා. උඹ ඔය අත් විඳින්නෙ ඔන්න ඔය ධර්මතාවය. ඕක හදාගත්තෙත් උඹමයි. පුසා ශෝක්, සැපයි, සාරයි, වටිනවා කියන අවිද්යා සහගත දෘෂ්ටියෙන් ඌ එක්ක බැඳිලා හදාගත්ත දුක් පොදිය තමයි ඔය. කැමැත්ත, ආදරය, සෙනෙහස, ... ඔය සියලුම දේවල් සත්වයාට සැප මුවාවෙන් දුක හදල දෙන දේවල්.