පෘථිවිය වැනි ’ජලගෝලයක්’ තියෙනවලු

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    පෘථිවිය වැනි ’ජලගෝලයක්’ තියෙනවලු

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ජලය හා ජලවාෂ්ප වැනි ද්‍රව්‍යයකින් සමන්විත වායුගෝලයක් වෙනත් ග‍්‍රහලෝකයකින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
    GJ 1214b ලෙස නම් කර ඇති මෙම ග‍්‍රහලෝකය, පෘථිවියේ අරය මෙන් 2.7 ගුණයක් විශාල නමුත් බ‍්‍රහස්පති වැනි ග‍්‍රහයන්ට වඩා කුඩා වන තාරකා විද්‍යාඥයින් කියා සිටියි.

    GJ 1214b ග‍්‍රහලෝකය මුලින්ම සොයාගනු ලැබුවේ 2009දී වුවද, එහි ජලය වැනි ද්‍රව්‍යයක් ඇති බවට සනාථ වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

    හබල් දුරේක්‍ෂය භාවිතා කරමින් ග‍්‍රහලෝක වල වායුගෝලයේ අඩංගු වායූන් පිළිබඳව විද්‍යාඥයින් වැඩිදුරටත් අධ්‍යයනය කරයි.

    මෙලෙස GJ 1214b ග‍්‍රහලෝකය සම්බන්ධව අනාවරණය වී ඇති කරුණු අනුව එහි අඩංගු ද්‍රව්‍ය ජලවාෂ්ප වලින් සමන්විත වායුගෝලයකට සමාන බව විiාඥයින් කියයි.

    මෙම ග‍්‍රහලෝකය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 200කට වඩා වැඩි විය හැකි යැයි විද්‍යාඥයින් තවදුරටත් අනුමාන කරන බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.


    Exoplanet_Comparison_GJ_1214_b.png


    full.jpg


    gj1214b.png

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 200කට වඩා වැඩි නම් කොහොමද ජලය තියෙන්නේ ? :rolleyes::rolleyes::rolleyes:
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 200කට වඩා වැඩි නම් කොහොමද ජලය තියෙන්නේ ? :rolleyes::rolleyes::rolleyes:

    ekane ban 100n passe washpa wenawane. 20 wenna athi 0kwadi wela thiyenne mama hithanne.