පෙට්‍රල් ෂෙඩ්..
මේ මචංල Sri Lankan Traffic Violations ෆේස් බුක් පේජ් එකින් ගත්ත පෝස්ට් එකක්
අලුත්ම පෝස්ට් එකක්, තාම දාල පැය 13යි

මේ මචංල Sri Lankan Traffic Violations ෆේස් බුක් පේජ් එකින් ගත්ත පෝස්ට් එකක්
අලුත්ම පෝස්ට් එකක්, තාම දාල පැය 13යි

පේරාදෙණිය හන්දියේ(ගම්පොළ පාරේ) ඇති ඉන්ධන පිරවුම් හළේ මල්ලිලාගෙන් පරිස්සම් වන්න.
අද(31) 9.45ට පමණ මගේ ඉස්කූටරයට පෙට්රල් ගහන්නට ගියා. එතකොට එතන බයික්, ත්‍රීවිලර් පිරිලා තිබුණා. පැන්ඩා කාර් එකක් ගම්පොළ පැත්තේ සිට ආවා. එයට ඉන්ධන මීටරේ පනෙන පරිදි නවත්තන්න ලැබුණේ නෑ. ඔවුන් රුපියල් 3000ක පෙටරල් ගහන්නැයි කිව්වා. නමුත් ගැහුවේ 1800ක. මට මේක පැහැදිලිව පෙනුණා. ඒ මම ඒ දෙස ඇහැ ගහගෙනම හිටි නිසයි. මම ඉස්කූටරයට පෙට්රල් ගසාගෙන අර කාර් එක හඹා ගොස් විස්තරේ කිව්වා.
මේ වැඩේ කාර් එකක ආපු කාන්තාවකට වෙනවා මම මීට කලින් දැක්කා. එදත් මා ඒ කාර් එක හඹා ගියත් ඇයව නවතා ගන්න බැරි උනා.
ඇයි මම මෙහෙම අවධානෙන් උන්නෙ? දවසක් මේක මටම උන නිසා. මගේ කාර් එකටත් දවසක් රුපියල්ල 2000 ක ගහන්න කිව්වම ගැහුවේ 1700ක. මේක මට කිව්වෙ අද මා කළා වගේම මා හඹා ආ මෝටර් බයිසිකල් මහත්තයෙක්.
එදා සිට මම එක්කෝ පේරාදෙණියෙන් පෙට්රල් ගහන්නෑ. නැත්නම් වාහනෙන් බැහැල හරි මීටරේ බලනවා. මම නිතරම පාවිච්චි කරන්නේ ඉස්කූටරයෙක් නිසා එච්චර ඉන්ධන හොරකම්වලට අහුවෙන්නේ නෑ.
එතන මේ වැඩේ වෙන්නෙ ඉතා සංවිධානාත්මකව. පොම්පය අරගෙන කාර් එක ළග එක මල්ලි කෙනෙක් පෙට්රල් ගහද්දි 1800 දි නවත්තන්න සංඥාව දුන්නෙ මීටරේ ළග මට පෙට්රල් ගහපු මල්ලි. ඔහු ටක්ගාලා 1800 මැකිලා යන්න මීටර් රිසෙට් කළා.
මේ වගේ වැඩ ඉන්ධන පොම්ප අසල නිතර වෙනවා. ඉන්ධන පිරවුම්හලේ සියලු දෙනාම මේ හොරකමට සම්බන්ධද? එතන තදබදයක් හදපු ත්‍රීවීල් කාරයොත් මේකෙ කොටස්කාරයොද?
පේරාදෙණියෙ ඉන්ධන පිරවුම් හළේ ඔක්කොම අය්යලා මල්ලිලා හොරු කියලා මට මේ අත්දැකීම් තුනෙන් කියන්න පුළුවන්. ඔවුන්ගෙන් පරිස්සම් වෙන්න.
මේ සටහන කැරකිලා ගිහිල්ලා ඉන්ධන පිරවුම්හලේ කට්ටියටත් දකින්න ලැබුණොත් කියන අදහසින් මම නම සහ තනතුරත් මෙහි ලියනවා. මේ ගැන ඕනැ තැනක සාක්ෂි දෙන්න මම සූදානම්.
ලියනගේ අමරකීර්ති
මහාචාර්ය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
Last edited:


. අල්ලගෙන වාඩිවෙලා හිටිය සෑහෙන වෙලා. ෂෙඩ් එකේ මැනේජර් ඇවිල්ල මට බොරේ දාන්ඩ හැදුවෙ. පස්සෙ මම පොලිසියට කෝල් කෙරුවම විනාඩි 5කින් විතර ට්‍රැපික් මහත්තුරු දෙන්නෙක් ඇවිත් වැඩේ විසඳුව. මීටරේ චෙක් කෙරුවම අවසාන සේල් එක වෙද්දි තියෙන්ඩ ඔ්නෙ ගාන හරියන්නෙ මම දුන්න 300 එක්ක. 


