පෙට්‍රල්_මිල යලි ඉහලට?

samantest12345

Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    පෙට්‍රල්_මිල යලි ඉහලට?

    "වැඩි වැඩියෙන් බදු, වයින්, චීස් වැනි විදෙස් ආහාරත් ඉවතට, තෙල් මිලත් යළි ඉහළට?" රුපියල රැකගන්න ආණ්ඩුවෙන් දැඩි ක්‍රියාමාර්ග, ජනතාවට පටි තද කරගන්න වෙයි!

    දිනෙන් දින කඩා වැටෙන ආර්ථිකය රැක ගැනීමටත්, අවප්‍රමාණය වෙමින් විනාශ වන රුපියල රැක ගැනීමටත් රජය නව ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සුදානම් වන බව කියවේ.

    මේ පිළිබදව අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ඩොලර් සංචිත රැක ගැනීම සදහා ඉදිරියේදී ආනයන සීමා කිරීමට සිදුවන බවයි. මේ සම්බන්ධයෙන් තමන් මුදල් ඇමතිවරයා සමගද සාකච්චා කල බවත් ඔහු සදහන් කලේය.

    මේ පිළිබදව අදහස් දක්වන මුදල් අමාත්‍ය මංගල සමරවීර මාධ්‍යයට පවසන්නේ චීස් වැනි ආහාර ද්‍රව්‍ය, වයින් වැනි විදෙස් මත්පැන් වර්ග හෝ ආනයනික මී හරකෙක් වැනි දෙයක් හෝ මිලට ගැනීම නවතා දමන ලෙසයි. හැකිතාක් දේශීය ආහාර වර්ග නිවසේදීම ආහාරයට ගන්නා ලෙසත් මුදල් අමාත්‍යවරයා පවසනවා. මේ අතර එලබෙන දහවෙනිදා නැවතත් ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක වන බවත් එයට සුදානම්ව සිටින ලෙසත් මුදල් ඇමතිවරයා ජනතාවට ප්‍රකාශ කළා.

    කෙසේ වෙතත් වත්මන් රජය එකළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලේ දේශීය කෘෂිකර්මාන්යෙන් නිපදවීමට වඩා ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම ලාභදායි ලෙසට උපකල්පනය කර බවත්, හිටපු මුදල් ඇමතිවරයා ජනතාවට සහල් ගොවිතැනෙන් ඉවත් වීමට කී බවත් එහි ඵලවිපාක අද රටම විඳින බවත් සමාජජාලා ක්‍රියාකාරිකයන් මේ පිළිබදව අදහස් දක්වමින් පවසා තිබුනා.


    උපුටා ගැනීම - http://nethgossip.lk/article/32088
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රෙට්ටල් 18 කින්
    ඩීසල් 10 කින්
    බූමිතෙල් 2 කින් ඉහල යනවාලු.... :cool::cool::cool::cool:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    PM-1.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Still lower than Mahinda's Era

    පවතින ආර්ථික අර්බුදය හමුවේ රථ වාහන ආනයනකරුවන් ඉදිරියේදී දැඩි අර්බුදයකට මුහුණපානු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

    මේ හේතුවෙන් මෙරටට වාහන ආනයනය කිරීම සීමාවී ඒවායේ මිළ ගණන්ද ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චි සඳහන් කළේ වාහන ලීසිං ලබා ගැනීමේ සියයට 70ක් තිබූ ප්‍රතිශතය දැන් 50% දක්වා අඩු කිරීම තුළ එක් පැත්තකින් වාහන මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවත් අනෙක් පැත්තෙන් වාහන අලෙවි සමාගම් කඩා වැටීමේ හැකියාවක් ඇති බවයි.

    හයිබි‍්‍රඞ් වාහන සඳහා කල් බදු පහසුකම් ලබා ගත හැක්කේ වාහනයේ වටිනාකමින් සියයට 50කට පමණක් බව මුදල් අමාත්‍යාංශය ඊයේ (29) නිවේනය කළා. මේ සම්බන්ධයෙන්ද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චි මෙලෙස අදහස් පළ කළා.

    එහිදී රටේ අභ්‍යන්තර වෙළඳාම අවහිර කිරීම නිසා රට තුළ මුදල් සංසරණය තවදුරටත් පහළ වැටී ආර්ථිකයට දැඩි හානි ඇති විය හැකි බවයි පෙන්වා දුන්නේ. ආනයන සීමා කිරීම අත්‍යාවශ්‍ය කටයුතුත්තක් වුවත් ලීසිං ලබාදීමේ 70%ව 50% ලෙස නියම කිරීම අනව්‍යශ ක්‍රියාවක් බවයි වැඩි දුරටත් සඳහන් කළේ.
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    වයින් බොන චිස් කන ජාතියක්ද බන් අපි.....ඔව අපෙ රටෙම හදන්ඩ ඔය තරම් අමාරුද?? දෙශිය කිරි ගොවියා රැක ගන්ඩ බලන්නෙ නෑ මුන් හෑම දෙම නතර කරනවා විටරයි එවට පිලියම් හොයන්නෙත් නෑ රටෙ ජනතාව අසරණ කරනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වයින් බොන චිස් කන ජාතියක්ද බන් අපි.....ඔව අපෙ රටෙම හදන්ඩ ඔය තරම් අමාරුද?? දෙශිය කිරි ගොවියා රැක ගන්ඩ බලන්නෙ නෑ මුන් හෑම දෙම නතර කරනවා විටරයි එවට පිලියම් හොයන්නෙත් නෑ රටෙ ජනතාව අසරණ කරනවා


    බත් කන හරක් ශින්හලු කියන්නේ
     
    • Like
    Reactions: thinking_guy