පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ඊයේ (09)රාත්‍රී 11.30 ට පමණ ගිනිතැබීම නිසා එම කාර්යාලයේ කොටසකට දැඩි හානි සිදුව තිබේ.
පේරාදෙණිය ගන්නෝරුව ගොරකදෙණිය මාර්ගයේ පිහිටි පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ මෙම කාර්යාලයේ නවාතැන් ගෙන සිටි පිරිස ඊයේ(09) කොළඹදී පැවැති විරෝධතාවයට ගොස් සිටියදී ගිනි තැබීම සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
ගින්නෙන් සිදුව ඇති හානි
එම කාර්යාලය අවට සිටි පිරිස් පොලිස් හදිසි ඇමැතුම් අංකයට කළ දැනුම් දීමකට අනුව පේරාදෙණිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භකර තිබේ, මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න පැතිර යාම පාලනය කර ඇත.
මෙම පක්ෂ කාර්යාලයට ගිනි තැබීම සම්බන්ධව අද (10) දහවල් වනවිටත් එම කාර්යාලයේ කිසිවෙකුගෙන් පැමිණිල්ලක් නොලැබුණු බවත් එසේ වුවත් හදිසි ඇමැතුම් අංශයට ලද පැමිණිල්ල මත විමර්ශනයක් ආරම්භකර තිබෙන බවත් පේරාදෙණිය පොලීසිය පවසයි.