පෙර දා සිහිනයේ වළප............

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අද ගොළු බිහිරිව සිටින කළ
හමා එන මුදු මද නල පහසට
සෝපාහාස-අපහාස
දරා හුරු දෙසවනට
දැමු අගුල් නොබිදෙයි.......

"අද ගොළු බිහිරිව සිටින කළ"
මුනිවත රකිමින් වැතිරිලා ඉන්නකොට... (අර දත් ගලවනකොට හාන්සි වෙලා ඉන්න පුටුවේ)

"හමා එන මුදු මද නල පහසට"
fan එකෙන් එන හුලන් පස්සපැත්තට වදිනවා... (මුනින් අතට ඉන්න කිඹුලාගේ)

"සෝපාහාස-අපහාස
දරා හුරු දෙසවනට"
බැනුම් අහලා පුරුදු ඇගේ.. (වැරදි කරනකොට කිඹුලගෙන් ම)

"දැමු අගුල් නොබිදෙයි......"
කොච්චර තද කරත් පෙට්ටිය කොකැඩේයි

:dull: :dull:
 
Last edited:

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    singing-crocodile-cartoon-illustration-funny-character-39538445.jpg
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නෙල්ලි ගෙඩියක් වගේ
    මිනිසුන්ගේ හිත රිද්දන්න එපා..

    බෝ සුභික්ෂ වූ
    සිහිනයක් සොයම්.....
    ..
    ..]

    :yes: :(

    අන්තිම එකේ වචං ත්රුම් ගන්න හෙන උත්සහයක් යෙදුවා

    බෝ සුභික්ෂ වූ
    කීවෙ මොකක්ද බං..?
    [FONT=&quot]
    [/FONT]

    සුභික්ෂ කියන්නේ "සුලබ වූ සික්ෂා ඇති" එහෙමත් නැත්නම් "බොහෝ සිල්වත්" කියන එක වෙන්න ඕනේ..
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    සෙල් මුවා හදවත
    රිදුම් දෙන මුත් වර වර
    ඔසු නොසෙව්වෙමි මග අසල
    මුදලට දෙවන ඔසු නොපැකිළව
    මා හද ඔසුව වල දමා ආ නියා දැන.....

    කවියේ බොහෝ දෙයක් මේ කොටසේ ගැබ් වෙලා තියනවා කියලයි මට දැනෙන්නේ.

    ගලක් වගේ ශක්තිමත් මගේ හිත රිදුනත් වරින් වර, ඒ රිදුම සුවපත් කරන්න කරන්න මම බෙහෙත් ගන්න යන්නේ නැහැ මග තොටේ ඇවිදලා. මගේ හිත සුවපත් කරපු නුඹව මට අහිමි කරපු හැටි මම දන්නවා, දෙවරක් නොහිතා ඔසුසල් වලින් මුදලට දෙන බෙහෙත් වලින්. මෙතනදී අදහස් කරන්නේ සිය දිවි හානි කරගැනීමක් නිදි පෙති වගේ දෙයකින්.

    අද ගොළු බිහිරිව සිටින කළ
    හමා එන මුදු මද නල පහසට
    සෝපාහාස-අපහාස
    දරා හුරු දෙසවනට
    දැමු අගුල් නොබිදෙයි.......
    ඒහි පස්සිකය නුඹට බැදි පෙම.........
    නුඹ නොපැමිණියාට.........
    නුඹ නොදුටුවාට...........

    ඒ වියෝගයෙන් පස්සේ දාහක් ඇනුම් පද අහපු, අගුළු දාගෙන ඉන්න මගේ ආත්මයට ලං වෙන්න, තවත් සියුමැලි හිතකට ඉඩක් නැහැ. ඇවිත් බැලුවොත් නුඹ දකීවි, නුඹට මගේ හිතේ තවමත් ඇති ආදරය, නුඹ නාවාට, නුඹ නොදුටුවාට...ඒ ආදරය විඳින්න ආයිමත් කවදාවත් එන්නේ කොහොමද නුඹ...මේ ජිවිතෙන්ම නුඹ යන්න ගිහින්...

    මම බොහෝ සිල්වත් වූ ඒ හීනය හොයනවා....

    මේ මම මේ නිර්මාණය වින්ද විදිය...මේකට බොහොමත්ම වෙනස් දෙයක් වෙන්න පුළුවන් ඔයාගේ අදහස...කොහොම උනත් ලස්සනයි...කවදත් කියනවා වගේ ටිකක් විතර බර වචන හරබය හන්දා නිර්මාණයේ තියන වේදනාව එළියට එන්නේ නැහැ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කවදත් කියනවා වගේ ටිකක් විතර බර වචන හරබය හන්දා නිර්මාණයේ තියන වේදනාව එළියට එන්නේ නැහැ... :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සෙල් මුවා හදවත
    රිදුම් දෙන මුත් වර වර
    ඔසු නොසෙව්වෙමි මග අසල
    මුදලට දෙවන ඔසු නොපැකිළව
    මා හද ඔසුව වල දමා ආ නියා දැන.....

    කවියේ බොහෝ දෙයක් මේ කොටසේ ගැබ් වෙලා තියනවා කියලයි මට දැනෙන්නේ.

    ගලක් වගේ ශක්තිමත් මගේ හිත රිදුනත් වරින් වර, ඒ රිදුම සුවපත් කරන්න කරන්න මම බෙහෙත් ගන්න යන්නේ නැහැ මග තොටේ ඇවිදලා. මගේ හිත සුවපත් කරපු නුඹව මට අහිමි කරපු හැටි මම දන්නවා, දෙවරක් නොහිතා ඔසුසල් වලින් මුදලට දෙන බෙහෙත් වලින්. මෙතනදී අදහස් කරන්නේ සිය දිවි හානි කරගැනීමක් නිදි පෙති වගේ දෙයකින්.

    සමජ ප්‍රශ්න , යුද්දෙකට උනත් යන්න පුළුවන් යකෙක් වගේ හිතක් තිබුනත්
    පට්ට විදියට දුකයි නේ මතක් වෙනකොට
    අදරේ කියන තැනදී හිත දුර්වලයි. එකයි රිදෙන්න්නේ

    මෙතන එයට ඕනි කොහෙන් හරි කෙල්ලෙක් නෙමයි
    අදරේ කරපු කෙනවමයි. ඒ හිතමයි.
    ඔය කියපු එක නෙමයි තරුම මම හිතන විදියට...
    මෙතන සල්ලිවලට ගන්න ඔසු කියල තියෙන්නේ
    මුදල් වලට ගන්න පුළුවන් ගැහැණු......

    අද ගොළු බිහිරිව සිටින කළ
    හමා එන මුදු මද නල පහසට
    සෝපාහාස-අපහාස
    දරා හුරු දෙසවනට
    දැමු අගුල් නොබිදෙයි.......
    ඒහි පස්සිකය නුඹට බැදි පෙම.........
    නුඹ නොපැමිණියාට.........
    නුඹ නොදුටුවාට...........

    ඒ වියෝගයෙන් පස්සේ දාහක් ඇනුම් පද අහපු, අගුළු දාගෙන ඉන්න මගේ ආත්මයට ලං වෙන්න, තවත් සියුමැලි හිතකට ඉඩක් නැහැ. ඇවිත් බැලුවොත් නුඹ දකීවි, නුඹට මගේ හිතේ තවමත් ඇති ආදරය, නුඹ නාවාට, නුඹ නොදුටුවාට...ඒ ආදරය විඳින්න ආයිමත් කවදාවත් එන්නේ කොහොමද නුඹ...මේ ජිවිතෙන්ම නුඹ යන්න ගිහින්...

    මම බොහෝ සිල්වත් වූ ඒ හීනය හොයනවා....

    මන් හිතන්නේ මිනිසුන්ගේ සම්ච්චල් කිරීම්., ඇනුම් පද වගේ වදන් ගණන් ගන්නේ නැහැ.
    මොකද මගේ ආදරේ දන්නේ මමම නිසා. දැක්කේ නැතත් නුබ ආවේ නැතත් ආදරෙයි තාමත්.
    මොකද ඔය සිද්දියේ එන කෙනා වෙන රටක හරි දුර බැහැරක හරි ඉන්නේ....

    මේ මම මේ නිර්මාණය වින්ද විදිය...මේකට බොහොමත්ම වෙනස් දෙයක් වෙන්න පුළුවන් ඔයාගේ අදහස...කොහොම උනත් ලස්සනයි...කවදත් කියනවා වගේ ටිකක් විතර බර වචන හරබය හන්දා නිර්මාණයේ තියන වේදනාව එළියට එන්නේ නැහැ...

    සුබික්ෂය කියන්නේ දුර්භික්ශ්යේ අනිත් පැත්ත කියලා මම හිතුවේ....
    එක ඇරෙන්න අනිත් ටික නම් ත්රුනා මට.
    කොච්චර තේරුනා කිව්වොත් කිබුලට බැන්නත් එක්ක:angry::angry:

    මගේ විදිමත් වැරදි වෙන්න පුළුවන්.
    එත් එක මම මට ඕනි විදියට ගලපගත්ත

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම කතා කරන භාෂවෙන් ලියලා තියෙන්නේ ඒගැන කණගාටුව
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මම කතා කරන භාෂවෙන් ලියලා තියෙන්නේ ඒගැන කණගාටුව

    ඒකට කමක් නැහැ මල්ලි. ඔයාගේ තේරුම් වඩාත් අදාලයි කියල මටත් හිතෙනවා. එත් ඒක එහෙම නම් "මුදලට දෙන ඔසු නොපැකිලව...මහද ඔසුව වල දැමූ නියා දැන" කියන තැනින් අදහස් වෙන්නේ එයාට තමන්ගේ ආදරය අහිමි වෙලා තියෙන්නේ මේ ගැහැණු ළමයා මුදලට විකෙනෙන තත්වයට පත් වෙලා ගිහින් තමන්ගේ ජිවිතයේ වටිනා කම නැති කරගෙන තියනවා වගේ දෙයක් කියලයි මට හිතෙන්නේ. මොකද නිර්මාණයේ මුලින්ම කියනවනේ "පරව ගිය මලක් ලග, පරව ගිය පෙම් සිත" කියලත්. ඒ කියන්නේ මේ ගැහැණු ළමය තමන්ගේ වටිනාකම නැති කරගෙන වගේ දෙයක්. ඔය පර වුනු වචනේ හන්ද තමයි මම girl මැරුන කියල කතාව හදා ගත්තේ. මොකද මේක දකින්න ටික වෙලාවකට කලින් මම ලිය ලිය උන්නේ මගේ vaccine research ගැන කතන්දරයක්. උන්නේ drugs and research mood එකක :D. කොච්චරද කියනවා නම් මට නිකම් වත් හිතුනේ නැහැ මුදලට විකිනෙන ගැහැණු ගැන කතන්දරයක් :D ඒ හන්ද ඔයාගේ පැහැදිලි කිරීම දැම්මට ස්තුතියි
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ape hith wala tiyena ewa ohoma katawath noterennath, terenna ona kenata vitarak terennath kiyaganna beruwa kochchara vidawanawada.... amaruwen kalekata kalin tikak liya gatta...

    dewrangi akkage pehedili kireema kiyewwata passe thamai yamak therune...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කියෙව්වා...

    තේරුණෙනම් නෑ...

    මොකක් හරි හොද තේරුමක් තියන දෙයක් වෙන්නෑති...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකට කමක් නැහැ මල්ලි. ඔයාගේ තේරුම් වඩාත් අදාලයි කියල මටත් හිතෙනවා. එත් ඒක එහෙම නම් "මුදලට දෙන ඔසු නොපැකිලව...මහද ඔසුව වල දැමූ නියා දැන" කියන තැනින් අදහස් වෙන්නේ එයාට තමන්ගේ ආදරය අහිමි වෙලා තියෙන්නේ මේ ගැහැණු ළමයා මුදලට විකෙනෙන තත්වයට පත් වෙලා ගිහින් තමන්ගේ ජිවිතයේ වටිනා කම නැති කරගෙන තියනවා වගේ දෙයක් කියලයි මට හිතෙන්නේ.

    මේකයි මම කියන්නේ මට ගලපනවා කියලා. මගේ අදහස වැරදි වෙන්න පුළුවන්

    එක නෙමයි කියලා තියෙන්නේ. නිල් පාට කරපු අදහස නෙමයි ලියවිලා තියෙන්නේ

    මට කෙල්ලක් හිටියා කලින්
    දැන් නැහැ

    මට එයා ගාවින් ඉන්න අසයි
    කතා කරන්න අසයි
    කිස් එකක් දෙන්න ආසයි
    එයාගෙන් ලැබුණු උනුහුමට, ලැබුන දේට ආසයි

    සරලව කිවුවොත්. කෙල්ලගෙන් හම්බෙච්ච් දෙවල්

    දැන් එයා නැහැ. එත් එය වෙනුවට මුදලට ගන්න පුළුවන් අය ඉන්නව. වෙන් කෙනෙක්ගෙන් පිරිමහගන්න පුළුවන් අඩුපාඩුවක් නෙමයි මට දැනෙන්නේ. මොකද ඒ හිත තමයි මට බෙහෙත. මගේ දුකට බෙහෙත.

    ඔසු නොසෙව්වෙමි මග අසල
    මුදලට දෙවන ඔසු නොපැකිළව

    මා හද ඔසුව වල දමා ආ නියා දැන.....

    රතුපාට- පාරේ යන අය දිහා, වෙන් ගැහැණු දිහා, ( මුදල්වලට යන ගැහැණු නෙවෙන්න්ත් පුළුවන්, වෙන කෙනෙක් හොයන්නේ නැහැ කියන එක අදහස් කරන්නේ)

    කොළ පාට- මට ඕනි බෙහෙත් තියෙන්නේ. එය ගව. එක විතරයි මට තියන ඔසුව. ඒ නිසා මේ තුවාල හොද වෙන්නේ නැහැ. හදවත් යකඩ උනත් තුවාල රිදෙනවා.

    කෙල්ල මුදල් පස්සේ ගිහින් ජිවිතේ නැති කර ගත්ත එකක් නෙමයි. මුදලට විකිනෙන කෙල්ලක් නෙමයි

    ප. ලි- මම මේ මගේ විස්තරයක් නෙමයි කිවුවේ. කිබුලා ලියලා තියන එක. මම මට කියලා යොදාගෙන තියෙන්නේ කිබුලාව,

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒකට කමක් නැහැ මල්ලි. ඔයාගේ තේරුම් වඩාත් අදාලයි කියල මටත් හිතෙනවා. එත් ඒක එහෙම නම් "මුදලට දෙන ඔසු නොපැකිලව...මහද ඔසුව වල දැමූ නියා දැන" කියන තැනින් අදහස් වෙන්නේ එයාට තමන්ගේ ආදරය අහිමි වෙලා තියෙන්නේ මේ ගැහැණු ළමයා මුදලට විකෙනෙන තත්වයට පත් වෙලා ගිහින් තමන්ගේ ජිවිතයේ වටිනා කම නැති කරගෙන තියනවා වගේ දෙයක් කියලයි මට හිතෙන්නේ. මොකද නිර්මාණයේ මුලින්ම කියනවනේ "පරව ගිය මලක් ලග, පරව ගිය පෙම් සිත" කියලත්. ඒ කියන්නේ මේ ගැහැණු ළමය තමන්ගේ වටිනාකම නැති කරගෙන වගේ දෙයක්. ඔය පර වුනු වචනේ හන්ද තමයි මම girl මැරුන කියල කතාව හදා ගත්තේ. මොකද මේක දකින්න ටික වෙලාවකට කලින් මම ලිය ලිය උන්නේ මගේ vaccine research ගැන කතන්දරයක්. උන්නේ drugs and research mood එකක :D. කොච්චරද කියනවා නම් මට නිකම් වත් හිතුනේ නැහැ මුදලට විකිනෙන ගැහැණු ගැන කතන්දරයක් :D ඒ හන්ද ඔයාගේ පැහැදිලි කිරීම දැම්මට ස්තුතියි

    පරව ගිය මල තමයි අවුල......
    පරව ගිය pem සිත් කියන්නේ නම්
    මු වෙන් කෙන්ක්ට අදරේ කරන්න බැරි තරම් බුට් එකේ රස බලලා
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ape hith wala tiyena ewa ohoma katawath noterennath, terenna ona kenata vitarak terennath kiyaganna beruwa kochchara vidawanawada.... amaruwen kalekata kalin tikak liya gatta...

    dewrangi akkage pehedili kireema kiyewwata passe thamai yamak therune...

    ඒක නම් ඇත්ත තමයි. නිර්මාණයකින් කරන්න පුළුවන් දේ ඉතාමත් ප්‍රභලයි. මම ලිව්වට පස්සේ ඒක quote කරලා Maxboys මල්ලි එයාගේ අදහසත් දාල තියනවා. මට හිතෙනවා ඒකත් සෑහෙන්න ගැලපෙනවා කියල.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    පරව ගිය මල තමයි අවුල......
    පරව ගිය pem සිත් කියන්නේ නම්
    මු වෙන් කෙන්ක්ට අදරේ කරන්න බැරි තරම් බුට් එකේ රස බලලා

    ඒක තමයි ඔයාගේ අදහසත් එක්ක පරව ගිය මල ගැට ගැහුවම මෙතන අනිවාර්යෙන් girl ගෙන් වැරද්දක් වෙලා තියනවා, එහෙම නැත්නම් එයාට වෙන කාගෙන හරි වරදක් සිද්ද වෙලා තියනවා. අපේ කතා නායකයා හීන් සැරේ girl ගෙන් මග ඇරලා ඇවිදින් දැන් පසු තැවෙනවා වගේ කියලයි මට පෙන්නේ. එයාගේ ආදරේ නිසි වග කිමකින් කරලා නැහැ. එතනින් එහාට අපේ කතා නායකයට තව දුරටත් ආදරය පුබුදුවගන්න බැරි වෙච්ච් හැඩක් තමයි තියෙන්නේ :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පරව ගිය මලක් ළග
    පරව ගිය මා පෙම් සිත
    වල දමා පැමිණියෙමි අතීතයේ
    සුවද දිය බිදු ඉස........

    විකාර ත්රුමක් කියන්නම්

    පරව ගිය මලක් ළග- අයිති කරගන්න බැරි කෙල්ලෙක්( හෝ වෙන කෙන්ක්ගේ කෙල්ලෙක් )
    පරව ගිය මා පෙම් සිත- දුක්වෙන සිත

    වල දමා පැමිණියෙමි
    අතීතයේ සුවද දිය බිදු ඉස........-

    මිනියක් වල දන්න කලින් සුවද දිය ඉහිනව නේද? අතීතයේ මිහිරි මතක සුවද දිය එයාගේ වලලන්න හදන
    ( අමතක කරන්න, ජිවිතේ එහෙම දෙයක් උනේ නැහැ කියලා හිත හදාගන්න හදන එක) ආදරෙටම දාලා.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පෙර දා සිහිනයේ වළප............

    [FONT=&quot]බොහෝ දුර ඇවිද ගිය කල්හි[/FONT]
    [FONT=&quot]මතක මං පෙත තුලට[/FONT]
    [FONT=&quot]නුඹේ සොදුරු වත මඩළ[/FONT]
    [FONT=&quot]පෙනී නොපෙනී යයි නිමේෂයකට.......[/FONT]

    [FONT=&quot]පරව ගිය මලක් ළග[/FONT]
    [FONT=&quot]පරව ගිය මා පෙම් සිත[/FONT]
    [FONT=&quot]වල දමා පැමිණියෙමි අතීතයේ[/FONT]
    [FONT=&quot]සුවද දිය බිදු ඉස..............[/FONT]

    [FONT=&quot]සෙල් මුවා හදවත[/FONT]
    [FONT=&quot]රිදුම් දෙන මුත් වර වර[/FONT]
    [FONT=&quot]ඔසු නොසෙව්වෙමි මග අසල[/FONT]
    [FONT=&quot]මුදලට දෙවන ඔසු නොපැකිළව[/FONT]
    [FONT=&quot]මා හද ඔසුව වල දමා ආ නියා දැන.....[/FONT]

    [FONT=&quot]අද ගොළු බිහිරිව සිටින කළ[/FONT]
    [FONT=&quot]හමා එන මුදු මද නල පහසට[/FONT]
    [FONT=&quot]සෝපාහාස-අපහාස[/FONT]
    [FONT=&quot]දරා හුරු දෙසවනට[/FONT]
    [FONT=&quot]දැමු අගුල් නොබිදෙයි.......[/FONT]
    [FONT=&quot]ඒහි පස්සිකය නුඹට බැදි පෙම.........[/FONT]
    [FONT=&quot]නුඹ නොපැමිණියාට.........[/FONT]
    නුඹ නොදුටුවාට...........

    [FONT=&quot]බෝ සුභික්ෂ වූ[/FONT]
    [FONT=&quot]සිහිනයක් සොයම්..........[/FONT]
    ~එළකිරියෙහි දත් කිඹුළා~

    හුදකලාව, අතීත මතකයන් තුල සැරිසරන විට, මනසින් ඔබව දකිමි...

    ප්‍රේමයේ විරහවෙන් වෙලී ගිය ඔබේ හදවතට, මගේ ආදරය, අස්වැසිල්ලක් හෝ කිසි වටිනාකමක් නොවිය. ඔබව අත්හලිමට ඔබගෙන් වෙන් වීමට සිදු විය... රිදුම් දෙන ආදරයේ වේදනාව සඟවාගෙන...

    මුළුමනින්ම අමතක කරන්නට වෙර දෑරුවද, අරමුණකින් මුක්තව අතීතයට සිත දිවෙන විටෙක ඈ සිහි වෙයි... දිවයයි සිත ඈ සමඟ සිටි අතීතය කරා... ප්‍රකම්පනයක් දැනුනද, වෙනකෙකු කෙරේ සිත නොනැමෙයි... ඔබට බැඳී ආදරයෙන් නොලැබුණු ඔබ නිසා..

    අදටත්, අහන්නවත් දකින්නවත් නැති ඔබ කෙරෙහි බැඳී පෙමින් අතීත මතකන්හි ගිලෙමින් සිටින මා සිතට මගේ ජිවිතයට වෙනත් අය පැමිණියත් ඔබට බැඳී පෙම බිඳින්නට එය සමත් නොවෙයි...
    සදාකාලිකය ඔබට බැඳී පෙම... යලි කිසි දිනෙක ඔබ නෙත නොගැටුනත්...
    සදාකල්හිම ඔබ සමඟ හිඳිමි අතීත සිහිනයන්හි පමණක් දකින ඔබ සමඟ...

    එවැනි හැඟීමක් වෙන කිසිවෙකුගෙන් නොලදිමි, නොදිටිමි... එවැන්නක් සොයමි...

    + + + + + + + + + + +

    ඔන්න ඔහොමයි ඕක මට තේරුනේ... :baffled:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනව වුණත් එක් එක් අය, තමන් ගේ විදපු සුඛ දුක්ඛ අත්දැකීම් එක්ක මේ නිර්මාණය ගණුදෙණුවක යොදවන බව මට පේනවා....
    එහෙම තමා නියම වින්දනය උපදින්නේ.......
    එක් එක් අය, තමන් ගේ අත්දැකීම් අනුසාරයෙන් විදින මානය වෙනස් වෙනවා. හරියට නියම විදිට කැපූ දියමන්තියක් එක් එක් කෝණ වලින් බලද්දී වෙන වෙන රටා උපදිනව වගේ........
    නිර්මිණයකින් විය යුත්තේත් එයමයි.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේ මම මේ නිර්මාණය වින්ද විදිය...මේකට බොහොමත්ම වෙනස් දෙයක් වෙන්න පුළුවන් ඔයාගේ අදහස...කොහොම උනත් ලස්සනයි...කවදත් කියනවා වගේ ටිකක් විතර බර වචන හරබය හන්දා නිර්මාණයේ තියන වේදනාව එළියට එන්නේ නැහැ...
    දෙයියොම දනී!!:dull:
    මම සම්භාව්‍ය පැරණි සාහිත්‍යය ආශ්‍රය කරන නිසා අදහස් උදහස් ගැලපෙන්නේ ඒ වචන වලින්.......
    මොනවා කොරන්නදෑ?:dull: