පේරාදෙණිය කැම්පස් 18+

JilbuwaT

Well-known member
  • Aug 3, 2015
    604
    383
    63
    පේරාදෙණියේ යන්න නම් බැරි උනා මොකක් හරි ක්‍රමයකින් ඔකේ msc වත් කරන්න යනවා , පහු කරලා යනකොට බඩ පපුව හෝස් ගාලා යනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    හිත ඇත්තං පත කුඩා ද රඹා.....
    මමත් හිටිය නේහ්....මමත් නොකරපු එකක්් තියේ නං කෙල්ලෙක් එක්ක ලවර්ස් ලේන් රිංගපු එක විතරයි. දේශපාලනේ කලා, හයික් ගියා, බැනර් පෝස්ටර් කටවුට් හැදුවා, රෑ එලි වෙනකං ස්ක්‍රින් පෝස්ටර් ගැහුවා, ලෙක්චර්ස් කට් කරල මල් පිපෙන කාලෙට ෆොටෝ ගන්න ගියා, කන් සාක්කු වල ට වැටෙන්න බිව්වා, ඉගෙනත් අරං වෘත්තීය උපාධියතකුත් ගත්තා...........
    විශ්ව විද්‍යාල විද්‍යාර්ථියෙක් කියන්නේ තියන සියළු ම දේ බැලන්ස් කරල කරන්න පුළුවන් වෙන්න ඕන එකෙක්.....

    මම එක පාරක් ගියා පේරාදෙණියට. හරිම ලස්සනයි. මම එකේ කොල්ලෙක්ගෙන් ඇහුවම කිව්වේ "මට නම් පේන අමුතු ලස්සනක් නැහැ කියල". සමහර විට දිගටම ඉන්න නිසා වෙන්න ඇති. මේ වගේ ලස්සනක් තියෙන ආයතන ලෝකේ තියෙන්නේ බොහොම ටිකයි.

    නේවාසිකාගාරවල කට්ටිය පිළිවෙලට ඉන්නවා. ඒවා නිකම් බංකර් වගේ. ශිර්ට් කලිසම් අතන මෙතන දමල නැහැ. බොහොම පිළිවෙලයි (අනිත් විශ්වවිද්‍යාලවලට සාපෙක්සව).

    අමාරුම වැඩේ තමයි උදේ පාන්දර පට්ට සීතල වතුරින් .....................

     
    LJKpgKq.jpg



    8bxAMCA.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවි කියන්න වරම් නැතත් මට සරසවියේ
    දුක කියන්න පුළුවන් මට නුඹේ පෙමට පෙවී

    නිසල සයුර වගේ දෑස කඳුළු සළනවා
    බිඳුණු පෙමට ලෝභකමින් තවම අඬනවා
    ඇඬුවෙ නැතත් විරහව මගෙ ලඟින් ඉන්නවා
    දුටුවෙ නැතත් හැම තිස්සෙම හිතට එබෙනවා

    ආලවන්ත අතීතයට හිත දිව යනවා
    නුඹ කොයිබද කියා සිතින් කරුණු සොයනවා
    යළි මා වෙත එනවා නම් කියා සිතෙනවා
    නුඹේ පෙමට වෙන්වුණු සිත තවම තියෙනවා