මම පොඩි කාලේ ගිය ඉස්කෝලේ ලග අච්චාරු කඩයක් තිබ්බ . එකේ famous එක තමයි දිවුල් කුඩු අච්චාරු එක.. රුපියලට දෙකට වගේ දෙන්නේ ගොට්ටක් . තව ගොඩක් දවස් වලට වෙරළු අච්චාරුත් තියනව .
අපේ ගෙදර තිබ්බ නෙල්ලි ගහක් . බෙහෙත් නෙල්ලි නෙවෙයි අනිත් එක . මම 2 වසරේ දී බිස්නස් එකක් කරන්න හිතල කඩේ අන්කල් කාරයට කිව්වා අපේ ගෙදර තියනව නෙල්ලි ගෙනත් දෙන්නද කියලා .. මූ කිව්වා ගෙන්න කියලා . මම ඉතින් ගෙදර නෙල්ලි කඩන්න හෙන මිෂන් එකක් දුන්න . ගහ තිබ්බේ වත්ත මායිමේ . පිටිපස්සේ නැන්දගේ ඉඩමට යන අඩි පාරක් තියෙන්නේ පැත්තෙන් . ගහට නගින්න බෑ .. ගහ උස වැඩි මම පොඩි වැඩි . මම පාරෙයි මායිමේ යි ගෙදර තිබ්බ පරණ සාරි එලලා නෙල්ලි ටික කැඩුව පොලු ගහල . ඉස්කෝලේ යද්දී උදේම ලොකු ෂොපින් එකකින් එකක් අරන් ගියා නෙල්ලි . කඩේ අරින්නේ හවසට .. පොර හිටිය උදේ . මම දුන්නා . සල්ලි ඇහුවම හවසට එන්න කිව්වා .
හවස යද්දී මූ ආරකින් තඩි බේසමක් ම නෙල්ලි අච්චාරු හදන් විකුනනවා . මම අනිත් පැත්තෙන් ගිහින් අච්චාරු වල සල්ලි ඉල්ලුව . .
මේ යකා මට රු 5ක් කොහෙද දුන්නා . මට මල පැන්නා .

... යකෝ මම හෙන ගේමක් දීල මේව කැඩුවේ . මම ගියේ නෑ . උගේ දිහා අවුලෙන් බලලා මෙච්ච්රද කියලා ඇහුව . අරු දාගෙන බිස්නස් කරනවා . තව රු 5ක් ද 2ක් ද කොහෙද දුන්නා ඒ පාර .
ආයිත් නම් කැරියට ජිවිතේට නෙල්ලි ගිහින් දුන්නේ නෑ ................

මම හෙන ලොකු ගානක් බලපොරොත්තු උනා මම හිතන්නේ නෙල්ලි බෑග් එකෙන් .