පොඩි කාලේ අහපු කතා

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    උඹල චුටි කාලේ අම්මල තාත්තල කියල දීපු එහෙම නැත්තම් මොන්ටිසෝරි එකේ උගන්නපු කතා මතකද?

    මට මතක එකම එක කතාවක පොඩි කෑල්ලක් විතරයි. පොඩි කාලේ මම නිදා ගන්න යනකොට තාත්තට කියනවා කතාවක් කියන්න කියල. එහෙම කියපු එක කතාවක කෑල්ලක් මතකයි

    එකේ ඉන්නේ ගිරවෙකුයි, ගොවියෙකුයි. කතාව තියෙන්නේ ගිරවා ගිහින් ගොවියාගේ වෙලේ තියන වී මල්ලෙන් හැම දාම එක ඇටයක් ගානේ අරගෙන එනවා.
    ඔන්න පලවෙනි දවසේ ගිහින් ඇටයක් අරන් එනවා
    ඊට පස්සේ දෙවැනි දවසේ ගිහින් ඇටයක් අරන් එනව
    ඊට පස්සේ තුන්වෙනි දවසේ ගිහින් ඇටයක් අරන් එනවා
    ඊට පස්සේ හතරවෙනි දවසේ ගිහින් ඇටයක් අරන් එනවා
    .
    .
    .
    .
    .
    ඔහොම ටිකක් කියාගෙන යනකොට තාත්ත නිකම්ම නිදි :lol:


    උඹලටත් මතක කතා මේකේ දාන්න
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Tired Baby GIF
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,020
    113
    ඔන්න පලවෙනි දවසේ ගිහින් ඇටයක් අරන් එනවා
    ඊට පස්සේ දෙවැනි දවසේ ගිහින් ඇටයක් අරන් එනව
    ඊට පස්සේ තුන්වෙනි දවසේ ගිහින් ඇටයක් අරන් එනවා
    ඊට පස්සේ හතරවෙනි දවසේ ගිහින් ඇටයක් අරන් එනවා
    .
    .
    .
    daraz eke dawasa gane gihin gem collect karanawa wage..
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අඩෝ මටත් මතක කතාවක් තියනව ඔහොම අපේ සීයා කියල දුන්නෙ මන් පොඩිම කාලෙ අවුරුදු 5 ක් වගේ ඇති මට..
    මන් කතාව අහන්න සීයලාගෙ කාම්‍රෙ ඇදට යනවා හැමදාම ඕකමයි කියන්නෙ ඒත් ආසයි. මන් කෙටියෙන් කතාව කියන්නම්..

    දවසක් දා සින්හයෙක් දඩයමේ යද්දි පොඩි මී වහු පැටියෙක් අල්ල ගත්තාලු..
    සින්හයා මූව මරන්න ලක ලැහැත්ති මී වහු පැටියා කියනවාලු "අනේ සිංහ හාමි මන් ඇග පතිනුත් කුඩයි..මාව මරල කන්න දෙයක් නෑ..මගෙ කනෙන් විතරක් කෑල්ලක් කන්න. මන් ලොකු උනාම ඇවිත් ඔබට ගොදුරක් වෙන්නම්..මගේ කනේ කොටසක් නැති හින්දා මන් ලොකු උනාම ඔබට මාව අදුරගන්න පුලුවන්" කියලා

    එතකොට සිංහයා කල්පනා කරනවලු "ඒ කතාවත් ඇත්ත" කියලා.. ඊට පස්සෙ සින්හයා මී වහු පැටියාගෙ කනෙන් කෑල්ලක් කාල යන්න අරිනවාලු..

    කාලය ගෙවිලා ගිහින් මේ වහු පැටියා ලොකු නාම්බෙක් වෙනවා..ඒ වෙද්දි සින්හයා වයසට ගිහින්..
    පොරොන්දු උන විදියට අර සින්හයාව හම්බෙන්න යන්න තියන දවස උදා උනාලු.
    මී නාම් බා දැන් යනවලු සින්හයා හම්බෙන්න.. සත්තු උනත් උන පොරොන්දු අමතක කරන් නෑ..
    සිංහයාට දැන් ගොඩක් වයස ගිහින් ශක්තිය හීන වෙලා කියල දැකපු මී නාම්බා කිව්වලු, " සිංහ හාමි ඔන්න මන් පොරොන්දු උන විදියටම ආවා.. ඔබතුමා ගොඩක් වයසට ගිහින්..මෙතන මාව මරාගෙන කන්න අමාරු වෙයි. මගෙ කරට වරපොටක් දාලා ඔබේ ගුහාවට අරන් යන්න" කියලා..

    "මගින් උබ පැනල ගියොත් ?" සින්හයා ඇහුවා.
    ඊට පස්සෙ මීමා කියනව හරි එහෙනම් වර පොටේ එක කොනක් මගෙ බෙල්ලෙ බදින්න අනික් පොට ඔබේ බෙල්ලෙ බැද ගන්න කියලා..
    ටික දුරක් යද්දිම කුලු මීමා සිංහයාව ඇදගෙන ගස් ගල්වල හප්පමින් දුවන්න ගන්නවා..

    එතකොට සින්හයා වේදනාවෙන් කෑ ගහ ගහ කවියක් කිව්වලු

    "පොඩි කොට නොකෑ කොට
    ලොකු කොට කන්න සිතු කොට
    මා අත වරද කොට
    ගස්ස ගස්සා නාකි කම්කොට"

    කතාව ඉවරයි..

    දැන් සීයා නෑ..😓
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඉස්සර අපේ තාත්තත් කතා කියනවා. හැමදාම කියන්නේ එකම කතාව. ඒකෙ තියෙන්නේ ගොවියෙක් කුඹුරක් කොටනවා එතකොට දවල්ට කෑම අරගෙන ගොවියාගේ ගෑනි එනවා. ඒ කෑම එකේ කරවල තෙල් දාලා, කොස් උයලා, රතු බත් තියෙනවා කියන ඒක විතරයි මතක. :baffled:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    මට කතා කියලා දෙන්නේ අපේ ආච්චි තමයි. උන්දැ හරි සීදේවි චරිතයක්. අපේ ආච්චිය දැන් හොඳ තැනක ඇති. ආච්චියෙ මට තාමත් මතකයි මම ඔයාව පඩි පෙලෙන් පහළට තල්ලු කරා ඔයාගේ අත කැඩුනා. මට සමාවෙන්න ආච්චියෙ පොඩි කාලේ නොදන්නා කමට කරපු වරදට. ❤️
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,338
    113
    ප*යාගල
    sorry.com
    සීය තමයි කතා කියන්නෙ. ඉස්සර රෑට මෙහේ නිතරම කරන්ට් යනව. කතාව නතර වෙන්නෙ හොල්මන් කතාවක් වෙලා. ගූ බයේ නිදාගෙන්නෙ ඊටපස්සෙ
     
    • Love
    Reactions: Candid-B

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    උඹල චුටි කාලේ අම්මල තාත්තල කියල දීපු එහෙම නැත්තම් මොන්ටිසෝරි එකේ උගන්නපු කතා මතකද?

    මට මතක එකම එක කතාවක පොඩි කෑල්ලක් විතරයි. පොඩි කාලේ මම නිදා ගන්න යනකොට තාත්තට කියනවා කතාවක් කියන්න කියල. එහෙම කියපු එක කතාවක කෑල්ලක් මතකයි

    එකේ ඉන්නේ ගිරවෙකුයි, ගොවියෙකුයි. කතාව තියෙන්නේ ගිරවා ගිහින් ගොවියාගේ වෙලේ තියන වී මල්ලෙන් හැම දාම එක ඇටයක් ගානේ අරගෙන එනවා.
    ඔන්න පලවෙනි දවසේ ගිහින් ඇටයක් අරන් එනවා
    ඊට පස්සේ දෙවැනි දවසේ ගිහින් ඇටයක් අරන් එනව
    ඊට පස්සේ තුන්වෙනි දවසේ ගිහින් ඇටයක් අරන් එනවා
    ඊට පස්සේ හතරවෙනි දවසේ ගිහින් ඇටයක් අරන් එනවා
    .
    .
    .
    .
    .
    ඔහොම ටිකක් කියාගෙන යනකොට තාත්ත නිකම්ම නිදි :lol:


    උඹලටත් මතක කතා මේකේ දාන්න
    ඇම්ඩාගේ කතා 😎