පොඩි කාලේ කරපු ගොන් වැඩ

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!

    Child Psychology කිව්වම එතන Western Life Style එකක් ගැන කියන්නේ නෑ. ඒකෙන් කියන්නේ ළමයින්ගේ මනස වැඩ කරන විදියයි. අපි ළමයාගේ මනස වැඩ කරන විදිය අවබෝධ කරගත්තම බය කරලා හදන්න ඕන නෑ.
    ඒක කාටත් පොදුයි. උබ ඔච්චරම Western දේවල් වලට අකමැති නම් West හදපු බඩු use කරන්නත් එපා, Medicine ගන්නත් එපා, මානසික ලෙඩක් හැදුනොත් මනෝවෛද්‍යවරයෙක් ළගට යන්නත් එපා මොකද ඔක්කොම West නේ. :P ලොල්
    උඹ කියන්නෙ දැං හැම දෙමව්පියෙකුටම Child Psychology උගන්නන්ට ඕනෙ කියලද..දෙමව්පියන්ගෙ ආදරෙත් එක්ක දෙමව්පියන්ගෙ තීරණ හැසිරවෙනව..ඒක ඊට වඩා ඵලදායකයි මචෝ...!
    west හදපු බඩු වල තත්වෙට රැවටිලා ඒ theories වල engineering part එකට සාපේක්‍ෂව තමා theories ultimate කියල පේන්නෙ..!
    ඒ උනාට ඒ theories වල ලොකු හිල් තියනව..west බඩු නැතුව දැං වෙන බඩු තියනවද..?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar96029_11.gif
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    උගත් වුන පළියට කිසිම එකෙක් හොද නෑ. මේ ළගදි අනුරාධපුර රෝහලක Toilet එකක Camera set කරලා මාට්ටු වුනේ Doctor කෙනෙක්. බලයෙන්, නිළයෙන්, තනතුරෙන්, පෙනුමෙන්, ජාතියෙන්, උගත් කමෙන් මිනිස්සු මනින්න බෑ. :P මම ළමයි හදන දවසට මම සුපිරියට හදනවා එක පාරක්වත් නොගහා. ඒකට තමයි Child Psychology කියලා විෂයක් තියෙන්නේ.

    මෙහෙම එකක් තියෙනවා සහෝ... උඔ මැරි කරලා වැඩට යනකොට ළමයව කොහේද තියලා තියන්නේ .. වයිෆ් එහෙමත් වැඩට යනවද ? එහෙම නැත්තං වයිෆ් උඔ දරණ මතේම නොදැරුවොත්.නොගහ හදන්න ඕනේ බෑ කියලා. ඒ කියන්නේ Child Psychology කියන විෂය ගැන නොදැන හිටියොත්.... සර්වන්ට් කෙනෙක් ගන්නවා නම් ළමයා බලා ගන්න ..ඒකි Child Psychology ගැන නොදැන හිටියොත්.... මේක කොහෙම කරන්නද බං :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    එච්චර ගැඹුරට ඉගෙන ගන්න ඕනේ නෑ බන්. ඌ කියන්න හදන්නේ බුද්දීමත්ව ළමයින්ගේ හැසිරීම් පාලනය කරන්න ඕනේ කියලා මට තේරුණු විදියට නම්. :yes::yes::yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේ සීන් එක උනේ මම 3 වසරේ ඉන්නකොට. ඒ දවස්වල කොල්ලන්ගේ කලාව තමයි කුණුහරුප බයිලා කියන එක. හැබැයි ඒවා වල තේරුම දන්නේ නෑ. දවසක් මම නංගිවත් ඇද උඩින් තියාගෙන කෝටු කෑලි දෙකකින් ටින් දෙකකට ගගහා බයිලා කියනවා "රේල් පාරේ මම යනකොට ටෙනිස් ගහනවා ටෙනිස් ගහන කෙල්ලන්ගේ බනිස් පේනවා" ඔය කෑල්ල කියනවත් එක්කම මාමා ඇවිල්ලා ගැහුවා කනට පාරක් මාව ඇදෙන් බිමට වැටෙන්නම.. එදා තේරුනේ නෑ කියපු කුනුහරුපේ මොකක්ද කියල. කාලයක් ගියාම තමා තේරුනේ සීන් එක.. හැබැයි එදා ඉදන් අද වෙනකුනුත් බයිලා කියලා නෑ.. :yes::yes:

    මම පවුලෙ ලොකු එකා..එතකොට මං පහේ..මට දවසක් අම්ම කිව්ව ලොකු උනහම තෝ තමයි පවුලෙ අනෙත් එවුං බලාගන්ට ඉන්නෙ කියල...ගත්කටටම මං කියපි මට බෑ ඔය හු**ලව බලන්ට කියල...ඒක කියල ඉවර උනහම මං නිකං වෙන ලෝකෙක ඉදල පියවි ලෝකෙට ආව වගේ උනා.....එතකොටම වගේ අප්පච්චි ආව belt එකත් අරගෙන..මගෙ වෙලාවට අප්පච්චිත් ගෙදර..වෙනද අප්පච්චි ගහනකොට බේරන අම්ම එදා බැලුවෙවත් නෑ...මං හිතන්නෙ පැයක් විතර දුන්න..නවත්ත නවත්ත ගැහුවෙ..මං හිතුව මං මළා තමා කියල..ඊට පස්සෙ මට මතක රෑ 8ට විතර බිම ඉඳන් නැගිටිනව..මගෙත් එක්ක අප්පච්චි මාසයක් විතර කතාකරේ නෑ...මට දැං 26යි..තාම මගේ පිටේ belt පාරක් තියනවා..හැබැයි කොච්චර කුණුහරප කිව්වත් ආය ගෙදරදි කුණුහරප කියවෙන්නෙ නෑ....!:love:

    :D Ado pathta machan
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපෙ අප්පච්චි කවදාවත් කුණුහරපයක් කියනව මට ඇහිල නෑ..බීලත් නෑ..අපෙ අම්ම ගුරුවරියක්...එහෙම එවුංගෙ මහ එකා පහේදි වැඩක්ම නැතිවෙලාවක කුණුහරුපයක් කිව්වහම ඕන විදිහට මට සැලකුව...අනික උබ අපේ ගෙදර වටේ හිටපු උන්ගෙ හැටි දන්නෙත් නෑනෙ..උඹ ඒකට කලබළ වෙන්ට ඕන්නෑ බං..අනික මට සිහි නැති උන්නෑ..
    උබ ළමයි හදන දවසට උබ ඔය විදිහට හදපං...
    අපේ ගෙදරින් මාව හැදුවෙ එහෙම..
    ඒක එක එක දෙමව්පියන්ට සාපේක්‍ෂයි..
    මම හැදුන..

    :yes::yes::yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අම්මෝ චාටර් සීන් නම් එමටයි බන්.ඔය 6/7 වසර වලදී අම්ම මට ගෙදරින් පිට ගිහින් කොල්ලෝ එක්ක සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ.මොකෝ එතන ඉන්න නරකාදියෝ ගැන අපේ ගෙදර අය හොදට දන්නවා.ඉතින් උන් එක්ක සෙට් වෙලා මමත් නරක් වෙයි කියල තමයි යන්න දෙන්නේ නැත්තේ (අපිට වඩා වැඩිමල් එවුන් තමයි ගොඩක්ම සෙට් වෙන්නේ,කුඩු කාරයෝ,ගෙවල් බිදින එවුන්,ජංගි හොරු තමයි ඉතින් ) කොච්චර එපා කිව්වත් මම හවස 3.30 වෙනකොට ගෙදරින් මාරු වෙනවා.අම්මට මල උපරිම.කනක් ඇහිලා ඉවරයි ගෙදර ආපු වෙලේ ඉදල.හැබැයි අම්ම තාත්තට කියන්නේ නැහැ ඔය සීන් කිසි දෙයක්.එදා දවසෙත් මම දවල්ට කාල එහෙම ශේප් එකේ මාරු උනා.එදා රෝන්දේ ගහල එනකොට හවස 7 විතර උනා.කැරිම සිද්දිය කියන්නේ අම්ම එදා ගෙදර දොර ඇරියෙ නැහැ.එදා අම්මට යකා ආවේස වෙලා.මට කිව්වා "උබ හිටපන් ඔහොමම එලියට වෙලා,තාත්ත ආවම තෝව ගෙට ගන්නේ,එයත් දැනගන්න ඕන උබේ කෙරුවාවල් " කියල.මගෙත් බොක්ක රත්වෙලා හිටියේ,අද නම් ලොවෙත් නැති වෙන්න ගුටි ෂුවර් කියල දන්නවනේ.පැය 1.30 ක් විතර හිටිය එලිය මදුරුවෝ මර මර.ඔන්න තාත්ත ගේට්ටුව අරින සද්දේ ඇහුණාම කලිසමේ ගූ ගියේ නැති ටික විතරයි.තාත්තට ක්ලික් උනා මම මොනාහරි සෙල්ලමක් දාල කියල.පස්සේ මමත් ගෙට රිංගුවා.අම්ම පුතාගේ ජාතකේ තාත්තට කිව්වා කොනක ඉදලම,මාත් හිටිය දත කට පූට්ටු වෙලා.කැරීම සයන්න කියන්නේ තාත්ත එදා කූල් මූඩ් එකක ඉදල තියෙන්නේ.මම හිටියේ ඒ ගොල්ලෝ හිටපු තැනට ලගින් තියන කාමෙරක.අන්තිමට තාත්ත කිව්වා "ඔය වයසට මුන්ගේ හැටි ඔහොම තමයි,වැඩිය තරවටු නොකර කියල හදාගන්න ඕකව" කියල. යන්තම් ගුටි නොකා බේරුනා. හැබැයි තව සීන් එකක් උන පස්සේ දවසක,එදා කන්න උනා මදි නොකියන්න.
     
    එල එල. මම නම් පොඩි කාලේ සෙල්ලම් කරන්න සෙට් වුණේ මගේ වයසේම කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්. ඒ නිසා අවුලක් වුණේ නෑ ගෙදරින්. උන් එක්ක මරාගෙන වලි දාගන්න එක තමයි අවුල වුණේ.
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මම ලොකුම ගොන් කමක් කරල මාට්ටු උනෙ 8 වසරෙදි.

    මම ක්ලාස් කට් කරනව කියල තාත්තට නිවුස් එක ගිහින්. මම ක්ලාස් යනව වගෙ ගෙදරින් යනව, සමහර දාට ඇත්තටම ක්ලාස් යනව. ඉදල හිටල ක්ලාස් කට් කරල සෙල්ලන් කරනව. ඒකටම ගැලපෙන යලුවො ටිකක් හිටිය. මෙහෙම කට් කරපු දවසක නිව්ස් එක ගෙදරට ගිහින්.

    ක්ලාස් ඇරිල වෙනද ගෙදර එන වෙලාවට මම ගෙදර ආව. කිසි අමුත්තක් තිබ්බෙ නෑ. තත්තා ඇහුව ක්ලාස් එකෙ මොනවද ඉගැන්නුවෙ කියල. මම මොකක් හරි බොරුවක් කිව්ව මතකයි. ඊට පස්සෙ තාත්තා පේර කෝටුවක් කඩන් ඇවිල්ල මාව බිත්තිය පැත්තට හරවල පස්ස පැත්තට ගැහුව තරු විසිවෙන්න. ඊට පස්සෙ මාව සාලෙ පුටුවක වාඩි කරවල අත් දෙක පිටිපස්සට කරල ගැට ගැහුව. මම ඇයි මේ කියල අහද්දි වචනයක්වත් කිව්වෙ නෑ. අක්කිල දෙන්න හිනා වෙවි මගෙ ලගින් යනව එනව, එකෙක්වත් මොකුත් කියන්නෙ නෑ. අම්ම එහෙම පලාතෙ අවෙ නෑ. දන්න සෙල්ලන් ඔක්කොම දාල ගලවගන්න බලුව, බැරිමතැන මම ඇඬුවා. පැය දෙකකට විතර පස්සෙ තත්තයි, අම්මයි, අක්කිල දෙන්නයි ආව මගෙ ලගට.තාත්ත ඊට පස්සෙ ඇහුව කොහෙද ගියෙ කියල. මම අඩ අඩම ඔක්කොම විස්තරෙ කිව්ව. ඊට පස්සෙ තමයි මාව ලෙහුවෙ. මට සෙල්ලන් කරන්න විදියක් තිබ්බෙ නැති නිසයි මම එහෙම කලෙ කියලත් කිව්ව.

    ඊට පස්සෙ තත්තට මගෙ ගැන දුක හිතෙන්න ඇති. මාව ශාලිකා ග්‍රවුන්ඩ්ස් වල ක්‍රිකට් ප්‍රක්ටිස් වලට දැම්මා. කලින් මට ස්විමින් යන්න අම්මා ඉඩ දුන්නෙ නෑ. එත් ඒ සතියෙම මට ඇදුම්, ගොගල්ස් ඔක්කොම අරන් දීල හැම සෙනසුරාදාම මාව පූල් එකට එක්කගෙන ගියා. අවන්කවම කියනවනම් ඊට පස්සෙ තමයි මම උනන්දුවෙන් ඉගන ගන්න පටන් ගත්තෙ. අද මම මොරටුවෙ ඉන්ජිනීරින්ග් කරන්නෙ. එ වගේම තාමත් ක්ලබ් එකක ක්‍රිකට් සෙල්ලන් කරනවා.

    මම කැම්පස් සිලෙක්ට් වෙච්ච දවසෙත් මෙ සිද්දිය කියල මාව නැති කෙරුවා. විලි ලැජ්ජාවෙ බෑ ඔව කියල චාටර් කරනකොට.

    මම හිතන්නෙ ලමයෙක්ට දඩුවම් කලා හෝ නොකලා හෝ ඒ ලමයගෙ ප්‍රශ්නෙට උත්තරෙ එන්නම ඔන. මම කරපු වැරැද්දට මට දඩුවම දීල වැරැද්ද නිසා වෙන හානිය තෙරුම් කරල දුන්න විතරක් නෙමෙයි මගෙ පැත්තෙනුත් මේක බලපු නිසා මෙක මට ලොකු ප්‍රශ්නයක් උනේ නෑ. එහෙම නොවුනනම් පොඩි කාලේ බයට හිටියට ලොකු වෙනකොට ඔක මම ඩබල් කරනව අනිවා ගෙමටත් එක්ක. එත් මට කිසිම තරහක් ඇති උනේ නෑ මට සම්පූර්න විසදුමක් ලැබුන නිසා.

    ගොන්කම් තව කොච්චර කෙරුවද ඉතින්. :ඩී
    ඉස්කොලෙදි එහෙම කරන තරමක් කෙරුවෙ ගොන් කම් නෙන්නම්. :පී

    කට්ටිය ඉතින් ලජ්ජ වෙන්නෙ නැතුව තමන්ගෙ අත්දැකීම් කියනවනම් මෙක බොහොම ලස්සන ත්‍රෙඩ් එකක් වෙයි.

    හැමෝටම සුභම සුභ අලුත් අවුරුදක් වෙවා ..!!
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මේ සීන් එක උනේ මං 5 වසරේ වගේ ඉන්නකොට. අපේ ගෙදර ලග සෝක් තැබිලි ගහක් තිබ්බ ඉස්සර. වැඩිය උස නෑ. එදා අපේ ගෙදර අය කොහෙද ගමනක් ගිහින්. මාව අත්තම්මලගේ ගෙදර නවත්තලා තමා ගියේ. අත්තම්මලගේ ගේ තියෙන්නෙත් අපේ ගෙදර ලගමයි. මාත් ඉතින් වැඩකුත් නැති නිසා ඔහේ ඇවිද ඇවිද හිටියා. මන් දැක්ක තැබිලි ගහ සෝක් එකට ගෙඩි පිරිලා තියෙනවා. මටත් ඒ දවස්වල අමුතු ආතල් තිබ්බේ. මට හිතුන තැබිලි ගෙඩියක් බොන්න තිබ්බනම් අඩේ මරු කියල. හදාගත්තා පරණ රෙදි කෑල්ලකින් වළල්ලක්. වට පිට බලල නැග්ග ගහට. මට හොදට ගස් නගින්න පුළුවන් පොඩි එකා උනාට. ඔන්න ඉතින් ගෙඩි දෙකක් විතර කඩල බිමට දැම්ම. ගහ උ ඉදන්ම වට පිට සිරි පොඩ්ඩක් නැරබුව. මෙන්න බොලේ අපේ බාප්පා කාරයා එනවා නිකන් යකා වගේ පොල්ලකුත් අරන්. මන් ගහ උඩ ඉන්නවා පොර දැකල. මටත් දෙය්යෝ සිහි උනා. මොකෝ ගහෙන් පනින්නයැ. මාත් ඉතින් ගොනා වගේ බැස්ස. බැහැපු ගමන් අරූ දුන්න නේද මගේ පුක රත් වෙන්න. මාත් ගුටියක් දෙකක් කාල දිව්වා නේද කකුල් දෙකට ඇති වීරිය දාල. පොර කොහේ අල්ලන්නද මාව. හොරෙන්ම අත්තම්මලගේ ගෙදරට පැනල හැංගිලා හිටිය. අත්තම්මයි නැන්දයි දෙන්නත් මට හොද දේශනාවක් දුන්න කන් දෙකේ ඇගිලි ගහගන්න. හවස් වෙලා ගෙදර අය ආවම මන් ආයෙත් හොද දේශනාවක් අහගත්ත.මමත් මීයා වගේ අහගෙන හිටියා. ගැහුවේ නම් නෑ. කඩපු තැබිලි ගෙඩි දෙක බාප්පා ගෙදරට ගෙනත් දුන්න. උබ ආයේ එහෙම ඔය වගේ තකතීරු වැඩ කරලා අහුවෙන්න එපා කියල මට පොඩි තර්ජනයකුත් කළා.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම ලොකුම ගොන් කමක් කරල මාට්ටු උනෙ 8 වසරෙදි.

    මම ක්ලාස් කට් කරනව කියල තාත්තට නිවුස් එක ගිහින්. මම ක්ලාස් යනව වගෙ ගෙදරින් යනව, සමහර දාට ඇත්තටම ක්ලාස් යනව. ඉදල හිටල ක්ලාස් කට් කරල සෙල්ලන් කරනව. ඒකටම ගැලපෙන යලුවො ටිකක් හිටිය. මෙහෙම කට් කරපු දවසක නිව්ස් එක ගෙදරට ගිහින්.

    ක්ලාස් ඇරිල වෙනද ගෙදර එන වෙලාවට මම ගෙදර ආව. කිසි අමුත්තක් තිබ්බෙ නෑ. තත්තා ඇහුව ක්ලාස් එකෙ මොනවද ඉගැන්නුවෙ කියල. මම මොකක් හරි බොරුවක් කිව්ව මතකයි. ඊට පස්සෙ තාත්තා පේර කෝටුවක් කඩන් ඇවිල්ල මාව බිත්තිය පැත්තට හරවල පස්ස පැත්තට ගැහුව තරු විසිවෙන්න. ඊට පස්සෙ මාව සාලෙ පුටුවක වාඩි කරවල අත් දෙක පිටිපස්සට කරල ගැට ගැහුව. මම ඇයි මේ කියල අහද්දි වචනයක්වත් කිව්වෙ නෑ. අක්කිල දෙන්න හිනා වෙවි මගෙ ලගින් යනව එනව, එකෙක්වත් මොකුත් කියන්නෙ නෑ. අම්ම එහෙම පලාතෙ අවෙ නෑ. දන්න සෙල්ලන් ඔක්කොම දාල ගලවගන්න බලුව, බැරිමතැන මම ඇඬුවා. පැය දෙකකට විතර පස්සෙ තත්තයි, අම්මයි, අක්කිල දෙන්නයි ආව මගෙ ලගට.තාත්ත ඊට පස්සෙ ඇහුව කොහෙද ගියෙ කියල. මම අඩ අඩම ඔක්කොම විස්තරෙ කිව්ව. ඊට පස්සෙ තමයි මාව ලෙහුවෙ. මට සෙල්ලන් කරන්න විදියක් තිබ්බෙ නැති නිසයි මම එහෙම කලෙ කියලත් කිව්ව.

    ඊට පස්සෙ තත්තට මගෙ ගැන දුක හිතෙන්න ඇති. මාව ශාලිකා ග්‍රවුන්ඩ්ස් වල ක්‍රිකට් ප්‍රක්ටිස් වලට දැම්මා. කලින් මට ස්විමින් යන්න අම්මා ඉඩ දුන්නෙ නෑ. එත් ඒ සතියෙම මට ඇදුම්, ගොගල්ස් ඔක්කොම අරන් දීල හැම සෙනසුරාදාම මාව පූල් එකට එක්කගෙන ගියා. අවන්කවම කියනවනම් ඊට පස්සෙ තමයි මම උනන්දුවෙන් ඉගන ගන්න පටන් ගත්තෙ. අද මම මොරටුවෙ ඉන්ජිනීරින්ග් කරන්නෙ. එ වගේම තාමත් ක්ලබ් එකක ක්‍රිකට් සෙල්ලන් කරනවා.

    මම කැම්පස් සිලෙක්ට් වෙච්ච දවසෙත් මෙ සිද්දිය කියල මාව නැති කෙරුවා. විලි ලැජ්ජාවෙ බෑ ඔව කියල චාටර් කරනකොට.

    මම හිතන්නෙ ලමයෙක්ට දඩුවම් කලා හෝ නොකලා හෝ ඒ ලමයගෙ ප්‍රශ්නෙට උත්තරෙ එන්නම ඔන. මම කරපු වැරැද්දට මට දඩුවම දීල වැරැද්ද නිසා වෙන හානිය තෙරුම් කරල දුන්න විතරක් නෙමෙයි මගෙ පැත්තෙනුත් මේක බලපු නිසා මෙක මට ලොකු ප්‍රශ්නයක් උනේ නෑ. එහෙම නොවුනනම් පොඩි කාලේ බයට හිටියට ලොකු වෙනකොට ඔක මම ඩබල් කරනව අනිවා ගෙමටත් එක්ක. එත් මට කිසිම තරහක් ඇති උනේ නෑ මට සම්පූර්න විසදුමක් ලැබුන නිසා.

    ගොන්කම් තව කොච්චර කෙරුවද ඉතින්. :ඩී
    ඉස්කොලෙදි එහෙම කරන තරමක් කෙරුවෙ ගොන් කම් නෙන්නම්. :පී

    කට්ටිය ඉතින් ලජ්ජ වෙන්නෙ නැතුව තමන්ගෙ අත්දැකීම් කියනවනම් මෙක බොහොම ලස්සන ත්‍රෙඩ් එකක් වෙයි.

    හැමෝටම සුභම සුභ අලුත් අවුරුදක් වෙවා ..!!

    Adk thaththa hamudaweda. Putuwe gatagahala paya ganak thiyana waden ona deyak ahagaththahaki :rofl: