පොඩි කාලේ කරපු ගොන් වැඩ

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    5 වසරේ ශිෂ්‍යත්වේ ලියල ඉවර වෙලා මම නැවතිලා හිටියේ නැන්දලයි ගෙදර. ඒ දවස්වල තිබ්බ game ගහන එකක් ඔය පින්තුරේ තියෙන ජාතියේ. ඕක ගත්තුම දවස්වල නිසා පිස්සු වැටිලා වගේ කන්නේ බොන්නෙත් නැතුව සෙනසුරාදයි ඉරිදයි පන්ති ගිහින් ඇවිත් ඕකෙම තමයි එල්ලිලා ඉන්නේ. එදත් දවල් පන්ති ගිහින් ඇවිත් ඒ ඇඳුම් පිටින්ම කන්නෙත් නැතුව ඕකේ game එකක් ගගහ හිටියේ.

    mr_9999_brick_game_9999_in_1.jpg

    ආච්චි කතා කළා නාන්න යන්න පල්ලේහා තියෙන ඇලට. මම කිව්වා මට බෑ කියලා. කොච්චර කිව්වත් මම නැගිට්ටේවත් නෑ. ආච්චිත් මම බෑ කියද්දිම මාව බලෙන් ඇදන් යන්න හැදුවා. මම බෑම කියල කෑ ගැහුවා. මගේ game එකටත් කෙලවුනා. බැරිම තැන මම කෑ ගැහුවා "මට බෑ හු**යේ " කියලා.

    "මොකක්ද උඹ ඒ කිව්වේ..." කියාගෙන නැන්දත් දුවගෙන ආවා. මට තේරුණා වැඩේ කෙලවුනා කියලා. මම දිව්වා වත්ත පල්ලෙහාට. "ඔහොමද උඹ ආත්තම්මට කතා කරන්නේ. හිටපන් මම තාත්තට කියනවා අදම" කියල නැන්දා කියනවා ඇහුනා දුවද්දී. මම දුවගෙන ගිහින් වත්ත පල්ලේහා තියෙන කොස් ගහකට නැගලා හැංගිලා හිටියා. මම බයවෙලා පපුව ඩිග් ඩිග් ගානවා හොඳටම. මීට කලින් කවදාවත් ඒ වගේ මම කතා කරල නෑ. අනික අපේ නැන්දත් හෙන නපුරුයි. තාත්තට කිව්වොත් ඉන්න හම්බුවෙන්නේ නෑ කියලත් දන්නවා.

    පැය බාගෙකට විතර පස්සේ නැන්දා ආවා ගහ ගාවට හිමින්.

    "බහිනවා ගහෙන්. එනවා යන්න ගෙදර" කියල කිව්වා. නැන්දගේ තරහ අඩුවෙලා. හිමින් කතා කලෙත්. මමත් කඳුළු පිහිදාගෙන බැස්සා. බහිනවත් එක්කම නැන්දා මගේ අතින් ඇදලා ගත්ත. කොටුවක් පිටිපස්සට කරන් ඉඳල තියෙන්නේ.නැන්දාගේ මූන යකෙක්ගෙ වගේ වෙලා. මගේ අතින් අල්ලාගෙන කෝටුවෙන් ගැහුවා හොඳටම. පස්සේ ආච්චි දුවගෙන ඇවිත් නැවැත්තුවේ ගහන එක. එතන පහල ඇලේ රෙදි හෝදන්න ආපු ඇන්ටිලත් දුවගෙන ආවා මම කෑ ගහන සද්දෙට. පස්සේ ආච්චිම මාව ඇලට එක්කන් ගිහින් ඇඳුම් ගලවලා දාල මාව නෑව්වා. මම නෑවෙත් අඬ අඬා. ඒ මදිවට අමු හෙළුවෙන්.

    එතන ඉන්න ගෑනු ඔක්කොටම දැන ගන්න ඕනේ වෙලා තිබ්බේ මම කියපු කුනුහර්පේ මොකක්ද කියන එක :P . ඒත් ආච්චි කිව්වේ මම නාන්න බෑ කිව්වා කියලා නැන්දා මට ගැහුවා කියලා. එතන ඉන්න ගෑනු ඔක්කොම බැන්නේ නැන්දට ඒක නිසා.

    bath.jpg

    එදායින් පස්සේ මට තාමත් කුණුහර්පයක් කියන්න හදද්දී ඔය සීන් එක මතක් වෙනවා තත්පරෙකට හරි. ඒ නිසා කියන්න කලින් දෙපාරක් හිතනවා කියනවද නැද්ද කියලා. මොනවා වුනත් දැන්නම් ඒ වෙච්ච දේවල් සුන්දර මතකයක්. නැන්ද මම ශිෂ්‍යත්වේ pass වුනාට මට බයිසිකලයකුත් අරන් දුන්නා 6 වසරේදී. ඒ නැන්ද නැතිවුණා මම A/L කරන කාලේ පිළිකාවක් හැදිලා. :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    උඹලටත් පොඩි කාලේ වෙච්ච මේ වගේ අමතක නොවෙන වලි දාගැනීම් (ගෙදර අයත් එක්ක) තියෙනවා නම් මෙතන දාපල්ලා.

    :lol::lol::lol:
    හොඳ වැඩේ තොට. හම ගහන්න තිබ්බේ.:baffled: ගොන්කම්නම් අනන්තයි. මතක් උනහම දාන්නම්.
    කලින් රෙප් දීලලු. :oo:
     
    • Like
    Reactions: JesonRulez

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පුංචි කාලේ නිවාඩුවට යනවා ලොකු අම්මලාගේ ගෙදර. අපේ ලොකු අප්පච්චි ටිකක් කන බොන මිනිහ. සිගරට් එහෙමත් බොනවා. දවසක් අපි හවස beach යන්න ලෑස්තිවෙලා උන්නේ අය්යල එක්ක. යන්න ලෑස්තිවෙලා ඉද්දි අනික් අය ලෑස්ති වෙනකම් මම සාලේ වාඩි වෙලා ඉද්දි දැක්ක ලොකු අප්පච්චිගේ සිගරට් පැකට් එක තියනවා. පැකට් එකේ තිබුනේ සිගරට් 3 යි.

    ලොකු අම්මගේ පුත්තු ඔක්කොඅ මට වඩා අවුරුදු 10ක් 15 ක් වැඩිමල්. ඒ වෙද්දීත් එයාල දෙන්නෙක් බැඳලා රස්සාවල් කරනවා. ඉතින් මම නිවාඩුවට එහෙ ගියාම මට ලොකු අයිය ගෙනත් දුන්න cap roll දාන තුවක්කුවක්.

    මගේ වයස ඒ වෙද්දී අවුරුදු 12ක් වගේ ඇති. එත් මට ඒ විද්දීත් ටිකක් ටෙක්නිකල් ඔලුවක් තිබ්බ. මම ලොකු අප්පච්චිගේ සිගරට් පැකට් එකෙන් එකක් අරන් දුම්කොළ හලලා මගේ cap roll තුවක්කුවෙන් caproll උණ්ඩයක් ඉරල අරන් සිගරට් එක පතුලටම දාල දුම්කොළ ටික අයෙත් තිබ්බ විදිහටම සිගරට් එකට පිරෙව්වා. පුරවල සිගරට් එක පැකට් එක ඇතුලට දාල තිබ්බ. මේ වැඩේ අපේ ලොකු අයිය බැඳපු අක්ක දැක්ක. මම විනොදෙට කරපු හින්ද මුකුත් කිව්වේ නැහැ. මම අය්යල දෙන්න එක්ක beach ගියා.

    ඒ අතරේ ලොකු අප්පච්චි හවස ඇඟ රත්වෙන්න දෙකක් දාන්න ගිහින් එද්දී සිගරට් එක පත්තු කරගෙන. caproll එක පුපුරපු පාර ලොක්කගේ රැව්ලත් පිච්චිලා. ලොකු අප්පච්චි මල පැනපු පාර ගිහින් සිගරට් ගත්තු කඩේ එකාට නෙලලා. අරන්චියට ගෙදර එවුන් පාරට දුවල තමයි ලොකු අප්පච්චි ගෙදර අරන් ඇවිත් තියෙන්නේ. අක්ක කියල වැඩේ කරේ මල්ලි කියල . එහෙම නොකිව්වනම් එදා අර අසරණ කඩ කාරය වල පල්ලට යනවා. අපි beach ගිහින් එද්දී ටික රැ වෙලා. ඒ කාලේ සෙල් ෆෝන් නැති හින්ද අක්ක පාරට ඇවිත් මග රැකන් ඉඳල අපිට පණිවිඩේ දුන්නේ දැම්ම ගෙදර එන්න එපා ලොකු අප්පච්චි නිදාගත්තම එන්න කියල. අපි තව රවුමක් දාල රෑ වෙලා ගෙදර ආව. කරපු ගොන් වැඩේට මට දඬුවමක්නම් ලැබුනේ නැහැ. පහුවදා ලොකු අප්පච්චි මා එක්ක කතා කරා. ඒ වෙද්දී කේන්තිය බැහැල.

    අද වෙද්දී ලොකු අප්පච්චි මේ ලෝකෙන් ගිහින් අවුරුදු 4ක් වෙනවා.
     
    • Like
    Reactions: \m/amila\m/

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බන්ටු;16101887 said:
    :lol::lol::lol:
    හොඳ වැඩේ තොට. හම ගහන්න තිබ්බේ.:baffled: ගොන්කම්නම් අනන්තයි. මතක් උනහම දාන්නම්.
    කලින් රෙප් දීලලු. :oo:

    උඹට වෙච්ච දේවලුත් දාපන්කෝ බන්. දැන් මම විතරක් තනියෙන් බයිට් වෙනවා මගේ ඒවා දාගෙන. :sorry::sorry: :P:P
     
    • Like
    Reactions: \m/amila\m/

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    උඹට වෙච්ච දේවලුත් දාපන්කෝ බන්. දැන් මම විතරක් තනියෙන් බයිට් වෙනවා මගේ ඒවා දාගෙන. :sorry::sorry: :P:P

    ඒකනම් ඇත්ත.:eek::sorry: උඹ පව් නිසා එකක් දාන්නම්. :P

    එකපාරක් තාත්තගේ කන්තෝරුවට යන්න අවස්තාවක් ලැබුනා. ඉතින් යන්න කලින් උපදෙස් මාලවකුත් දීලා ඉංග්‍රීසියෙන් ප්‍රශ්න 2-3 කුත් අහලා (what's your name? how old are you? වගේ) ඒවටකොහොමද උත්තර දෙන්නේ බලලා අඩුපාඩු හදලා එක්කන් ගියා. මටත් ඉතින් හරි සතුටුයි :D, ෆුල් kick එකේ යනවා. ඔන්න ගියා කියමුකෝ. ගිහින් වාහනෙන් බැස්සා. බැස්ස ගමන් තිබ්බේ ලොකු බුදු පිළිමයක්. ආයි ඇහිල්ලක් බැලිල්ලක් නෑ, ගැලෙව්වා සපත්තු දඩස් ගාල දන ගහලා වැන්දා :yes:. ටිකක් එහායින් හිටපු සික්කලත් අමුතු විදියට බලන් ඉන්නවා :oo:. අවුලක් නෑ කියලා කන්තෝරුව ඇතුලට ගියා. uncleලා, ඇන්ටිලා එකසිය ගානටනේ ;). හම්බවෙන හම්බවෙන එකාට දන ගගහ වැන්දා බන් :eek::sorry::nerd:. ඒ මිනිස්සුන්ටත් අවුල් යන්න ඇති. අනේ මන්දා පටි රෝල්. :baffled:
    ඒක වෙන්න ඇත්තේ මන් පොඩි කාලේ ගියපු ඉස්කෝලේ උගන්නලා තිබ්බේ වැඩිහිටියෙක් හම්බ උනොත් වඳින්න කියලා. එක අකුරටම ඉෂ්ට කරා. හැබැයි ආපහු කන්තෝරුව පැත්ත පළාතේ එක්කන් ගියේ නෑ.:no: අපරාදේ කියන්නේ අප්පච්චි බැන්නෙත් නෑ.:cool:

    ප ලි. පොඩි කාලේ ගොන් වැඩනම් අනන්තයි. මතක් වෙන විදියට කියන්නම්. :D
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බන්ටු;16101933 said:

    තාත්තා එපා කිව්වේ නැද්ද බන් කෙළවරක් නැතුව උඹ වඳිද්දී? මට මතක් වුණේ දඟයා cartoon එක. :D:D:D
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    තාත්තා එපා කිව්වේ නැද්ද බන් කෙළවරක් නැතුව උඹ වඳිද්දී? මට මතක් වුණේ දඟයා cartoon එක. :D:D:D

    ඒ වෙලාවේ මුකුත් කිව්වේ නැද්ද කොහෙද බන්. :D අප්පච්චිටත් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න ඇත්තේ. :growl: කන මිරිකන්නවත් බැරුව ඇතිනේ මිනිස්සු ඉන්න නිසා. :P
    (රෙපට තෑන්ක්ස් මචන්. පුළුවන් උනොත් දෙන්නම්. GT මොකක්ද කරන්න යනවලුනේ රෙප් system එකට :P)
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මම එක පාරක් ඉස්කෝලේ නිවාඩුවට අපේ නුවර මාමලාගේ ගෙදර ගිය අම්මලත් එක්ක. අපේ හද්ද පරම්පරාව ඒ කියන්නේ අම්මගේ සහෝදර සහෝදරියෝ උන්ගේ ළමයි නුත් ඇවිත් හිටිය එදා.
    මටත් මාර happy cousins ල සෙට් එකම එදා එහෙ :D
    අපි ඉතින් එක එක පිස්සු කෙලිනවා පුංචි දිවුල් ගෙඩි වගයක් ගෙනල්ලත් තිබ්බ
    අපි ඉතින් එතකොට පොඩි කොලු කුරුට්ටෝ මට වැඩිම උනොත් 9ක් 10ක් විතර ඇති
    අපි කරපු වැඩේ කතා වෙලා පාර අයිනේ මේසයක් තියල දිවුල් ගෙඩි විකුනන්න පටන් ගත්ත :P
    ඕක දැකල පුංචිද කොහෙද අපිට බැනල දිවුල් ටික අයෙත් අරන් ගියා
    ඊට පස්සේ ඉතින් පොඩි පොඩි සිඟිති අතල් අරන් අන්තිමට මන් කට්ටියට පොඩි idea එකක් දැම්ම මාමගේ වත්ත සුද්ද කරමු කියල :P
    අනිත් එවුන් උත් ගොන්නු වගේ ඔලුව වනල හා කිව්වා
    ඊට පස්සේ අපි ඉදල් ගෙනල්ල මිදුල අතු ගෑවා :P ගෙදර එවුනුත් මුකුත් කිව්වේ නෑ අපි හොඳ වැඩක් කරන නිසා :P අපිත් ඉතින් කට්ටියගෙන් ලකුණු දාගන්න අතු ගානවා :P
    ඔන්න දැන් හවස 6ට 7ට විතර ඇති ගෙදර එවුන් කිව්වා ඇවිත් ලෑස්ති වෙන්න කියල carnival එකක්ද මොකක්ද බලන්න :P
    අපිත් ඉතින් සුටුස් ගාල එකතු කරපු කොළ ටික එකතු කරලා ගිනි පෙට්ටියක් ගෙනත් ගිනි ගොඩක් ගැහුවා
    scene cone එක කියන්නේ වත්තේ හතර වටේම තියෙන්නේ pine ගස් :P
    ඊට පස්සේ ලෑස්ති වෙලා ගියා carnival එක බලන්න එදා එතන musical show එකක් තිබ්බ අපි තමයි එකේ ආරාධිත අමුත්තෝ :P
    අපිට ඉස්සරහම පෝලිමේ පුටු සෙට් එකක් තිබ්බ වැඩි වෙන්න:cool:
    ටික වෙලාවක් ගියාම මට පුටුවේ නින්දත් ගියා ඊට පස්සේ ටික වෙලාවකින් ගෙදර යන්න ලෑස්ති උන කස්ටිය එතකොට පාන්දර 2ටත් ඇති මත ඉතින් වාහනේ යන ගමන් අතල් එකේ නින්දක් ගෙන ගියා අම්මට සිරි ගෙදර ලං වෙද්දී මෙන්න හැමෝම කෑ ගහනවා ගින්නක් ගින්නක් කියල :baffled:
    බලින් නං මුළු වත්තම ගිනි ගන්නවා pipe line එකත් ගිනි අරන් බට උණු වෙලා ඒවගෙන් වතුර යනවා. අපිත් දැනගත්ත අද සම්බුව හම්බ වෙන්න යන්නේ කියල:sorry:
    පස්සේ වටේ ඉන්න මිනිස්සුත් ඔතනට වට වෙලා කොහොම හරි හෙන ගේමක් දීල ගින්න නිවා ගත්ත
    හැබැයි පුදුමේ කියන්නේ ගෙදර කව්රුත් අපිට බැන්නෙ නෑ අපිත් ඉතින් අහිංසක මුණ දාන් ඉද්දි කාටවත් බනින්න හිතෙන්නේ නැතුව ඇති :dull:
    අනිත් දවසේ අපිට කාත් එක්කවත් කතා කරන්නත් ලැජ්ජයි පස්සේ මාම ඇවිත් කිව්වා ඕව මොනවද පුතේ දැන් දුක් වෙන්නේ නැතුව ඉන්න කියල අපිට ඒ වෙලාවේ ඇඩෙන්න ආව:(
     
    • Like
    Reactions: බන්ටු

    ඉතින් ඇඩුවේ නැද්ද?? :P
    රෙප් - බොරු දානවට. :sorry:
     
    • Like
    Reactions: After_math

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මම එක පාරක් ඉස්කෝලේ නිවාඩුවට අපේ නුවර මාමලාගේ ගෙදර ගිය අම්මලත් එක්ක. අපේ හද්ද පරම්පරාව ඒ කියන්නේ අම්මගේ සහෝදර සහෝදරියෝ උන්ගේ ළමයි නුත් ඇවිත් හිටිය එදා.
    මටත් මාර happy cousins ල සෙට් එකම එදා එහෙ :D
    අපි ඉතින් එක එක පිස්සු කෙලිනවා පුංචි දිවුල් ගෙඩි වගයක් ගෙනල්ලත් තිබ්බ
    අපි ඉතින් එතකොට පොඩි කොලු කුරුට්ටෝ මට වැඩිම උනොත් 9ක් 10ක් විතර ඇති
    අපි කරපු වැඩේ කතා වෙලා පාර අයිනේ මේසයක් තියල දිවුල් ගෙඩි විකුනන්න පටන් ගත්ත :P
    ඕක දැකල පුංචිද කොහෙද අපිට බැනල දිවුල් ටික අයෙත් අරන් ගියා
    ඊට පස්සේ ඉතින් පොඩි පොඩි සිඟිති අතල් අරන් අන්තිමට මන් කට්ටියට පොඩි idea එකක්
    baya wenna epa bn ehema kiwwata punchige yati hithe podi kamaththak athi:yes::yes:
    poddak moll karala dipan:rolleyes:

    ඔය කියන පුංචිට මොල් කරලා උබ ගැහුවා නෙද? එකනෙ මෙ අනිත් උන්ට පුංචිලාට ගහන්න කියන්නෙ සක්කිලියා :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-

    උගත් වුන පළියට කිසිම එකෙක් හොද නෑ. මේ ළගදි අනුරාධපුර රෝහලක Toilet එකක Camera set කරලා මාට්ටු වුනේ Doctor කෙනෙක්. බලයෙන්, නිළයෙන්, තනතුරෙන්, පෙනුමෙන්, ජාතියෙන්, උගත් කමෙන් මිනිස්සු මනින්න බෑ. :P මම ළමයි හදන දවසට මම සුපිරියට හදනවා එක පාරක්වත් නොගහා. ඒකට තමයි Child Psychology කියලා විෂයක් තියෙන්නේ.

    මචං ඔය මොන සෙල්ලම දැම්මත් වැඩක් නෑ බං. හරියට හැදෙන එකාට ගැහුවාත් හැදෙනවා නොගැහුවාත් හැදෙනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :P අර ගෑණු ටිකත් දැක්කද බන් උබේ ජුන්ඩ? :rofl::rofl:

    පොඩි කාලේ එහෙම තමයි බන්. එතකොට මම 6 වසරේ හිටියේ යකෝ. තොපිට ළමා කාලයක් තිබ්බේ නැද්ද? එක පාරටම ලොකු වෙලාද ඉපදුණේ?

    :angry::angry::angry::angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං ඔය මොන සෙල්ලම දැම්මත් වැඩක් නෑ බං. හරියට හැදෙන එකාට ගැහුවාත් හැදෙනවා නොගැහුවාත් හැදෙනවා.

    ඔව් එත් හැම එකාම එහෙම නෑ බන්. සමහර එවුන්ට හොඳින් කිව්වට අහන්නෙම නෑ.