පොඩි පොඩි එව්වා ටිකක් {(a less than a million )little things}

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ලඟදි අපේ පොඩි එකී school library එකෙන් ගෙනාපු ග්‍රීක් මිතලොජි ගැන පොතක තිබුන labyrinth එකක් ගැන. Minotaur හිර කරලා තිබුණු place එක. ඒකත් Maze එකක්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    මෙහෙම දෙයක් උබලට වෙන්නේ නැද්ද. බස් එකේ හරි මොකේ හරි යනකොට ඉස්සරහා තියන එවා අපි දිහාට හේමිට එනවා වගේ පෙනිලා ලන් වෙලා පහු වෙද්දි හයියෙන් යනවා. ඉස්සරහා ඇතදි කියවන්න පුලුවන් බෝඩ් එකක් ඒත් ලන් වෙලා පහු වෙද්දී කියවන්න බැ.
     
    • Like
    Reactions: jamiezue and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මෙහෙම දෙයක් උබලට වෙන්නේ නැද්ද. බස් එකේ හරි මොකේ හරි යනකොට ඉස්සරහා තියන එවා අපි දිහාට හේමිට එනවා වගේ පෙනිලා ලන් වෙලා පහු වෙද්දි හයියෙන් යනවා. ඉස්සරහා ඇතදි කියවන්න පුලුවන් බෝඩ් එකක් ඒත් ලන් වෙලා පහු වෙද්දී කියවන්න බැ.
    එකම වේගයෙන් ගමන් කරාට දුර තියෙන වස්තුවකට වඩා ලඟ තියෙන වස්තුවක් අපිට පේන කෝණය වේගෙන් වෙනස් වෙනව. ඒකයි හේතුව.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~

    මේක හරි.මාත් හොයල බලද්දී දැනගත්තෙ මේකම තමයි. මේක තවත් පැහැදිලි කරොත්, (මම වීඩියෝ එකක් බලලා තමයි මේ විදිහට පැහැදිලි කරගත්තෙ.)
    sV.png

    ඕකෙ Q,R බලන්න..ඕකට කියන්නෙ කියලා Field of vison. ඕක මොන ලෝකෙ ගියත් ඔයාගෙ ඇහැට සමානයි. අර පෙට්ටිය තමයි ඔයාගෙ කාර් එක කියලා හිතන්න..එතකොට ඈත තියෙන්නෙ AB.. ලඟ තියෙන්නෙ CD . දැන් A ඉඳන් D දක්වා සමාන වේගෙකින් ඇඟිල්ල ගෙනියන්න. එතකොට ඔයාට පෙනෙයි AB ආවරනය වෙන්න ලොකු වෙලාවකුත් CD ආවරනය වෙන්න පොඩි වෙලාවකුයිත් යන්නෙ. ඇබැ‍යි අපේ ඇහැට පේන්නෙ ඔය දෙකම එකම Filed of vision එකෙන්.ඒකයි ඔයා කිව්ව වැඩේ වෙන්නෙ. ඉතාම හොඳ ප්‍රශ්නයක්.මම දැනගෙන හිටියෙ නෑ ඕක. මේකෙත් සමහර අය දැනන් ඉන්න නැතුව ඇති කියලා හිතනවා :love: :love: :love:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ලඟදි අපේ පොඩි එකී school library එකෙන් ගෙනාපු ග්‍රීක් මිතලොජි ගැන පොතක තිබුන labyrinth එකක් ගැන. Minotaur හිර කරලා තිබුණු place එක. ඒකත් Maze එකක්.
    Queen Pasiphae slept with a bull sent by Zeus, and gave birth to Minotaur, a creature half man – half bull. King Minos was embarrassed, but did not want to kill the Minotaur, so he hid the monster in the Labyrinth constructed by Daedalus (and his son Icarus) at the Minoan Palace of Knossos.

    According to the myth, Minos was imprisoning his enemies in the Labyrinth so that the Minotaur could eat them. The labyrinth was such a complicated construction that no one could ever find the way out alive.

    However, Theseus announced to King Minos that he was going to kill the Monster, but Minos knew that even if he did manage to kill the Minotaur, Theseus would never be able to exit the Labyrinth.

    Theseus met Princess Ariadne, daughter of King Minos, who fell madly in love with him and decided to help Theseus. She gave him a thread and told him to unravel it as he would penetrate deeper and deeper into the Labyrinth, so that he knows the way out when he kills the monster.
    Theseus followed her suggestion and entered the labyrinth with the thread. Theseus managed to kill the Minotaur and save the Athenians, and with Ariadne’s thread he managed to retrace his way out.

    Theseus took Princess Ariadne with him and left Crete sailing happily back to Athens.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මේක හරි.මාත් හොයල බලද්දී දැනගත්තෙ මේකම තමයි. මේක තවත් පැහැදිලි කරොත්, (මම වීඩියෝ එකක් බලලා තමයි මේ විදිහට පැහැදිලි කරගත්තෙ.)
    sV.png

    ඕකෙ Q,R බලන්න..ඕකට කියන්නෙ කියලා Field of vison. ඕක මොන ලෝකෙ ගියත් ඔයාගෙ ඇහැට සමානයි. අර පෙට්ටිය තමයි ඔයාගෙ කාර් එක කියලා හිතන්න..එතකොට ඈත තියෙන්නෙ AB.. ලඟ තියෙන්නෙ CD . දැන් A ඉඳන් D දක්වා සමාන වේගෙකින් ඇඟිල්ල ගෙනියන්න. එතකොට ඔයාට පෙනෙයි AB ආවරනය වෙන්න ලොකු වෙලාවකුත් CD ආවරනය වෙන්න පොඩි වෙලාවකුයිත් යන්නෙ. ඇබැ‍යි අපේ ඇහැට පේන්නෙ ඔය දෙකම එකම Filed of vision එකෙන්.ඒකයි ඔයා කිව්ව වැඩේ වෙන්නෙ. ඉතාම හොඳ ප්‍රශ්නයක්.මම දැනගෙන හිටියෙ නෑ ඕක. මේකෙත් සමහර අය දැනන් ඉන්න නැතුව ඇති කියලා හිතනවා :love: :love: :love:
    ඕකටම අදාල තව දෙයක් තමයි අපිට දෙයක් පේන විශාලත්වය තීරණය වෙන්නෙත් කෝණය මත. තව පැහැදිලි කරොත් එකම සයිස් කොටු හැඩැති වස්තු දෙකක් අරගෙන යම් දුරකින් තියල කොටුවෙ උඩ සහ යට ඉදන් සරල රේඛා දෙකක් අපේ ඇහැට යා කරොත් ඒ රේඛා දෙක අතර කෝණයට කියන්නෙ visual angle එක කියල. මෙන්න මේ visual angle එක තමයි අර කිවුව පේන විශාලත්වයට බලපාන්නෙ. දුර සහ විශාලත්වය කියන සාධක දෙකම මත මේ කෝණය වෙනස් වෙනව කියන එක obvious නෙ නේද. දුර තියෙන ලොකු කන්දකට වඩා ලග තියෙන පෙට්ටි කඩයක් ලොකුවට පේන්නෙ මෙන්න මේක හින්ද.

    VisualAngle2.png

    තව කිවුවොත් වස්තු දෙකක් අතර මේ visual angle එක යම් අගයකට වඩා කුඩා උනාම අපිට ඒක වස්තු දෙකක් කියල වෙන් කරල අඳුර ගන්න බැරි වෙනව. ටීවී එක ලගට ගියාම pixels වෙන් වෙලා පේන්නෙයි දුරට ගියාම තනි රූපයක් විදිහට පේන්නෙයි මේ නිසා. ඒ වගේම මොනිටර්, මොබයිල් ෆෝන් වගේ ඒවයෙ pixel density එක ටීවී වගේ දුර ඉදන් බලන ඒවට වඩා වැඩියෙන් දාලා design කරන්නෙත් ඒ හේතුව හින්ද.
     
    Thanks :love2:
     
    • Love
    Reactions: olu bakka

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    ඔන්න තව එකක්
    ඔන්න කිලෝ මීටර් 20 ක දුරින් ඉන්න යාලුවො දෙන්නෙක් දෙන්නෙක්. කෙලින්ම තමන්ගෙ යාලුවා ඉන්න පැත්තට බයිසිකලේ පදින්න පටන් ගත්තලු. මෙන්න මේ අතර එක බයිසිකලේක හැන්ඩල් එකේ ඉන්න මදුරුවෙක් අනික් බයිසිකලේ දිහාට පියාඹන්න ගත්තලු. මූ හැබයි පැයට කිලෝ මීටර් 18 ක වේගෙන් යනවලු. . අර යාලුවො යන්නෙ පැයට කිලෝ මීටර 10 ක වේගෙන්ලු. මේ මදුරුවා අර අනිත් යාලුවා පැත්තට ගිහින් ඒ හැඬල් එකේ වහලා අය මේ පැත්තට ඇවිත් අනික් යාලුවගෙ හැඬල් එකේ වහනවලු. ඉතින් මෙහෙම මෙහෙම යාලුවො දෙන්න මුන ගැහෙනකල්ම මේකා පියාඹනවලු. ප්‍රශ්නෙ, මූ කොච්චර පියෑඹුවාද
    Maduruwa palaweni rauma gahala eddi..
    (45/49)*18 = 16.53 km yanawa...
    U habai marila idi denna set weddi...anantha parak u maruwenna oone....😁🤣😂
     
    • Like
    Reactions: jamiezue

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    දෙවෙනි එක
    වොලිබෝලයක් බරයිලු කිලෝග්‍රම් 1 1/2 + එහි බරෙන් බාගයක්.. වොලි බෝලයේ බර කුමක්ද? කියන්න බලන්න උත්තරේ..හරි ලේසියි!!
    3kg

    අයිස් වලින් කාචයක් හදල කොළ කෑල්ලක් පත්තු කර ගන්නවා.
    ඔන්න මොළ..
     
    Last edited:
    • Like
    Reactions: NRTG and jamiezue

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    මෙන්න තුන් වෙනි එක.

    අර ගානට උත්තරේ 3යි..
    1.5 +X = 2X
    X = 1.5 ( baage)
    2x = 3 (mulu bara )
    රෙප්ලයි කරපු ඔක්කොටෝමයි බලපු අයටයි ස්තුතියි.
    යකඩ කිලෝග්‍රෑම් එකකිනුයි පුලුන් කිලෝග්‍රෑම් එකකිනුයි වැඩියෙන්ම බර මොකද්ද..මේක වෙනම පැත්තකින් බලලා යකඩ කිලෝ එක තමයි වැඩියෙන් බර කියන්නයි යන්නෙ. බර මයින්නෙ කිලෝග්‍රෑම් වලිනුත් නෙවෙයිනෙ. ඒ නිසා ප්‍රශ්නෙ තියෙන හරියටම නිරවද්‍ය නොවන කමින් ප්‍රොයෝජනයක් ගන්නයි යන්නෙ.
    අපි මේවගෙ බර කිරන්නෙ පොලොවෙදි කියලා අපි උපකල්පනය කරමු. කිරන්නේ තරාදියකින් කියලත් හිතමු. එතකොට අපි දන්න විදිහට යකඩ කිලෝ එකට පුලුන් වලට වගේ ඉඩක් යන්නෙ නෑ. මොකද ඩෙන්සිටි එක වැඩි නිසා.. අහලා තියනවද බයන්ට් බලය කියලා එකක්. මමත් අද තමයි ඇහුවෙ. සින්හලෙන් ඕකට කියන්නෙ වෙන මොකද්ද එකක් දැන් මතක නෑ. මෙම බලය ද්‍රව වලින් වගේම වාතෙයෙනුත් ඒමත තියෙන වස්තූන්ට ඉහලට යෙදෙන බලයක්. ඒක සමාන වෙනවලු එම වස්තූන් වලින් විස්තාපනය කෙරෙන වාතයේ හෝ ද්‍රවවල ස්කන්ධයට. දැන් ඔයාලට තේරෙන්වා ඇති යකඩ වලට වඩා පුලුන්ව ලට උඩට යෙදෙන ප්‍රතිරෝදය වැඩි බව. එතකොට ඒක අඩුවෙලා එද්දී.. යකඩ වල බර ටිකාක් වැඩි වෙනවා පොලොවෙදී. මේකට විරුද්දව අදහස් හා නිවැරදි කිරීම් කොටාගෙන යන්න..
    ඔය කතාව මම අහලා තියෙන්නේ මෙහෙම. දැන් ලී ටොන් එකකුයි, යක්ඩ ටොන් එකකුයි සලකලා බලනකොට,ඒ දෙකම වතුරට දාලා විස්ථාපනය වෙන ඒ කියන්නෙ එළියට එන වතුර වල බර බැලුවාම යකඩ එක බර වැඩියි කියලා.
     
    • Like
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඔය කතාව මම අහලා තියෙන්නේ මෙහෙම. දැන් ලී ටොන් එකකුයි, යක්ඩ ටොන් එකකුයි සලකලා බලනකොට,ඒ දෙකම වතුරට දාලා විස්ථාපනය වෙන ඒ කියන්නෙ එළියට එන වතුර වල බර බැලුවාම යකඩ එක බර වැඩියි කියලා.
    ඔව් මචන් . එය විස්ථාපනය කතාව වතුරෙදි වගේම වාතයේදි ලූත් වලන්ගුලු.. මම හරියට දන්නෙ නෑ හැබැ‍යි. Thanks !

    ඔන්න ඊලඟ එක
    ඔන්න පූසො තුන් දෙනෙක් මීයො තුන්දෙනෙක් විනාඩි 3 කදි අල්ලනවලු. දැන් මීයෝ 100 ක් විනාඩි 100කදි අල්ලන්න පූසො කී දෙනෙක් ඕනෙද?