1. Buttermilk Hush Puppies
මේ විදියට හදලා සෝස් ටිකක් එක්ක හරි නැතුව හරි දීල බලන්නකො කන්නෙ නැද්ද කියල
අවශ්‍ය ද්‍රව්‍ය
පීසා එපා කියන්නෙ මොන පොඩ්ඩද? ඕනෙම එළවළුවක් දාලා දීල බලන්න මේ වගේ මිනි පීසා එකකට, බැහැයි නොකිය කයි.
අවශ්‍ය ද්‍රව්‍ය
සැන්ඩ්විචස් හදල දීලත් කන්න බෑ කියන පොඩ්ඩන්ට මේ විදියට රෑ කෑමක් හදල දුන්නොත් එයාලගෙ බඩත් පිරෙනව අම්මලගෙ හිතත් පිරෙනව.
අවශ්‍ය ද්‍රව්‍ය
මේ වෙනුවට ඕනෙම පිරවුමක් එකතු කරගන්න පුළුවන්. කැමති පලතුරක් හෝ එලවළුවක් එහෙමත් නැත්නම් මස් හෝ මාළු වර්ගයකින් ගැලපෙන්න පීටා බ්‍රෙඩ් එක පුරවල හදන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
පැණි රස කෑමකට පොඩ්ඩො ඕනෙම වෙලාවක හා කියනව. හවසකට එහෙමත් නැත්නම් පොඩ්ඩන්ගෙ පොඩි පහෙ උත්සවයකට මේ වගේ දෙයක් හදල දෙන්න එච්චරම අමාරු නැහැ.
අවශ්‍ය ද්‍රව්‍ය
උඩින් කියපු අළුත් අළුත් කෑම එක්කම අපි පොඩි කාලෙ කාපු කෑමකුත් පොඩ්ඩොන්ට හදල දෙමුද? හවසකට මෙහෙම දෙයක් හදල දුන්නොත් පොඩ්ඩො ආසවෙන් කයි අපේ පුංචි කාලෙ අපි කෑවා වගේම.
අවශ්‍ය ද්‍රව්‍ය
මේ විදියට හදලා සෝස් ටිකක් එක්ක හරි නැතුව හරි දීල බලන්නකො කන්නෙ නැද්ද කියල
අවශ්‍ය ද්‍රව්‍ය
- ෆ්‍රෙශ් මිල්ක් කප් 1
- දෙහි යුශ මේස හැඳි 1
- පිටි කප් 2
- බේකින්ග් සෝඩා තේ හැඳි 1\2
- ලුණු තේ හැඳි 1\2
- සිහින්ව කපාගත් එලවළු වර්ග කීපයක් කප් 1\2ක්
(පොඩ්ඩො වැඩිය කන්න අකමැති ඒත් එයාලට ගුණ පලා වර්ගයක් එහෙමත් එකතු කරන්න පුළුවන්)
- ෆ්‍රෙශ් මිල්ක් වලින් මේස හැන්දක් ඉවත් කර එයට දෙහි යුශ මේස හැන්දක් එක කර පැය භාගයක් පමණ තියන්න. (බටර්මිල්ක් ගෙදරදීම හදාගන්නෙ මෙහෙමයි)
- පසුව එයට අනෙක් සියළු ද්‍රව්‍ය එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණයෙන් මේස හැන්දක පමණ ප්‍රමාණයක් හොඳින් රත් වූ තෙල් වලට දමා රන්වන් පැහැ වන තුරු ගැඹුරු තෙලේ බැදගන්න.
පීසා එපා කියන්නෙ මොන පොඩ්ඩද? ඕනෙම එළවළුවක් දාලා දීල බලන්න මේ වගේ මිනි පීසා එකකට, බැහැයි නොකිය කයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි කප් 1
- බේකින්ග් පව්ඩර් මේස හැඳි 1\2
- යෝගට් කප් 1 (මෙශරින් කප්)
- තක්කලි සෝස්
- කැමති මස් වර්ගයක් හෝ සැමන්
- නිවිති කොල ටිකක්
- සිහින්ව කපාගත් කැරට්, ලීක්ස් සහ ලූණු
- මොසරැල්ලා චීස්
- පිටි, බේකින්ග් පව්ඩර් සහ යෝගට් එකට මිශ්‍ර කර ඩෝ එක සාදාගන්න. එය තෙත රෙද්දකින් වසා පසෙකින් තබා ගන්න. (අවම විනාඩි 15ක්)
- මස් හෝ සැමන් ටික ලූනු, කැරට්, ලීක්ස් සහ නිවිති සමඟ ලුණු ටිකක් එක් කර තෙම්පරාදු කරගන්න. (කැමති ඕනෑම එළවළු වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්)
- සාදාගත් ඩෝ එකෙන් කුඩා කොටසක් ගෙන එය අල්ලක පමණ ප්‍රමාණයට පැතලි කර රොටියක් ආකාරයට සාදා ඒ මත තක්කලි සෝස් තවරාගන්න.
- එයට උඩින් සාදාගත් තෙම්පරාදුව දමා මොසරැල්ලා චීස් උඩින් දමා සෙල්සියස් 180ට රත් කරගත් උඳුනක දමා විනාඩි 20ක් පුළුස්සා කරගන්න.
සැන්ඩ්විචස් හදල දීලත් කන්න බෑ කියන පොඩ්ඩන්ට මේ විදියට රෑ කෑමක් හදල දුන්නොත් එයාලගෙ බඩත් පිරෙනව අම්මලගෙ හිතත් පිරෙනව.
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති කීපයක්
- චීස් වෙජස්
- තම්බා පොඩි කරගත් අල
- තම්බා පොඩි කරගත් චිකන්
- සිහින්ව කපාගත් පාස්ලි කොල ටිකක්
- ලුණු සහ ගම්මිරිස් කුඩු ටිකක්
- බිත්තරයක්
- පාන් කුඩු
- චීස්, අල සහ මස් ටික බෝල් එකකට දමා එයට රස අනුව ලුණු සහ ගම්මිරිස් එක කර හොඳින් මිශ්‍ර කරගන්න.
- එයට කුඩාවට කඩාගත් පාන් එක් කර කට්ලට් මෙන් බෝල සාදාගන්න.
- සාදාගත් බෝල බිත්තර සාරු වල දවටා පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගන්න.
මේ වෙනුවට ඕනෙම පිරවුමක් එකතු කරගන්න පුළුවන්. කැමති පලතුරක් හෝ එලවළුවක් එහෙමත් නැත්නම් මස් හෝ මාළු වර්ගයකින් ගැලපෙන්න පීටා බ්‍රෙඩ් එක පුරවල හදන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- පීටා බ්‍රෙඩ්
- ඉදුණු කෙසෙල්
- මී පැණි
- බටර්
- මෙන්න මේ රෙසිපියේ ඇති අන්දමට කුඩා ප්‍රමාණයේ පීටා බ්රේඩ් සාදාගන්න.
- එය දෙකට කපා මැදින් ඇති පොකට් එක තුලට බටර් තවරා පෙති කපාගත් කෙසෙල් පුරවා එයට මී පැණි එක් කර ගන්න
පැණි රස කෑමකට පොඩ්ඩො ඕනෙම වෙලාවක හා කියනව. හවසකට එහෙමත් නැත්නම් පොඩ්ඩන්ගෙ පොඩි පහෙ උත්සවයකට මේ වගේ දෙයක් හදල දෙන්න එච්චරම අමාරු නැහැ.
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 2
- බටර් කප් 1\2
- පාන් පිටි කප් 1 1\2
- කුඩාවට කපාගත් අන්නාසි කප් 3\4 (කැමති පලතුරු වර්ගයක් ගන්න පුළුවන්)
- සීනි කප් 1\2
- බේකින්ග් පව්ඩර් තේ හැඳි 1
- බේකින්ග් සෝඩා තේ හැඳි 1\4
- කුඩාවට කපාගත් කජු ස්වල්පයක්
- බටර්, සීනි සහ බිත්තර හොඳින් බීට් කරගන්න. එයට පිටි, බේකින්ග් පව්ඩර් සහ බේකින් සෝඩා එක් කර හැන්දකින් කලවම් කරගන්න.
- කපාගත් කජු සහ පලතුරු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
- බටර් තවරාගත් මෆින් ට්‍රේ එකකට මිශ්‍රනය දමා සෙල්සියස් 170ට පේර රත් කරගත් උඳුනක විනාඩි 20-25ක් බේක් කරගන්න. නිවුණු පසු මී පැණි උඩින් වත් කරගන්න.
උඩින් කියපු අළුත් අළුත් කෑම එක්කම අපි පොඩි කාලෙ කාපු කෑමකුත් පොඩ්ඩොන්ට හදල දෙමුද? හවසකට මෙහෙම දෙයක් හදල දුන්නොත් පොඩ්ඩො ආසවෙන් කයි අපේ පුංචි කාලෙ අපි කෑවා වගේම.
අවශ්‍ය ද්‍රව්‍ය
- තීරු කපා ගත් දෙල්
- සීනි කප් 1
- ලුණු චුට්ටක්
- කහ චුට්ටක්
- තීරු කපා ගත් දෙල් වලට ලුණුයි කහයි ටිකක් දාල මිශ්‍ර කරගෙන රන් වන් පාට එනකම් ගැඹුරු තෙලේ බැදගන්න.
- සීනි කප් එකට වතුර කප් 1\4ක් එකතු කරල සාමාන්‍ය ගින්දරේ උණු කරගන්න. හැන්දෙන් උඩට උස්සද්දි නූලක් වගේ වැක්කෙරෙන පදමට ආවම තවත් විනාඩි දෙකක් විතර තියෙන්න ඇරල ඒකට බැදගත්තු දෙල් ටික දාල කලවම් කරගන්න. නිවෙන්න තියල කෑමට ගන්න.
- කැමති නම් සීනි උණු කරල දානව වෙනුවට ලුණු කුඩු මිරිස් කුඩු ටිකක් බැදපු දෙල් වලට දාල ටිකක් සැරට කන්න ගන්නත් පුළුවන්. මේක නම් ලොක්කොත් එපා නොකියා කන කෑමක්.