පොඩි ලස්සන ලියමනක් 💝

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඇල්ප්ස් කඳු මුදුන් කිට්ටුව දොළ පාරවල වතුර පුදුමාකාර විදිහට සීතලයි වගේම පිරිසිඳුයි.
    අපේ වචන වලින් කීවොත් ක්‍රිස්ටල් වගේ පැහැදිලියි.

    දවසක් ඔය කඳුකර දොල පාරක් කිට්ටුව ඇවිදිමින් ඉන්නකොට විශාල ට්‍රවුට් මත්ස්‍යයන් දෙන්නෙක් ලතාවකට පීනනව ඇල්ගී පැලෑටි වනාන්තරයක් ලඟ.
    ඒක බලන්න ලස්සන දර්ශණයක්.
    සීතල පිරිසිඳු වතුර... නිස්කලංක පරිසරය... සැඩ නැති හිරු එලිය ට්‍රවුට් මත්ස්‍යයන්ට කියාපු පරිසරය. ට්‍රවුට්ල ජීවත් වෙන්නෙ පිරිසිඳු වතුරෙ විතරයි.

    යුද්ධ කාලෙ සොල්දාදුවො වගේම .. ඊටත් කලින් මධ්‍යතන යුගයේ සංචාරකයො වතුර පිරිසිඳු කියල දැනගන්න ක්‍රම දෙකක් පාවිච්චි කරනව.
    එකක් අස්සයො... අස්සයන් වතුර බොන්නෙ ඒ වතුර වස විසෙන් තොර ඉතාම පිරිසිඳු වතුරක් නම් විතරයි.
    දෙවනි එක ඒ වතුරේ ට්‍රවුට් මත්සයො පීනනව නම් අහන්න දෙයක් නෑ ඒ වතුර පිරිසිඳුයි.

    මධ්‍යතන යුගයෙ නම් තවලම් කාරයො.. වන්දනා කාරයො නැතිනම් වෙළෙන්දන් කොල්ල කන්න දියපාරවලට වස එකතු කරනව.... යුද්ධ කාලෙ එහෙම කරන්නෙ මොකටද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.

    " මේ ට්‍රෞට් මාළු හරි වාසනාවන්තයි... මේ වගේ තැනක ජීවත් වෙන එක කොයි තරම් අපූරුද..." අපිත් එක්ක ගමන් කරමින් ඉන්න මිත්‍රයෙක් කියනව.
    මාරියා මේ ප්‍රදේශයේ අස්සක් මුල්ලක් නෑර දන්න වෙනස් කාන්තාවක්.
    එයා කියනව...
    " වාසනාවන්තයි... වාසනාවන්තයි.... ඒක කදිම වර්ණනාවක්නෙ මිත්‍රයා... උඹ දන්නවද මේ යකඩ ට්‍රවුට්ල කිලෝ මීටර් දාස් ගාණක් පීනනව කියල මේ දියපාරවල් හොයාගෙන එන්න.
    ඒක ජීවිතයත් මරණයත් අතර සටනක්.... වසර මිලියණ ගාණක් තිස්සෙ පරම් පරාවෙන් පරම්පරාවට අරගෙන ආපු බුද්ධියත්... ඉලක්කයට ලඟා වෙන තෙක් අත් නොහැරීමත්.. උන්ගෙ දහිරියත් නිසයි උන් මෙතැන අද මේ දකින්නෙ.."
    අමතක කරන්න එපා .... මෙයින් සමහර වර්ග බිත්තර දැම්මට පස්සෙ ආපහු සැරයක් සාගරයට යන්නෙ නෑ... උන්ගෙ කාර්‍ය ඉටුකරා... දැනුම බුද්ධිය ඊ ලඟ පරපුරට දුන්න... එතනින් ජීවිතේ ඉවරයි"
    " වාසනාවන්තයි... උඹ කියනව"

    “මම ඒක නිකමට කීවෙ”… අපේ මිත්‍රයා උත්තර දෙනව.

    "වාසනාව කියන්නෙ කරදර හිරිහැර මැද්දෙ උඹගෙ ඉලක්කයට ලඟා වුනාට පස්සෙ සංස්කෘතික සමාජය ඒකට දෙන අර්ථකතනය. පින හෝ දෙවියන්ගෙ ආශිර්වාදය කියන්නෙ ආගමික සමාජය ඒකට දෙන සහතිකය. ඒ දෙගොල්ලම දකින්නෙ නෑ කොයිතරම් කැපවීමක්... සටනක්... දුක් කන්දරාවක් ඔය ගමනෙ හැංගිලා තියනවද කියල."

    "ඒක හරි ලස්සන කතාවක් තරුණයා.... කවද හරි ඕක පොතක ලියපන්..." මාරියා කිව්වෙ බොහොම බැරෑරුම්ව.
    ඒක ලියන්න ඕනෙ... වෙලාව මදිවුනත්.

    වාසනාව හෝ පින ... ඔය විදිහට කියල සමහරෙක් නිදහස් වෙනව... තවත් කෙනෙක් ඒක සාමාන්‍ය ව්‍යවාහරයේ යෙදුමක් විදිහට පාවිච්චි කරනව.
    ජේ කේ රෝලින්ග්ස්ගෙන් ඇහුවොත් හැරී පොටර් පොත කී සැරයක් ප්‍රථික්ශේප වුනාද කියල වාසනාව තේරුම් ගන්න පුළුවන්.
    මේ වගේ කතා මතක් වෙන්න කඳු පලාතක පාඩුවේ ඇවිදින්නම ඕනෙ.

    FB_IMG_1680406676485.jpg