පොඩි_මෙහෙනින්_වහන්සේට_පාවහන්_යුගලක්.....

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පොඩි_මෙහෙනින්_වහන්සේට_පාවහන්_යුගලක්.....

පොඩි මෙහෙනින් වහන්සේට පාවහන් යුගලක්.....



වැඩ ඉවර වී එන විට මටත් මගේ මිතුරාටත් වයස අවුරුදු 5ක් පමණ වන මේ පින්බර සාමණේර මෙහෙණින් වහන්සේ නෙත ගැටුනි. වයසින් වැඩිහිටි මෙහෙනින් වහන්සේලා දෙනමක් සමඟ සිටි සාමණේර මෙහෙනින් වහන්සේ වැඩිහිටි මෙහෙනින් වහන්සේගේ සිවුරේ එල්ලෙමින් සිනාමුසු මුහුණින් මහමඟ දෙස බලා සිටියාය.

පිනෙන් පිරැණු ඕ දුටු විට ඒ මොහොතේ හැටියට අපට කුමක්හෝ දෙයක් පූජා කිරිමට ඇත්නම් යැයි සිතුනි.පිනක් සිදුකර ගැනිමට එය මහඟු අවස්ථාවක් යැයි සිතුනි.ඒ අනුව ඕ හට අවශ්‍ය මොනයම් හෝ දෙයක් මේ වෙිලාවෙි පූජා කිරිම කැප දැයි වැඩිහිටි මෙහෙණින්වහන්සේලා‍ ගෙන් විමසුවෙමු. ඒ අනුව මෙහෙණින්වහන්සේ "පොඩි නමට සෙරෙප්පු දෙකක් තියෙනවා නම් වටිනවා"යැයි පැවසී ය.

අපේම වාසනාවට එම සථානයේම පාවහන් අලෙවි සැලක්ද විය.ඒ අනුව පිනබර සාමණේර මෙහෙණින්වහන්සේට සිතැඟි පාවහන් යුවළක් පූජා කිරීමට තරම් අපට පිනක් තිබුනි. පුංචි සිත කෙතරම් ප්‍රභාෂ්වර ද, ඒ සිනහව කෙතරම් අව්‍යාජ ද, මෙහෙණින්වහන්සේ නමක ගේ ඒ සිත කෙතරම් පූජනීයයි ද, අපට පූජා කිරීමට හැකි වූයේ එතරම් මහත් වූ දෙයක් නොවේ. නමුත් අප පූජා කළ දෙය හදවතින්ම මහත් ශ්‍රද්ධාවන් හා ගෟරවයෙන් පූජා කළෙමු. මේ ඒ අවස්ථාවයි. ඔබත් අනුමෝදන් වන්න..



11822281_1067045720003297_4300056168022835352_n.jpg


11060165_1067045796669956_7516430439642299453_n.jpg


11825008_1067045846669951_3464282883160560993_n.jpg




>>>>>>>>>

source: https://www.facebook.com/Madushanidea/posts/1067045906669945?pnref=story
 
Last edited:
  • Like
Reactions: laMir

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පිං වැඩක්......
    හාමුදුරුවරු නම් පිරිවෙන් අධයාපන ලබනවා, මෙහෙණින් වහන්සේලා කොහොමද අධ්‍යාපනය ලබන්නේ....මොකක්ද තියන ක්‍රම වේදය?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    කොහොමද දෙමව්පියෝ මේවගේ පොඩි ළමයෙක්ව මහන්කරන්න හිතහදාගන්නේ? මේවගේ හයහතර නොතේරෙන දුරුවන්ව මහන කරන එක සම්පුර්ණයෙන්ම වැරදි වැඩක්, ජිවිතේ තේරෙන වයසට ඇවිල්ල තමන්ම හිතල පැවදිවිම තමයි හොදම ක්‍රමය
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පින් අතේ වැඩක්, හොඳ වැඩක් තමයි.
    මේවගේ කාලෙක කොල්ලෙකුට කරන්න නොහිතෙන වැඩකුත් තමයි...
    එත් මේක දැක්කම,
    මේ photos ටික අරන් තියන පිළිවෙලත් එක්ක නිකන් ෂෝ එකට වගේ ත් හිතෙනවා.
    පුජා කරන සෙරෙප්පු දෙක අතේ තියාගෙනත් ඉන්නවා දාන්නේ ඇයි.
    බොහෝවිට පොඩි මෙහෙණින් වහන්සේගේ හුරුබුහුටි පෙනුම නිසා phoos දැම්මා වෙන්න ඕන...
    කොහොම වුනත් බුද්ධ පුජාවට තියන කුණුවෙලා යන පැපොල් ගෙඩියට බනින සමාජයක මේ කල දේ ගොඩක් අගය කරන්න ඕන. :yes: :)