මුලින්ම පොත ලියන්න. පුළුවන්නම් අතින් නොලිය දෙය්යනේ කියලා ටයිප් කරන්න. එළකිරි එකේ ඉන්නවා mudrana අය්යා එයා ප්‍රින්ටර් කෙනෙක් එයාව කන්ටැක්ට් කරගන්න. පොත ලියලා ඉවර උනායින් පස්සෙ ටයිප් කරන්න එෆ් එම් ෆැමලි එකේ ෆොන්ට් එකකින්. නැත්තං අත් පොත දීලා ප්‍රින්ටර් ගාව ඉන්න ටයිපිස්ට් ලවා ගස්සලා ලේ අවුට් ආර්ටිස්ට් ලවා ලේ අවුට් කරවගන්න. ඒවට ගෙවන්න වෙනවා. උඹ පොත ටයිප් කරනවා නම් දෙය්යංගෙ නාමෙන් යුනිකෝඩ් ගහන්න නම් එපා. එෆ් එම් ෆැමිලි එකේ ෆොන්ට් එකක ගහපන් දෙය්යනේ කියලා. ලින්ක් එකක් යූස් කරපන් හෙළ බස කියලා එකක් තියෙනවා. නැත්තං සමහර උං ෆොන්ට් ගැහැව්වට වැඩක් නැහැ සේරම හදන්න වෙනවා ටයිපිස්ට. ලොල්. පස්සෙ මුද්‍රණ අය්යා අය්එස්බීඇන් අංක අරන් දෙන ඒවට ෆෝම් ගැන එහෙම දැනුවත් කරලා ඒ ටික කරලා දෙයි. ඉන් පස්සෙ පෘෆ් එකක් දෙනවා. පෘෆ් බලලා ආයි හදන්න තියේ නම් හදලා පොත ප්‍රින්ට් කරනවා. පොත් ටික ඩිලිවර් කරාට පස්සෙ නැකැත් විශ්වාස කරනවා නම් නැකැත් කාරයෙක් හම්බෙන්න ගිහින් එළිදක්වන්න දවසක් දාගන්නවා. ප්‍රසිද්ධ පුද්ගලයෙක්ට පොත පිළිගන්වන්න එහෙම පුළුවන් නම් මීඩියාවල ටිකක් ගහගන්න පුළුවන්. රාජ්‍ය ලේඛණාගාරයට කොපීස් කීපයක් යවන්න වෙනවා පුළුවන්නම් මහජන පුස්තකාලවලට ඉස්කෝලවලට ටිකක් දෙන්න. ඊට පස්සෙ ඉතිං අනේ මන්දා. කැමැති දෙයක් කරලා කාලා බීලා වෙනදා විදිහටම ජීවත් වෙනවා.