පොත් ප්‍රදර්ශනයට යන අයට ලොකු පිංකමක් කරගන්න තියන අවස්ථාවක් ගැන කියන්න හිතුවා.මම දැනට අවුරුදු ගානක් තිස්සේ කරගෙන එන දෙයක් මේක.
පොත් ප්‍රදර්ශනයේ තියනවා වෙනම කුටියක් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ.ඔතනට වැඩිපුර එන්නෙ ස්වාමීන් වහන්සේලා.උන්වහන්සෙලා ගොඩක් දුරට දායකයො පූජා කරන මුදලින් තමයි තමන්ට අවශ්‍ය පොතක් ගන්නෙ.සමහරවිට පොත්වල ගණන් බලලා ආපහු තියෙද්දි මම අහලා ඔබවහන්සේ ඔය පොත ගන්න මම ගෙවන්නම් කියලා කියපු වාර තියනවා.ඉතින් උන්වහන්සේලාට ඉගෙන ගන්න ධර්ම දේශනාවක් කරන්න කරුණු එකතු කරගන්න ඒක ලොකු දෙයක් වෙනවා.ධර්මදානය උතුම්ම දානය කියලා කියනවනෙ.ඉතින් මේ උතුම් පින්කම මේ වස් කාලයේ කරගන්න ඔයාලටත් ආරාධනා කරනවා.එ වගෙම තමන්ගේ පංසලේ ස්වාමීන්වහන්සේගෙන් අහලා මොනවද ඕන පොත් කියලා අරන් දෙන්න පුලුවන් නම් ලොකුම ලොකු පිනක්.එහෙම පොත් අරන් දීලා එතනම පූජා කරලා උන්වහන්සේලා කරන ආශිර්වාදය තරම් වටින දෙයක් සතුටක් ඔයාලට ජීවිතේටම ලබන්න බැරිවේවි.තෙරුවන් සරණයි
https://www.facebook.com/groups/sin...33167005438¬if_t=feedback_reaction_generic