පොදු රාජ්ය මන්ඩලය

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    පොදු රාජ්ය මන්ඩලය

    මචන්ලා ඔයාලා දන්න විස්තර පොදු රාජ්ය මන්ඩලය ගෑන කියන්න. මේකෙ ඉතිහසය ගෑන එහෙම. දන්න හෑම දෙයක් ගෑනම. ලොකු හෙල්ප් එකක්.

    බම්ප් එකක්වත් දාල යන්නලා

    රෙප් වලින් සලකනු ලෑබේ

    :):):):):):):):):):):):):):):):):):)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පොදු රාජ්ය මන්ඩලය kiyanne uk walata yuatath wela thibba ratawal set eka ekathu wela haduna ekak
    meke ekama eka ratak da koheda innawa yatath nowichcha
    athine :P
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    පොදූ රාජ්‍ය මණ්ඩලය යනු බ්‍රිතාන්‍යයේ පුරෝගාමිත්වයෙන් බිහිවී ඇති සෙසු ජාත්‍යන්තර සංවිධාන වලට වඩා වෙනස් වූ සුවිශේෂ ගණයේ ජාත්‍යන්තර සමාගමයක් නැතහොත් සංවිධානයකි.මෙම සංගමය සමන්විත වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති ඩොමීනියන් රටවලින් සහ නිදහස දිනාගත් යටත්විජිත වශයෙන් පැවති රටවලිනි.පොදු රාජ්‍ය මණ්ඩලය ආරම්භ කළේ රටවල් 5කිනි.(බ්‍රිතාන්‍ය,කැනඩාව,ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, දකුණු අප්‍රිකාව) එදා මෙම සංවිධානය හැඳින්වූයේ"සුදු මිනිසාගේ සංගමය" (White Man's Club) යනුවෙනි. 1948දී සමූහාණ්ඩුවක් බවට පත්වූ ඉන්දියාවට පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ලබාදීමත් සමඟ ඒතාක් සුදු මිනිසාගේ සංගමය බවට පත්ව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලය 1949න් පසුව "විවෘත පොදු රාජ්‍ය මණ්ඩලය " (Open Commonwealth) බවට පත්විය.පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය වඩාත් වේගයෙන් වර්ධනය වන්ට පත්වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වූ රටවල් සංඛ්‍යාව ක්‍රමයෙන් අධික වීමත් සමඟමය. 1947ට පෙර රාජ්‍යයන් 5කින් සමන්විත වූ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය 1950 දශකය තුළදී 12 දක්වාත් 1960 දශකය අගදී 31 දක්වාත් 1970 දශකය අගභාගයේදී 44 දක්වාත් 1980 දශකය අග වනවිට 49 දක්වාත් 1990 දශකය අවසන් වනවිට සාමාජික සංඛ්‍යාව 54 දක්වාත්වර්ධනය වී ඇත.

    පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය වර්ධනය[සංස්කරණය]

    ශීර්ෂය 1 ශීර්ෂය 2
    1867-1948 දක්වා බ්‍රිතාන්‍ය,කැනඩාව,(1867), ඕස්ට්‍රේලියාව(1900), නවසීලන්තය(1907), දකුණු අප්‍රිකාව(1910).
    1948-1950 දක්වා ඉන්දියාව(1947), පකිස්තානය(1947), ශ්‍රී ලංකාව(1948).
    1950-1960 දක්වා මැලේසියාව(1957), ඝානාව(1957).
    1960-1970 දක්වා නයිජීරියාව(1960), ටැංසානියාව(1961), සයිප්‍රස්(1961), සියරාලියෝන්(1962),ජැමෙයිකා(1962), ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ(1962), කෙන්යා(1963),මෝල්ටා(1964), මලාවි(1964), සැම්බියා(1964), ගැම්බියා(1965),ලෙසෝතෝ(1966), ගුයානා(1966), බොට්ස්වානා(1966), බාර්බඩෝස්(1966),ස්වාසිලන්තය(1968), නාවුරු(1968), මොරිෂස්(1968).
    1970-1980 දක්වා ටොංගෝ(1970), සැමෝවා(1970), බංග්ලාදේශය(1972), බහබාස්(1973),ග්‍රැනඩා(1974), පැපුවා නිව්ගිනි(1975), සී චෙල්ස්(1976), තුවලු(1978),සොලමන්දූපත්(1978), ඩොමිනිකා(1978), ශාන්ත ලුයිසා(1979), ශාන්ත වින්සන්ට්(1979), කිරිබති(1979).
    1980-1990 දක්වා සිම්බාබ්වේ(1980), වනුටු(1980), බෙලිස්(1981), ඇන්ටිගුවා සහ බැර්බුඩා(1981),මාලදිවයින(1982), ශාන්ත කිට්ස් හා නෙවියා(1983), බෲනායි(1984), පකිස්තානය(1989),(1962 දී ඉවත් වී නැවත 1989 දී සම්බන්ධ විය.
    1990-2000 දක්වා නැම්බියා(1990), දකුණු අප්‍රිකාව(1994)(1961 දී ඉවත් වී යළි 1994 දී සම්බන්ධ විය), මොසැම්බික්(1995), කැමරූන්(1995), පීජී(1997).
    පොදු රාජ්‍ය මණ්ඩලයේ සුවිශේෂී ලක්‍ෂණ[සංස්කරණය]

    එම සංවිධානය සතුව ව්‍යවස්ථාවක් හෝ ප්‍රඥප්තියක් නොමැති වීම.

    එහි කිසිම සාමාජිකයෙකුට සුවිශේෂී වගකීම් හෝ යුතුකම් පවරා නොතිබීම. (එහෙත් එහි සෑම සාමාජික රටක්ම 1971 පොදු රාජ්‍ය මණ්ඩලීය මූලධර්ම ප්‍රකාශනයෙන් පිළිගත් මූලධර්ම අනුව කටයුතු කිරීමට ස්වේච්ඡාවෙන් වග බලා ගැනීම සාමාජික රටවල් විසින් අපේක්‍ෂා කෙරේ.)

    පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රාජ්‍යයන්ගේ නිදහස් බව හා බැඳීම් විරහිත බව. (මෙම සංවිධානයෙන් ඉවත්ව යාම මෙන්ම යළි සාමාජිකත්වය ලැබීමට ද එම රටවලට නිදහස ඇත.)
    උදා:1972 දී පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්ව ගිය පකිස්තානය 1989 දී යළිත් වරක් පොදු රාජ්‍ය මණ්ඩලයට සම්බන්ධ වීම.
    1961 දී ඉවත්ව ගිය දකුණු අප්‍රිකාව 1994 දී යළි සාමාජිකත්වය ලැබීම.

    ලෝක ජනගහනයෙන් 1/4 කටත් වඩා වැඩි ප්‍රමාණයක් පොදු රාජ්‍ය මණඩලීය රටවල් තුළ ජීවත් වන අතර මෙම ජනගහන සංයුතියේ ප්‍රකට ලක්‍ෂණයක් වන්නේ ඒවායින් බහුතරය බහුවාර්ගික,බහු ආගමික, බහු භාෂාමය, බහු සංස්කෘතික ජන සමාජයන් වීමයි.

    සමස්තයක් වශයෙන් ගත් කල පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ලෝක දේශපාලනයේ දක්නට ලැබෙන විවිධ බලවතුන් ගෙන් යුක්ත රාජ්‍යයන් ගෙන් සමන්විතය.
    උදා:
    මහ බලවතුන් 1 බ්‍රිතාන්‍යය
    මධ්‍යම බලවතුන් 18 ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව
    කුඩා රාජ්‍යයන් 35 තුවලු, කිරිබති, ඩොමිනිකා, මාලදිවයින

    සංවර්ධනයේ විවිධ අවස්ථා වල පසුවන රටවල් පැවතීම.
    උදා:
    සංවර්ධිත රටවල් බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය,කැනඩාව
    සංවර්ධනය වෙමින් පවතින රටවල් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය
    ඌන සංවර්ධිත රටවල් බංග්ලාදේශය, බොට්ස්වානා, උගන්ඩා

    විවිධ දේශපාලන ක්‍රම අනුගමනය කරනු ලබන රටවලින් සමන්විතය.
    උදා:
    ජනරජ 33
    එංගලන්තයේ රජවූ පුද්ගලයා තම රටේ රජ ලෙස සලකයි 16
    වෙනම රජෙක් පත්කරගනී 05
    මෙම සමූහාණ්ඩු අතර,
    විධායක ජනාධිපති ක්‍රමය සහිත ජනරජ
    උදා:ශ්‍රීලංකාව, මාලදිවයින, මැලේසියාව,බංග්ලාදේශය
    වෙස්මින්ස්ට' ක්‍රමය සහිත ජනරජ
    උදා:ඉන්දියාව, සිම්බාබ්වේ, ඩොමිනිකා, සිංගප්පූරුව
    තනි දේශපාලන පක්‍ෂ ක්‍රමයක් ඇති රටවල්
    උදා:සිංගප්පූරුව
    දේශපාලන පක්‍ෂ කිසිවක් නොමැති රටවල්
    උදා:මාලදිවයින,ලෙසෝතෝ,ටොංගෝ
    බ්‍රිතාන්‍යයේ රජවූ පුදුගලයාම තම රජ ලෙස පිළිගත් රටවල්
    උදා:ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, කැනඩාව, ඇන්ටිගුවා
    දේශීය රජුන් රාජ්‍ය නායකයා ලෙස පිළිගත් රටවල්
    උදා:ලෙසෝතෝ,බෲනායි

    පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සබඳතාව සහයෝගීතාව යන මූලධර්මය මත රඳා පවතී.

    වසර 2 කට වරක් පවත්වන රාජ්‍ය නායක සමුළුවාර තවත් සුවිශේෂීත්වයකි. (පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු වූකලී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පොදු ප්‍රශ්න විවෘතව සාකච්ඡා කළ සාකච්ඡා මණ්ඩපයක් මෙන්ම ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳ විවෘතව අදහස් පළ කළ පොදු රාජ්‍ය මණ්ඩලීය වේදිකාවක් ද විය.)
    සමුළුව පවත්වන රටේ රාජ්‍ය නායකයාට ඉදිරි වසර දෙක සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සභාපතීත්වය හොබවන්න අවස්ථාව ලැබේ. ඒ අනුව වසර 2015 දක්වා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එම අවස්ථාව ලැබේ.

    Source : http://si.wikipedia.org/wiki/පොදු_රාජ්‍ය_මණ්ඩලය
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉතිහාසය

    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට නතුව තිබූ ස්වාධීන රාජ්‍යයන්වල එකතුවක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලය ආරම්භ විය. එම පළමු යටත් විජිත සමුළුව 1887 වර්ෂයේදී පැවැත්විණි. ඊට පූර්වගාමීව වාරික සමුළු කිහිපයක් ද පැවැත් වී තිබේ. 1907 වර්ෂයේ පටන් අධිරාජ්‍ය සමුළු පැවැති අතර ඊට සහභාගී වූයේ අධිරාජ්‍ය රටවල නායකයන්ය.

    1944 පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය අගමැතිවරුන්ගේ සමුළුව දා....

    යටත්විජිත පාලනයෙන් ඩොමීනියන් නිදහසක් ලබා ගත් (1948 දී ශ්‍රී ලංකාව ලබාගත් අන්දමේ) රාජ්‍යය ක්‍රමයෙන් ඇති වෙමින් තිබියදී සමුළුවේ ස්වභාවය ද වෙනස්විණි. ඩොමීනියන් රටවල නායකයන් වඩ වඩාත් සමුළුවට සහභාගිවීමට පටන් ගැනීමත් සමඟ එය කලින් පැවැති අධිරාජ්‍ය සමුළුවල ස්වරූපයෙන් වෙනස් වන්නට පටන් ගත්තේය.

    දෙවන ලෝක සංග්‍රාමයේ බිහිසුණු විනාශයද අත්විඳිමින් පොදු රාජ්‍ය මණ්ඩලීය අගමැතිවරුන්ගේ සමුළුවක් 1944 දී පැවැත්විණි. 1945 අප්‍රේල් මස පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය තාන්ත්‍රික සමුළුවේදී සාමය සඳහා වූ කොන්දේසි සාකච්ඡාවට ලක්විය.

    1952 වර්ෂයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ආර්ථික සමුළුව පැවැත්විණි. 1960 වනවිට පොදු රාජ්‍ය මණ්ඩලය අලුත්වීමක් සිදුවිය. යටත් විජිත ආධිපත්‍යයෙන් නිදහස ලැබූ රටවල් ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමට පටන් ගැනීමත් සමඟ එම අලුත් නිදහස ලැබූ රටවල් පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයට කරන ලද බලපෑම් ඊට මුල්විණි. එක්සත් රාජධානිය ඊට ප්‍රතිචාර දැක්වූයේ “පොදු රාජ්‍ය මණ්ඩලීය පදනම” ස්ථාපිත කරමිනි. බලය විමධ්‍යගතවෙමින් තිබීම සමුළු රැස්වීම් යළි සැලැසුම් කිරීම සඳහා බලපෑවේය.

    එතෙක් සෑම සමුළු වාරයක්ම ලන්ඩනයේ පැවැත්වීමේ සම්ප්‍රදාය වෙනස් කරමින් සාමාජික රටවල වරින්වර සමුළු පැවැත්වෙන අන්දමින් කටයුතු කෙරිණි. එලෙස වෙනස් වූ පළමු සමුළු වාරය 1977 සිංගප්පුරුවේදී පැවැත්වීය. එම සමුළුවේ පටන් එය පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායක රැස්වීම් යනුවෙන් භාවිත කිරීමද සිදුවිය. එමඟින් අරමුණු කෙරුණේ පොදු රාජ්‍ය මණ්ඩලය තුළ ව්‍යවස්ථාමය ව්‍යුහයන්හි වර්ධනය වෙමින් පැවැති විවිධත්ව පිළිබිඹු කිරීමයි.

    1971 පටන් මේ දක්වා පැවැති සමුළු වාරවලදී ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය, දේශගුණික විපර්යාස, බහුපාර්ශ්වීය වෙළෙඳාම පිළිබඳ ගැටලු, සහ ආණ්ඩුකරණය, ධරණීය සංවර්ධනය, කුඩා රාජ්‍ය, ණය කළමනාකරණය, අධ්‍යාපනය, පරිසරය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව, සෞඛ්‍ය, මානව හිමිකම්, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය සහ තරුණ කටයුතු ආශ්‍රිත මාතෘකා සාකච්ඡාවට බඳුන් වී තිබේ.

    අදාළ මාතෘකා යටතේ ගෝලීය තත්ත්වයන් පිළිබඳ අවධානය යොමුකරන අතර විශේෂයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල එම ප්‍රවණතා සහ ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීම මෙහිදී සිදුවේ.

    සමුළු වාරයේදී පැවැත්වෙන නිල සමාරම්භක උත්සවයෙන් සහ නිල විධායක සැසියෙන් අනතුරුව සාාමජික රටවල නායකයෝ විවේකීව සහ අප්‍රකටව රැස්වීම සමුළු සම්ප්‍රදායයි. එම හමුවීම් අවධිමත් ස්වභාවයකින් යුක්තය. එකිනෙකාගේ අදහස් - උදහස් වඩා සම්පූර්ණව සහ සාධාරණ ලෙස හුවමාරු කරගැනීමට ඉඩ සැලැස්වීම ඉන් අපේක්ෂා කෙරේ. යම් යම් තීරණවලට එළැඹීම සිදුවන්නේ එකඟතාවයෙන් යුතුවය.

    සභාපතිත්වය

    සමුළු සභාපතිත්වය ස්ථාපිත කරනු ලැබූවේ 1999 දකුණු අප්‍රිකාවේදී පැවැති සමුළුව සමඟයි. එක් එක් සමුළු වාරය සඳහා පත්වන සභාපතිවරයා හෝ සභාපතිවරිය සාමාජික රටවල් සම්බන්ධයෙන් නියෝජිතාත්මක භූමිකාවක් ඉටුකරන බව අපේක්ෂා කෙරේ. වෙසෙසින්ම වෙනත් අන්තර්ජාතික සමුළු, සංවිධාන වැනි අවස්ථාවලදී පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කිරීමද සභාපතිත්වයට පැවරේ.

    2002 දී පැවැති සමුළුවෙන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරයා වෙත පැවරී ඇති රාජ්‍ය තාන්ත්‍රික හොඳ හිත පවත්වා ගැනීමේ භූමිකාව සවිබල ගැන්වීමද සභාපතිවරයා විසින් සිදුකරනු ඇතැයි එකඟතාවක් ඇතිවිය. මීට අමතර ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සංසදයන්හිදී පොදු රාජ්‍ය මණ්ඩලීය ආස්ථාන මත පිහිටා උපායමාර්ගික උපදේශාත්මක භූමිකාවක් ඉටුකිරීමද සභාපතිවරයාගෙන් අපේක්ෂා කරයි.

    දෙවසරකට වතාවක් පැවැත්වෙන නායක සමුළුව සත්කාරක රාජ්‍ය විසින් සංවිධාන කරනු ලබන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ සහාය ඇතිවයි. වත්මන් මහලේකම් වශයෙන් කමලේශ් ෂර්මා මහතා කටයුතු කරන අතර එළඹේන සමුළුව දක්වා සභාපතිත්වය දරනු ලබන්නේ ඔස්ට්‍රේලියා අගමැති කෙවින් රඩ් ය.

    23 වැනි සමුළු වාරය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා මූලික එකඟතාවක් ඇතිවූයේ 2009 වර්ෂයේදී එම නායකයන් ස්පාඤ්ඤය, ට්‍රිනිඩෑඩ් හා ටුබාගෝ හි දී හමුවීමෙන් අනතුරුවයි. එම එකඟතාව 2011 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැති ඉකුත් සමුළුවේදීද තහවුරු කෙරිණි. සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ තීරණය 2012 දෙසැම්බර් මස නිල වශයෙන් නිවේදනය කළේ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා විසිනි. ඒ අනුව මීළඟ සමුළු වාරය 2013 නොවැම්බර් 15 – 17 වකවානුව තුළ ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා මේ වනවිට කටයුතු සිදුවෙමින් පවතී.

    -ධම්මික සෙනෙවිරත්න
    Source : http://www.dinamina.lk/2013/07/25/_art.asp?fn=f1307254