ලෝයර් කෙනෙක්ට පොරක් වගේ ජීවත් වෙන්න පුළුවන්ද ..????
මේ ත්‍රෙඩ් එකේ සෑහෙන්න කතා වෙලා තියෙනවා ලෝයර්ස්ලා ගැන.ලෝයර්ස්ලගේ පඩි , බලපුළුවන්කාරකම් ,කන්ටැක්ට්ස් වගේ හැම දෙයක් ගැනම කතා වෙලා තියෙනවා..ඔය අස්සට ඉතින් මම දන්න කියන දේවල් ටිකකුත් මෙහෙම එකතු කරන්න හිතුනා.
1. ලෝයර්ස්ලගේ ආදායම්
ඔය සමහර අය හිතනවා වගේ හැම ලෝයර් කෙනෙක්ම මිලියන ගණන් හම්බ කරන්නේ නෑ.විශේෂයෙන්ම අළුත් නීතිඥවරුන්ට හරිම අමාරුයි ජීවිතේ ගැට ගහගන්න..දිවුරුම් දීපු අළුත හැම ලෝයර් කෙනෙක්ම වගේ සීනියර් ලෝයර් කෙනෙක් ගාව වැඩ කරනවා.සාමාන්‍යයෙන් කතාවට කියන්නේ ලෝයර් කෙනෙක් හරියට නීතිය ඉගෙන ගන්නේ දිවුරුම් දුන්නට පස්සේ කියනවනේ.අන්න ඒ නිසා තමයි ගොඩාක් වෙලාවට සීනියර් කෙනෙක් ගාව අවුරුදු 3-4 ක් ඉන්නේ. දිවුරුම් දීපු අළුත නඩු එන්නේ නැති එකත් තව හේතුවක්.
එතකොට සීන් එක තියෙන්නේ අර හුළගේ ගහගෙන ගිය ගිරා පෝතකයෝ දෙන්නගේ කතාව වගේ දෙයක් තමයි..හොඳ සීනියර් කෙනෙක් සෙට් උනොත් ගොඩ.නැත්නම් සදා අනාතයි..මම දන්න උන් ඉන්නවා උන්ගේ ලොක්කා මාසෙට 15 000 යි ගෙවන්නේ. ගොඩාක් පිට පළාත්වල උසාවි වල රුපියල් 25 000 තමයි ජූනියර් කෙනෙක්ගේ පඩිය.
මම දන්න සමහර උන් ඉන්නවා උන් දිවුරුම් දීපූ දවසේ ඉදන් මාසෙට ලක්ෂ 5 විතර හොයනවා..කොළඹ වගේ එහෙම නම් කඩ්ඩ එහෙම හොදට තියෙන හොදට නාඩි වැඩ කරන උන් හොද සීනියර් කෙනෙක්ට සෙට් වෙලා හොද මැච් එකක් ගහ ගන්නවා.
අවුරුදු 5 ක් විතර ප්‍රැක්ටිස් එක තියෙන ලෝයර් කෙනෙක්ගේ ආදායම
ලෝයර්ස්ලාගේ ගාස්තු නියාමනය කිරීමක් කොහෙන්වත් සිද්ධ වෙන්නේ නෑ..ඒ නිසා ලෝයර් කෙනෙක්ට තමුන්ගේ තමුන්ට අවශ්‍යයි කියලා හිතෙන ගාස්තුවක් අය කරන්න පුලුවන්.ඒ නිසා හොද ටැලන්ටඩ් ලෝයර් කෙනෙක් හොයන ගනන් සමහර වෙලාවට අපිට විශ්වාස කරන්නත් බෑ.එක දවසට මිලියන දෙක තුන ගෙදර අරන් යන ලෝයර්ස්ලා ලන්කාවේ ඉන්නවා.ඔය අතරේ ඉන්නවා එදා වේල හොයා ගන්න බැරුව ගේම ගහන ලෝයර්ස්ලා.ගොඩාක් වෙලාවට ඔය පාර අයිනේ හිටගෙන එන්න මල්ලි මොකක්ද කේස් එක කියලා අහලා බලෙන් නඩු ගන්නේ ඒ ලෝයර්ස්ලා තමයි.(කරුමේ කියන්නේ ගොඩාක් වෙලාවට මිනිස්සු උසාවි යන්නේ ඔය ට්‍රැෆික් කේස් වලටනේ..ඒ වගේ වෙලාවට මිනිස්සුන්ට අර වගේ අඩගහලා නඩු ඉල්ල ගන්න ලෝයර්ස්ලව තමයි හම්බවෙන්නේ..එතකොට මිනිස්සු ඒ මිම්මෙන්ම අනිත් ලෝයර්ස්ලවත් මනිනවා.)
2.සමාජ බලය
මේකට දෙන්න තියෙන හොදම උදාහරණය තමයි අලි සබ්රි. ලෝයර්කම නිසා කන්ටැක්ට්ස් හදාගෙන තනි සිංහල කියලා පාරම්බාන ආණ්ඩුවක මුසල්මානුවෙක් හැටියට බලවත් ඇමති කමක් අරගෙන ගේමක් ගහගත්තා. ලෝයර් කෙනෙක්ට හැදෙන කන්ටැක්ට්ස් මාරම පුදුමයි.මුඩුක්කුවක එදාවේල හොයාගෙන කන මිනිහගේ ඉදන් රටේ ජනාධිපති වෙනකන් ඕන තරම් කන්ටැක්ට්ස් හැදෙනවා.
කවදාවත් ගෙදර යවන්න බැරි වෙයි කියලා හිතපු මහින්දලාව ගෙදර යවන්න පළවෙනි වෙඩි මුරය තිබ්බේ ලෝයර්ස්ලා කියලා කිව්වොත් මිනිස්සු විශ්වාස කරන එකක් නෑ..ඒත් ඒක තමයි ඇත්ත..ඒ තරම් බලයක් ලෝයර්ස්ලට තියෙනවා..
ඕකෙම අනිත් පැත්තත් තියෙනවා ඉතින්. පාරේ ඉන්න පොලිස්කාරයන්ට හිටන් සර් කියලා දෙකට නැවෙන අයත් ලෝයර්ස්ලා විදිහට ඉන්නවා.පොලිසි වලින් එන නඩු ටික ගන්න පොලිස්කාරයෝ එක්ක නිදියන ලේඩි ලෝයර්ස්ලත් ඉන්නවා කියලා සුගන්ධිකා එක පාරක් කිව්වා.
ගේම ගහන එකා ඉස්පිරිතාලේ ඇටෙන්ඩන්ට් වෙලා හිටියත් ගේම ගහනවා..හැබැයි සාපේක්ෂව බලපුවාම ඩොක්ටර්ස්ලට ඉන්ජිනියර්ස්ලට හරි ඒ වගේ වෙනත් වෘත්තීන් වල ඉන්න අයට වඩා ලෝයර්ස්ලට සිවිල් සමාජ බලයක් තියෙනවා.ගොඩාක් ලෝයර්ස්ලා පොලිටික්ස් වලට එන්නත් ඒ සමාජ බලය සෑහෙන්න පිටිවහලක් වෙලා තියෙනවා..