පොරක් වෙන්නේ කොහොමද ?

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මොකක් හරි interview එකකදි හරි conference එකකදි හරි නේද පොර ඔය වට්ටක්කා සීන් එක ගැන කියන්නේ. මෙහෙමයි මචන්. YouTube එකෙන් ඔහොම ජීවිතේ ජයගත්ත හැටි ගැන හෙන "ආදර්ශමත්" talks දෙන ගොඩක් කට්ටිය ඇත්තටම සල්ලි හම්බ කරගත්ත විදිය බැලුවොත් සමහර කට්ටිය හම්බ කරලා තියෙන්නේ ගොඩක් නරක දේවල් කරලා. එහෙමත් නැත්තං ඔය ගොඩක් කට්ටිය උපතින්ම සල්ලිකාරයෝ. ඒ වුනාට ඒගොල්ලො බින්දුවේ ඉඳන් පටන්ගෙන ජීවිතයේ ජයගත්ත විදිහක් ගැන කතාවක් ගොතල කියන්න හරිම කැමතියි. හැබැයි බං "ඇත්තම පොරවල්" අපිට එදිනෙදා ජීවිතේත් හම්බෙනවා. හැබැයි අපිට ඒ කට්ටියව පොරවල් වගේ "පේන්නේ නෑ." මොකද ඒ කට්ටිය බොහොම සාමාන්‍ය මිනිස්සු විදිහට තමයි එදිනෙදා සමාජයේදී හැසිරෙන්නේ. උන් තමන්ට පොරත්වයක් ආදේශ කරගන්න දඟලන්නෙත් නෑ. අනිත් එක ඒගොල්ලො පොඩ්ඩක්වත් ප්‍රසිද්ධ කට්ටිය නෙමෙයි. ඒගොල්ලොන්ට ලංකාවේ සුපිරිම කෝටිපතියො තරම් සල්ලි නැති වුණාට කාටවත් අත පාන්නේ නැතුව හොඳට කාල බීල ඇඳල පැලඳල ඉන්න පුළුවන් තරමට හොඳට සල්ලි තියෙනවා. හැබැයි බං ඒ කට්ටියට පොඩි කාලේ වට්ටක්කා විකුණලා ඒකෙන් ව්‍යාපාරවල මූලික සිද්ධාන්ත ඉගෙනගෙන ඒ ඇසුරෙන් තමාගේ ජීවිතේ හැඩකරගත්තා වගේ "සුරංගනා කතා" එහෙම නෑ. ගොඩක් කට්ටියට තියෙන්නේ මහන්සිවෙලා ඉගෙනගෙන කැම්පස් ගිහින් ජොබ් එකක් කරලා (සමහර කට්ටිය කැම්පස් යන ගමනුත් ජොබ් එකක් කරනවා.) සල්ලි හම්බ කරගෙන ඒ සල්ලි වලින් පොඩි බිස්නස් එකක් පටන් ගෙන දියුණු වෙච්ච බොහොම සාමාන්‍ය typical ජීවිත කතාවක්. අනිත් එක ඒ කට්ටිය තරුණ කාලෙදි ඉගෙන ගන්න මහන්සි වෙච්ච හින්දා ඒගොල්ලො සාමාන්‍යයෙන් දියුණු මට්ටමකට පත් වෙනකොට පොඩ්ඩක් වයසට ගිහිල්ලා ඉන්නේ. මේ වගේ කතාවක අපිට YouTube එකේ ඉන්න තරුණ කාලයේදීම ජීවිතය ජයගත්ත ඩයල්ගේ කතාවල වගේ "රස කර කර" කියන්න දේවල් නැති හින්දා අපිට එහෙම සාමාන්‍ය විදිහට දියුණු වෙච්ච කට්ටියව පොරවල්ලා විදියට පේන්නෙ නෑ. හැබැයි ඇත්තම කතාව බැලුවම ඒ කට්ටිය තමා මචන් සිරාම පොරවල්ලා. ඒ කට්ටිය පව් පිරෙන වැඩ කරන්නේත් නැතුව හරිම සාධාරණ විදියට හම්බ කරනවා. ඒ නිසා මම නම් මගේ Role Models ල කරගෙන ඉන්නේ ඒ වගේ කට්ටිය. ඒ කට්ටිය තමා "සිරාම පොරවල්ලා." (අඩේ මං දාන replies දිග වැඩියි වගේ හිතනවනම් ඒක වැඩිය ගණන් ගන්න එපා මචං ඈ. 😅 මට මොකක් හරි ලියන්න හිතුනහම ඒක ලියන එක නවත්තගන්න එක ගොඩක් අමාරුයි. 😅)
    ජනප්‍රිය එකෙක්ට තාම දන්නෙ eminem.
     
    • Like
    Reactions: Avishka Indula

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    ඕන දෙයක් ටක්ගාලා ඉගෙන ගන්න පුළුවන් /හොඳට කරන්න පුළුවන් හරි යම් දෙයක් හොඳටම පුළුවන් හරි මනුස්සකම තියෙන බුද්ධිමත් දක්ෂ ඒත් පොර වෙන්න හදන්නේ නැති නිහතමානී අය