පොල් වල ආදායම කොහොමද?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉඩමක ගාන කවර් වෙන්න කොච්චර කල් යනවාද?

    යටි වගාවක් විදිහට මොනාද හොද? වල්රටකජු මොකද? යටිවගා ලාබද

    ඕක මෙහෙමයි. දැං අපේ පැත්තෙ බෙයා ලෑන්ඩ් එක අක්කරයක් යනවා ලොකේෂන් එක අනුව ලක්ෂ පහලව- විස්ස වගේ අතර. (ප්‍රධාන පාරෙ නෙමෙයි ඈතට වෙන්න). හැබැයි පොල් හොඳට තියන ඉඩමක වටිනාකම ඊට දෙගුණයක් විතර වෙනවා. එතකොට ඔයා ROI එක සලකද්දි ඇසෙට් එක ඇප්රෙෂියේට් වෙන ෆැක්ටර් එකත් සලකන්න ඕන.

    යටි වගාවක් විදිහට ඔයාට දාන්න පුලුවන් අන්නාසි, කොමඩු, කෙසෙල්, ගම්මිරිස්, ඉඟුරු , කහ, මිරිස්, එලවලු ජාති.. ඔය ඕන එකක්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඇඹුල් අක්කර දෙකක්
    පස නම් කියන්න තේරෙන්නෙ නෑ.අර කලු පාට වගේ වැලි මැටි දෙකම වගේ බන්.අගල් දාලා තියෙන්නෙ.වතුර තියෙනව ප්‍රශ්නයක් නෑ
    Machan mekata uttarayak denna @maxtalker danata kesel gas assen pol pala hitawanna barida?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    1. අක්කරේකට වවන ක්‍රමේ අනුව ගස් ගාණ 64 හෝ 72 වෙනවා. මගෙ රෙකමන්ඩේෂන් එක 64යි. හේතුව 72ක් හැදුවොත් ගස් ලොකුවෙනකොට වදුල ඇවිත් ආදායම අඩුවෙනවා.
    2. ගහකින් කඩන පොල් ගාණ ගහේ වර්ගෙ, ගහට ලැබිල තියන පෝෂණය අනුව වෙනස් වෙනවා. පොල් ප්‍රබේද තියනවා TT, PP, TP, මොරොක්ටෝල්, කප් රුවන ආදී වශයෙන් . TT ගස්වල පලදාව අඩුයි. PP තමා හොඳ, ඔරොත්තුදෙන්නෙ. කප්රුවන, කප්සෙවන වගේ ඒවගෙ පලදාව වැඩි උනාට පලිබෝධකයන්ට තියන රෙසිස්ටන්ට් එක අඩුයි.
    3. පොල් මාස එකහමාරෙන් කඩන්න පුලුවන්. මාස දෙකෙන් කඩන්නත් පුලුවන්. මාසෙං කඩන්නත් පුලුවන්. සාමාන්‍යයෙන් අවුරුද්දට ගහකින් වලු දොලහයි. හරියට පුහුණු කරපු ගහකින් අවුරුද්දට වලු 18ක් කඩන්න පුලුවන්.
    4. අවුරුද්ද පුරාවට පොල් පලදාව වෙනස් වෙනවා. ඒ එක්කම පොල් මිල වෙනස් වෙනවා. සාමාන්‍ය තත්ව යටතේ අඩුම පොල් මිල යන මැයි මාසෙ තමා වැඩිම පොල් පලදාව තියෙන්නෙ.
    5. හරියට නඩත්තු කරන පොල් අක්කරේකින් ගෙඩි 1000ක් දල වශයෙන් කඩන්න පුලුවන් පොල් උපරිමටම කැඩෙන මැයි මාසෙ. ඔය ගාණ 600 ~ 900 අතර යයි. එහෙම නැතිනම් 250 ~ 450 තමා. මෙතන හරියට නඩත්තු කියන එකෙන් අදහස් කරන්නෙ නිසි පලට වතුර සහ පෝර දාලා භූමිය මනාව මේන්ටේන් කරන වගාවන් ගැන. එහෙම නැත්තං ගස් බාල වෙලා ආදායම අඩුවෙනවා.
    6. පොල් වලට වතුර ඕනද - ඔව්. ගහකට දවසට ලීටර් 60ක් ඕන. පොලව මැටි ගතිය වැඩියි නම් පොලව ඉක්මණට වේලෙනවා. වැස්ස නැවතිලා සති දෙකකින් විතර සතියකට වතාවක් වතුර දාන්න ඕන
    7. අවුරුද්දකට දෙපාරක් හෝ වරක් පෝර දාන්න ඕන.
    8. තනකොල එද්දි තණකොල කපන්න ඕන
    9. වැටෙන පොල් අතු කපලා ගහවටේට දාන්න ඕන.
    ප්‍රශ්න තියනවා නං අහපං.
    👏👏👏👏
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    👍👍👍
    Tfs මචෝ...
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අක්කරයක පොල් ගස් කීයක් වවන්න පුලුවන්ද? ගහකින් පොල් කීයක් කඩන්න පුලුවන්ද මාසෙට?පොහොරවල්ට වියදම කොහොමද?අක්කරයකින් ලැබෙන ආදායම කොහොමද?දන්න අය කියන්න.
    අක්කරේකට ගස් 60-65ක් පුලුවන් කියලා අහලා තියනවා.
    පොල් පැල ගන්නකොට අවුරුදු 5න් පීදෙන 1ක ගන්න. පැලයක් 150ක් විතර වෙන්නේ පොල් මණ්ඩලේ තවාන් වල. හයිබ්‍රිඩ් 1ක ගන්න එපා කාලයක් යද්දි ගස් සවුත්තු වෙනවා. පොහොර වාර්ෂිකව වගේ තමා දාන්න ඕනි. මුල් කාලේ මාස 3-3ට වගේ. පොල් පැල කාලේ මයියොක්කා වගේ අතුරු භෝගයක් දාපන් වියදම කවර් කරගන්න පුලුවන්. ඒවාට පොහොර මුකුත් ඕනි නෑ.

    වත්තෙන් පොල් ගෙඩියක් මේ දවස්වල 45ට ගන්නවා ලෙල්ල පිටින්. අපි ලෙලි ගහලා විකුණනවා නම් ලෙල්ලක් රැ 3-5ට විතර ගන්නවා. අක්කරේකින් පොල් 1000 ක් විතර කඩන්න පුලුවන්. පැල කාලේ නම් අපිටම කඩන්න පුලුවන් හොද පොල් කෙක්කක් හදාගත්තා නම්. මයියොක්කා දාගත්තා නම් කිලෝව රු 60-70ට විතර යනවා. ඉඩමේ ඉදලම විකුණන්න පුලුවන්. ගස්ලබු දාන්න පුලුවන් අතුරු වගාවක් විදිහට.
     
    Last edited:

    leli kawda ganne?
     
    • Like
    Reactions: shenat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    දැන් වත්තක් අරං පොල් හිටෙවුවොත් ඒවගෙන් පලදාව ඇවිල්ලා ආදායමක් ගන්න කොච්චර කල් යනවද?

    සම්පූර්ණ අක්කරයක හිස් ඉඩමක පොල් හිටවන්න කීයක් විතර වියදම යයිද ?

    පොල් හැදිලා ආදායම ගන්න පුලුවන් වෙනකං වෙන වගාමක් කරන්න පුලුවන්ද වත්තෙ?උදා :- ගම්මිරිස්

    කුරුණෑගල පැත්තෙන් හරි කෑගල්ල පැත්තෙන් හරි ටිකක් ඇතුලට වෙන්න අඩුවට හිස් ඉඩමක් අක්කර 1හමාරක් 2ක් විතර අරං පොල් දාන්න බැලුවෙ හිස් ඉඩමක් කීයක් වෙයිද ටිකක් ඇතුලට වෙන්න?

    හැබැයි ගත්තට වත්ත බලන්න අපිට එන්න වෙන්නෙ මාසෙකට සැරයක් දෙසරයක් තමයි.හොදට වැටවල් ගහලා තිබ්බොත් ඇති වෙයිද? නැත්තං වත්ත බලාගන්නයි අමතර වගාව කරන්නයි ඒ පැත්තෙම මිනිහෙක්ව ටෝක් කරගන්න පුලුවන් වෙයිද යටි වගාවෙන් එන ආදායමෙන් කොටසක් උටත් දීලා?නැත්තං පඩියකුත් දෙන්නම වෙයිද?

    අමතර වගාවෙන් විතරක් කීයක් හොයන්න පුලුවන් වෙයිද මාසෙකට?පොලුත් හැදුනම අක්කරේකින් කීයක ආදයමක් තියෙයිද පොල් වලින්.

    පැසිව් ඉන්කම් එකක් හදාගන්න බලන්නෙ බං කොහොමහරි.දන්න එකෙක් කියලා දියන්කො මේ ටික ❤️

    පොල් ඉඩමක අතුරු වගාවක් විදිහට මයියොක්කා දැම්මොත් අක්කරේකින් මයියොක්කා කිලෝ කීයක් විතර ගන්න පුලුවන් වෙයිද බං?කොච්චර කාලයක් යනවද මයියොක්කා හැදෙන්න?අවුරුද්දෙ ඕන කාලෙක මයියොක්කා විකුණ ගන්න ලේසිද බං? නැත්තං අර ටීවි එකේ දුක කියන එලවලු ගොවියො වගේ විකුණගන්න බැරිව දගලන්න වෙයිද?
    ------ Post added on Sep 19, 2021 at 7:10 PM
     
    සාමාන්‍යයෙන් පොල් ගහක් පීදෙන්න අවුරුදු 5ක් යනවා. සාත්තුව හොදට කරනවා නම් අවුරුදු 4කින් විතර පීදෙනවා. හොද පොල් වර්ගයක් හොයාගන්න. පොල් පැලයක් රු 150ක් විතර වෙනවා. පැළ හිටවන්න යන වියදම නම් හරියට කියන්න බෑ. හිස් ඉඩමක් ගත්තොත් බිම් සුද්ද කරන්න, වලවල් කපන්න යන විදම තමා. පොහෙර ගණන් කොහොමද දන්නේ නෑ දැන්. හිස් ඉඩම් නම් බං පාර අයිනේ ගණන් වැඩී ටිකක් ඇතුලට වෙන්න නම් 4-5කට හොයාගන්න පුලුවන් අක්කරයක්. වගාවෙන් පංගුවට කෙනෙක් හොයාගන්න පුලුවන්. වතුර තියන ඉඩමක් හොයාගත්තා නම් ගොඩ. දන්න කවුරු හරි සෙට් කරගෙන ඇවිදලා බලපන් හොයාගන්න බැරි නෑ කෑගල්ලට වඩා කුරුණෑගල හොදයි පොල් වලට. කෑගල්ලේ බුලත්කොහුපිටිය අරණායක පැතිවල ඉඩම් ගණන් අඩුයි ටිකක්. අනිත් පැති වල නම් අක්කරේ ලක්ෂ 15-20 අතර යන්නේ. මයියොක්කා ගහකින් කිලෝ 2-5 අතර ගලවන්න පුලුවන් පස හොදට බුරුල් කරලා හැදුවොත්. මහ ට්‍රැක්ටරයක් දාලා හාන්න ඕනි ඒකට. මයියාකේකා නම් විකුණගන්න එච්චර අමාරු නෑ මිනිස්සු කනවා වැඩී දැන් ඒ වගේ දේවල්. මම උනත් සතියට කිලෝ 2-.3ක් ගේනවා ගෙදරට.
    පුලුවන් නම් වැඩේ ටික ටික පටන් ගනින්. ඉස්සල්ලා ඉඩම අරන් වැට ගහන්න. පස්සේ හෙමීට කැලේ කපලා ටික ටික පැල හිටවන්න. කාට හරි බලාගන්න දෙන්න වත්ත සතියෙන් දෙකෙන් බලන්න යන්න. බලා ගන්න එකාන නොදන්වා යන්න. වල් කපන මැෂින් 1ක් ගන්න. එතකොට වැඩේ එච්චර අමාරු නෑ. මගේ වයිෆ්ට මාමණ්ඩි දීපු ඉඩමක තමා දැන් පොල් දාන්න යන්නේ. පොල් මණ්ඩලේ පැල තවානේ පැලයක් 150ක් වෙනවා.

    පරණ ගස් තියන එකක් නම් ගස් වලට පොහොර ටිකක් දාන්න. ලුණු පැකට් 1කකුත් දාන්න එක ගහකට. පලදාව වැඩි වෙනවා.
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    හොරණ මයියොක්කා කිලෝ එක ඉඩමට ඇවිත් ගන්නේ 30 ට වගේ බං.
    පොල් හිටවන්න අඩි 26 පරතරේට.
    අක්කර 1 ට අනුමත පැල 64 යි.
    රජයේ සහනාධාර යටතේ පැළයක් 150 ට ගන්න පුළුවන්.
    අවුරුදු 3 ක් යනකන් ඒ පැළය නඩත්තුව ට අවුරුද්ද ට පැල කට රු 50 බැගින් දෙනව.
    3% පොලියට ණය ගන්න පුළුවන් kapruka සහනාධාර ය.
    තේ වලට ඇරෙන්න අනිත් යටි වගා, අතුරු බෝග වගාව ට අක්කර 1 ට රු 15000 ක් දෙනව.
    මේ ටිකේ රසායනික පොහොර නැත.
    කාබනික පොහොර භාවිතයට පැලයක ට රු 120 ක් දෙනව.
    කාණු කපනවා ට ගෙවනවා.
    වතුර line දානවා ට ණය දෙනව.
    පුරන් කුඹුරු වල (grade c and some grade B) පොල් sojan ක්‍රමය ට පොල් හිටවන්න අක්කර 1 ට රු ~75000 ක් දෙනව.
    මේ දවස් වල අලුත් පොල් පැළ නිකුත් වෙනවා.
    බදුන් පැල 150, බිම් පැල 75 යි.

    ජය...
     
    අඩෝ තෑන්ක්ස් මචං විස්තර කිව්වට 😍😍 කුරුණෑගල පැත්තෙ ටවුන් එකේ ඉදන් km 20-25 වගේ ඇතුලෙන් හොදට වතුර තියන හිස් ඉඩම් අක්කරයක් ලක්ෂ 5කට විතර හොයාගන්න පුලුවන් වෙයිද මචං ? පොල් පැල වවපු ඉඩම් අක්කරේක මයියොක්කා ගස් කීයක් වගේ හදන්න පුලුවන්ද ?❤️

    අඩෝ තෑන්ක්ස් බොක්ක 😍❤️
    ------ Post added on Sep 19, 2021 at 8:03 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අඩෝ තෑන්ක්ස් මචං විස්තර කිව්වට 😍😍 කුරුණෑගල පැත්තෙ ටවුන් එකේ ඉදන් km 20-25 වගේ ඇතුලෙන් හොදට වතුර තියන හිස් ඉඩම් අක්කරයක් ලක්ෂ 5කට විතර හොයාගන්න පුලුවන් වෙයිද මචං ? පොල් පැල වවපු ඉඩම් අක්කරේක මයියොක්කා ගස් කීයක් වගේ හදන්න පුලුවන්ද ?❤️

    ගස් 2000ක් -5000ක් විතර දාන්න පුලුවන්. සාමාන්‍යයෙන් අඩි 4X4විතර මයියොක්කා හිටවන්න පුලුවන්. පොල්පිතිගම වගේ පැති වල ඉඩම් ගණන් අඩුයි බන් . මම ගන්නේ වත්තෙන්ම මයියොක්කා 60යි කිලෝ 1ක්. පොලේ යන අය 40ට ගන්නවා මෙහේ. මාස 6-7න් අස්වැන්න ගන්න පුලුවන් මයියොක්කා. මම බැලුවා පොල් ගස් තියන එකක් අක්කර 7ක් ලක්ෂ 45යි. බලනවා ලොන් 1ක් දාලා ගන්න මේ දවස් ටික පහුවෙලා