uba aurudu 6k elolada mama paarata aluth kiyanne? ane machan mama 15yrs wahana elonawa.. mage licence eka 16yrs parana ekak... ubath thawa tika kalak elawaddi ubatath therei, ube munata ira kapan wahana eddi light gahanawada, policiyata kiyanawada kiyala... uba aurudu 6ta ne dada kola kaala naththe.. mamath machan 15yrs walatama dada kola kaala na.. e pass light gahapu ewa bala bala gihin nemei.. mama hariyata elola... mama machan last 5 yrs daily colombo walata ude hawasa elonawa machan..
උබ අවුරුදු 15ක් නෙමෙයි අවුරුදු 100ක් එලෙව්වත් ලංකාවෙ පොලිසිය ගැනවත්, ලංකවෙ නීතිය ගැනවත් දැනගෙන නෑ. උබේ front cam එකේ වීඩියෝ එක අරන් පලයන්කො උසාවි. එදාට උබ ඒක තේරුම් ගනී.
පොලිස් කාරයො හරි වැරැද්ද බලන උන් නෙමෙයි. උන් එක්ක වචනයක් කතා කරන්න පුලුවන්ද? පහුගිය දවස් ටිකේ ශෙයා වෙච්ච වීඩියෝ දැක්කේ නැද්ද? ඉරි කපාගෙන යන ලොකු ලොක්කන්ගෙ වාහන එකක්වත් පොලිසිය නවත්තනව තියා ඇහැක් ඇරල බලන්නෙ නෑ. ඇල්ලුවොත් බයික් එකක්, පොඩි කාර් එකක්, වෑන් එකක් තමයි. වාහන එලවන උන් දන්නව පොලිසිය ගැන උබ දන්නෙ නැති උනාට. ඒක නිසා මමනම් headlights ගහනවම තමයි.
මමත් මේ අවුරුදු 6 ට ලංකාව වටේම එක එක වාහන එලවල තියෙනව බන් කොළඹ විතරක් නෙමෙයි. උදේ හවස කොළඹ ට්රැෆික් වෙලාවට පොලිස් කාරයො කොහොමත් දඩ ලියන්නෙ නෑ බන්. අගලෙන් අගල යන ට්රැෆික් එකේ මොන ඉරි කැපිලිද?
පොලිසිය හරියට තමන්ගෙ රස්සාව කරනවනම් මේ මොන ප්රශ්නයක්වත් නෑ. වැඩිපුරම අනතුරු දායක විදියට පාරෙ යන බස්, ටිපර් කාරයන්ගෙන් පොලිසිය ජරාව කනවා. ඉතින් මොන වැරදි දැක්කත් නොදැක්ක වගේ ඉන්නව. ඉතින් දඩ ටාර්ගට් එක කවර් කරගන්න බයික් එකක්, ඇල්ටො එකක්, මරුටියක් තමයි ඉරක් ලගින් ගියත් අල්ලන්නේ. ඉතින් එහෙම එකෙක්ට පොඩි සිග්නල් පාරක් දෙන එක පවක්ද? මේ ඊයෙ පෙරේද වීඩියෝ එකක මම දැක්කා බයික් කාරයෙක්ව හෙල්මට් නැතුව අල්ලල තනි පොලිස් කාරයෙක්, බයික් කාරය අහල තනි පොලිස් කාරයෙක්ට දඩ ලියන්න පුලුවන්ද කියලා, ඒ පාර අරූ උගෙ ලොක්කව එතනට ගෙනාවහම ලොක්ක කියනව බයික් කාරයව ඇතුලට දානවලු චේන් කඩනව කියල.ඇස් ඇරල මේව බලල කතා කරපන්.
Last edited: