පොලිසියට සිග්නල් ......

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    පොලිසියට සිග්නල් ......

    මචන් මම අද දැක්ක දෙයක් නිසි මේක අහන්නේ.. උබලගේ අදහස දැනගන්න.. අද මම අත්තිඩිය පාරේ උදේ එද්දී මං එන පැත්තට විරුද්ද පැත්තේ පොලිසියෙන් හිටියා. එයාල ඒ පැත්තේ අපු ඉරක් කපපු මෝටර් බයික් එකක් නැවැත්තුව.. ඊට පස්සේ දිගටම මගේ පිටිපස්සෙන් ආපු අනික් car එක head light ගහමින් ඉස්සරහට එන ඔක්කොම වාහන වලට පොලිසියෙන් ඉන්නවා කියල සිග්නල් කලා.
    උබල හිතන්නේ එහෙම ඉස්සරහ පොලිසියෙන් ඉන්නවා කියල සිග්නල් කරන එක හොද දෙයක්ද?
    මොකද මම නං පෞද්ගලිකව එකට කැමති නෑ, වැරදි නොකර යනවනං පොලිසියෙන් හිටියට බය වෙන්න ඕනි නෑනේ.
    උබලගේ අදහසත් දාපල්ලා
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    උඹට තිබ්බේ එක පාරටම බ්‍රේක් ගහන්න අරූගේ හෙඩ් ලයිට් කැඩෙන්න :lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    පොලිසිය හරියට රාජකාරිය කලානම් කව්රුත් Headlight ගහන්නැනේ!!
    ලංකාවේ මාමලා ජරාව කන නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    උබ ලංකාවේම එඋන්ගේ දඩ ටික ගෙවනවනම් සිග්නල් දැන් නැතුව යයි..වැරද්දක් කෙරුවත් නොකෙරුවත් උන් දඩ ගහනවනේ
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    පොලිසිය හරියට රාජකාරිය කලානම් කව්රුත් Headlight ගහන්නැනේ!!
    ලංකාවේ මාමලා ජරාව කන නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ

    thats the thing.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සහොදර ප්‍රේමය බන්.. ලන්කාවේ උන් කොච්චර් ඇනකොටා ගත්තත් අප්පේ පාරට බැහැපුවහම ඔක්කොම ඩ්‍රයිවර්ලා එක අම්මගේ පුත්තු වගේ.. ආසාවේ බැ.. ඒකනේ ලයිට් ගහලා කියන්නේ.. ඉස්සර නම් බස් කාරයො තමා වැඩිපුරම. දැන් හැම එකාම කරනවා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සහොදර ප්‍රේමය බන්.. ලන්කාවේ උන් කොච්චර් ඇනකොටා ගත්තත් අප්පේ පාරට බැහැපුවහම ඔක්කොම ඩ්‍රයිවර්ලා එක අම්මගේ පුත්තු වගේ.. ආසාවේ බැ.. ඒකනේ ලයිට් ගහලා කියන්නේ.. ඉස්සර නම් බස් කාරයො තමා වැඩිපුරම. දැන් හැම එකාම කරනවා

    මාත් දවස් කීයක් නම් බේරිලා තියේද headlight ගහල කියපු නිසා... :cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මාත් දවස් කීයක් නම් බේරිලා තියේද headlight ගහල කියපු නිසා... :cool:
    ගැනුත් ලයිට් ගහනවා බන්.. අද කුරුනැගල ගිය වෙලේ ස්කූල්ටයිම් එක ඉන්ටනැශනල් එක ගාව කුරුනැගල. අප්පේ 30-35 ගැනු ඇක්වා වලයි හොන්ඩා වලයි ඇවිත් ලමයි ගෙනියන්න. ලයිටුත් ගහනවා ඒ අස්සේ.. :(:(:(
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සහොදර ප්‍රේමය බන්.. ලන්කාවේ උන් කොච්චර් ඇනකොටා ගත්තත් අප්පේ පාරට බැහැපුවහම ඔක්කොම ඩ්‍රයිවර්ලා එක අම්මගේ පුත්තු වගේ.. ආසාවේ බැ.. ඒකනේ ලයිට් ගහලා කියන්නේ.. ඉස්සර නම් බස් කාරයො තමා වැඩිපුරම. දැන් හැම එකාම කරනවා

    ආයෙත් අහල. පොඩ්ඩක් ගෑවුනත් ඇති, කොහොමද මචං අම්ම සනීපෙන්ද කියල අහන්නෙ. ඒ තරං ආදරේ :lol:
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මාත් දවස් කීයක් නම් බේරිලා තියේද headlight ගහල කියපු නිසා... :cool:

    කට්ටිය දාල තියන comments වලින් කියන්නේ පොලිසිය බොරුවට දඩ ගහන නිසා headlight ගහල එක කියන එක හොදයි කියල. ඇයි අපිට බැරි බොරුවට දඩ ගහන ඒවාට ශාක්ෂි තියා ගන්න. මම මගේ වාහනේ front record camera එකක් හයි කරලා තියෙන්නේ.

    headlight ගහල කරන්නේ වැරදි කරන එකාගේ වැරදි වහන එක කියලි මට හිතෙන්නේ.

    මොකද වැරදි කරන එකා light ගහනවා දැක්ක ගමන් හොර පූසා වගේ හරියට යනවා, ඒත් පොලිසිය පහු උන ගමන් උගේ වැරදි ටික අපහු කරනවා...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    කට්ටිය දාල තියන comments වලින් කියන්නේ පොලිසිය බොරුවට දඩ ගහන නිසා headlight ගහල එක කියන එක හොදයි කියල. ඇයි අපිට බැරි බොරුවට දඩ ගහන ඒවාට ශාක්ෂි තියා ගන්න. මම මගේ වාහනේ front record camera එකක් හයි කරලා තියෙන්නේ.

    headlight ගහල කරන්නේ වැරදි කරන එකාගේ වැරදි වහන එක කියලි මට හිතෙන්නේ.

    මොකද වැරදි කරන එකා light ගහනවා දැක්ක ගමන් හොර පූසා වගේ හරියට යනවා, ඒත් පොලිසිය පහු උන ගමන් උගේ වැරදි ටික අපහු කරනවා...
    මචන්, ලන්කාවේ ට්‍රැෆික් නීතීය ටිකක් යල් පැනලා තියෙන්නේ බන්.. අපි කවුරුවත් පාරේ යන්නේ නැනේ බන් මිනීමරන්න. එහෙමත් නැත්තම්, රොඩ් රේජ් කියන තත්වෙට ලන්කාවේ කවුරුත් නැනේ පාරවල්වල. ඉතින් ඉරක් කැපුවා, හයිස්පීඩ් ගියා කියලා දඩ කොලයක් ලියනවට වඩා වදේනේ බන් බැහැලා ගිහින්, ලයිසන් ගෙනියන්නයි උන්ට වදින්නයි.. ඉතින් ඒක දන්න එකා ලයිට් ගහනවා..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    හෙඩ් ලයිට් එක වැඩ නම්, කම්මැලි කමකුත් නැත්නම් මාත් හෙඩ් ලයිට් ගහනව. ලංකාවේ පාරවල් වල පොලිසියෙන් ඉන්නේ වැරදි කරනකන් ඉදල අල්ලන්න මිසක් වැරදි වෙන්න තියන ඉඩ අඩු කරන්න නෙමයි.