.
තිරිසන්නු මුන්
.
තායිලන්ත රජය ශ්‍රී ලංකාවට ලබා දුන් එරට ජාතික වස්තුවක් බදු නිරෝගී අලි පැටවා සක්සුරින් නැතහොත් කවුරුත් දන්නා කන්දේ විහාරයේ මුතුරාජා ශ්‍රී ලංකාවේ සිටින දිගම දළ සහිත හීලෑ ඇතා අපේ රටේ අධම යන්ගේ අමානුෂික හිංසා වලින් පස්සේ තායිලන්තය මුතුරාජාව ආපහු එරටට ගෙන්නන්න සියල්ලා සූදානම් කරලා තියෙනවා.
පළවෙනු පින්තූරයේ තියෙන්න්නෙ මුතුරාජව කටු මාංචු දාලා තියා ගත්ත විදිය.පහුගිය කාලේ කුලු ගෙඩි වලුන් ගහලා මුතුරාජගේ කකුල් කැඩුවා කියලා වාර්තා තියෙනවා.2022 දී පරිසර සංවිධාන වල දැඩි මැදිහත්වීම නිසා තායිලන්ත රජය එරට විශේෂ කන්ඩායමක් මුතූව බලන්න එවනවා.ඒකෙන් ඔවුන් කම්පනයකට පත් වෙනවා.ලංකාවේ අයට මුතූව වෙන තැනකට මාරු කරලා බලාගන්න ඕන උනාට වෙලා තියෙන දේ ගැන කම්පාවට පත් උන තායිලන්ත රජය මුතූගේ සියලුම පාලනය තමන් යටතට ගන්නවා.
ඉන්පසු දෙහිවලට මුතූව අරන් ගිහින් තායිලන්ත ඇත්ගොව්වන් යටතේ මුතූට ප්‍රතිකාර පටන් ගන්නවා.ඒ එක්කම එරට රජය විශේෂ තීරනයක් ගන්නවා.ඒ තම රටේ ජාතික වස්තුවක් බදු මුතූ හෙවත් සක්සුරින් ව යලිත් එරටට රැගෙන එන්න ඔවුන් තීරණය කරනවා.
එලැඹෙන ජූලි මස පලවෙනිදා රුසියානු IL76 විශේෂ ගුවන් යානය මගින් මුතුරාජාව තායිලන්තයට රැගෙන යන්න මේ වෙද්දි සියල්ල සූදානම් කරලා තියෙනවා.ඒකට ඕනි කරන විශේෂ කුටියක් පවා ඔවුන් සූදානම් කරලා මුතූව ඒකට මේ දවස් වල හුරු කරනවා.ඒකට ලක්ෂ 2500කට වැඩි මුදලක් ඔවුන් වැය කරනවා.අපේ රටේ සමහර වෙලාවට අලියෙක් පන ඇද්දත් ඌව බේරගන්න වාහනයක් එන්නේ ඌ මැරුනට පස්සේ.
මුතූ තායිලන්තයට ගියාට පස්සේ වසර 2500ක බෞද්ධ ශිෂ්ඨාචාරය ගැන පම්පෝරි ගහන අපේ රටේ රෙද්ද තායිලන්ත මාධය අනිවාර්යයෙන්ම ගලවලා දාවි.ඒ විතරක් නෙවෙයි තායිලන්තය ඇතුලු රටවල් තමන් පරිත්‍යාග කරපු අනෙක් අලි ඇතුන් පවා ආපහු තමන්ගෙ රටවල ඉල්ලන්න පුලුවන්.ඒ වගේ ලොකු අවධානමක් දැන් තියෙනවා.
නැදුම්ගමුවේ රාජා පාරෙ යද්දි දණගහලා වැදපු,දලදා පෙරහැරට,බුද්ධාගමට වචනයක් කිව්වත් හිරේ දාන්න ඕනි කියන තරම් පණ දීලා ආගම රකිනවා කියලා ලෝකෙට පෙන්නපු අපි උතුම් මහ කරාඩුවක් වඩම්මපු හස්තිරාජයකුට සැලකුවේ අන්න ඒ විදියට කියලා ලබන මාසේ ලෝකෙම වාර්තා කරාවි.
ඉස්සර ඉදන් ඕකට හොද කතාවක් තියෙනවා.
හක්කේ බුදුරැස්.බොක්කේ දඩමස්..
සංජය ප්‍රදීප්
වේස බල්ලොන්ට මම නම් වඳින්නෙ නෑ ලොවෙත්. දවසින් දවස එපා වෙන එක තමයි වෙන්නේ.