පොළිය කීයද?

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පොළිය කීයද?

ශි‍්‍රයානි තම කාර්යාලය අසල පිහිටි ඉතිරි කිරීමේ බැංකුව වෙත ගියේ තම පුතා පන්තියට ඇරලවා ආපසු එමින් සිටියදීය.

රුපියල් ලක්‍ෂයක් බැංකුවේ දැම්මා ම පොළිය කීයද?’ ඇය කවුන්ටරයේ සිටි, නොනවත්වා ඇහිපිල්ලන් ගසමින් සිනාසෙන තැනැත්තිය ගෙන් ඇසුවාය.

ඇය නියමිත පොළිය ගණන් බලා වහා දැන්වූවාය.

’හොඳයි ලක්‍ෂ දෙකක් දැම්මොත්...?’ ශි‍්‍රයානි හිස ඇලකර සිනාසී ඇසුවාය.

එයද ගණන් බලා කී නිලධාරිනිය අනතුරුව මෙසේ ඇසුවාය.

’මිස්, කීයක් දාන්නද කල්පනා කළේ?’

’නෑ, මං මේ කල්පනා කළේ ලොතරැයි එකක් ගන්නවද, දෙකක් ගන්නවද කියලා.’ බැංකුව ඉදිරිපිට මහපාරේ වූ ලොතරැයි කූඩුව දෙස බලමින් ශි‍්‍රයානි පැවසුවාය.




බම්පියක් දියෝ​
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලොතරැයි කාරයා 'ලක්ශේ දිනුම' දෙන ටිකට් විකුනන්නේ. මේ මනුස්සයා ටිකට් දෙකක් අරන්න ලක්ශ 2ක් දෙකක් පොතේ දාන්න කල්පනාව.