පෝල් ෆාබ්‍රේස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පෝල් ෆාබ්‍රේස්

    ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සල්ලි විතරයි අවශ්‍ය මිනිස්සු අවශ්‍ය නෑ - පෝල් ෆාබ්‍රේස්

    ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට වැදගත්වන්නේ මුදල් පමණයි ඔවුන් පුහුණුකරුවන් ක්‍රීඩකයින් නොතකා හරින බව ලංකා ක්‍රිකට් පුහුණු ධුරයෙන් සමුගත් පොල් ෆාබ්‍රේස් විදෙස් පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් සදහන් කොට ඇත.

    ඔහු එහිදී වැඩිදුරටත් සදහන් කොට ඇත්තේ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් කතා කර ගැනීමට හා පෞද්ගලිකව තමාට මුහුණු පෑමට ලක්ව ඇති ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා ඉල්ලා සිටියත් ඒ කිසිවක් සදහා ඔවුන් අවස්ථාවක් ලබානොදුන් බවයි.

    අදාළ තනතුරුට පත්වී ගතව ඇත්තේ මාස 03කට අඩු කාල සීමාවක් වුවත් මේ කාල සීමාව තුළදී ලංකාවේ ක්‍රිකට්වල තත්වය තේරුම් ගත් බවත් ඒ අනුව ක්‍රිකට් ආයතනය ලෝක පරිමාණයෙන් ගත් විට දුර්වල කළමණාකාරණයක හා අඩු මානුෂීය බැදීම් සමඟ පවතින ආයතනයක් වන බවත් ඔහු පෙන්වා දී ඇත.

    කෙසේ නමුත් මෙවන් තත්වයක් ක්‍රිකට් ආයතයේ පවතින රාමුවක් තුළත් ක්‍රීඩකයින් ජයග්‍රහණ අත්පත් කර දීම ඔවුන්ගේ ඉහල ක්‍රීඩාශීලීත්වය පිළිබිඹු කරන්නක් බවද හේ වැඩිදුරටත් සදහන් කර සිටියේය.

    මේ අතර බිබිසී ලෝක සේවයට ප්‍රකාශයක් ලබාදෙමින් සනත් ජයසූරිය පවසා සිටියේ එංගලන්ත සංචාරයක් මුව විටේ තිබියදී පෝල් ෆාබ්‍රේස් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය හදිසියේම අසරණ තත්වයකට පත්කොට ඇති බවයි.


    ඔක්කොටම කලින් අර අලි තොල් කාරයාව එළවලා දාන්න ඕනේ. ඕකා තමයි ක්‍රිකට් කන්නේ. :angry::angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ටි ටුවෙන්ටි තරග පුහුණු කරු තනතුර කොන්ත්‍රාත් වලට අයිති නෑ කියලා ක්‍රිකට් ආයතනය ලෝක කුසලාන තරග වලට අදාල කිසිම දිමනවාක් පුහුණු කරුට ගෙවලා නැතිලු බන් .මහ කුහකම ආයතයක් ලංකාවේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටි ටුවෙන්ටි තරග පුහුණු කරු තනතුර කොන්ත්‍රාත් වලට අයිති නෑ කියලා ක්‍රිකට් ආයතනය ලෝක කුසලාන තරග වලට අදාල කිසිම දිමනවාක් පුහුණු කරුට ගෙවලා නැතිලු බන් .මහ කුහකම ආයතයක් ලංකාවේ.
    ලොල් අපේ එවුන් සුද්දටත් ගේම දීල , ඉතින් ඇත්තනෙ ,කොන්තාත්තුවට අදාල නැත්තන් මොකට ගෙවනවද.:lol::lol: