පෝෂණය සහ දුර්මත

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    පෝෂණය සහ දුර්මත

    පෝෂණය සහ දුර්මත

    14590458_1258518144190068_3776572453528812053_n.jpg

    ප්‍රෝටීන් ඌනතාවය නිසා ලංකාවේ ළමුන් අඩු උපත් බර ; වර්ධනයේ මන්දනයක් පෙන්වති. මාංශමය අාහාර සඳහා තිබෙන ආගමික විරෝධය නිසා අනාගතයේ ලෝකයා ඉදිරියේ කායික මානසික වශයෙන් දුර්ලවළ වූ ජාතියක් ලෙස අපට පෙනී සිටිය හැකිය​. අාහාර සහ පෝෂණය ගැන මෙලෝ දෙයක් නොදත් පූජකයෝ මිනිසුන්ට අාහාර සම්බන්ධයෙන් ද උපදෙස් දෙති. පුදුමය නම් බුදුන් වහන්සේ අාහාර සම්බන්ධයෙන් කිසිම තහනමක් ගිහියන්ට නොපැනවූ ප්‍රායෝගිකවාදියෙක් වූවද උන්වහන් සේගේ දේශනා ද විකෘති කරමින් හිංදු ආගමේ උපාංග (ගව ඝාතන විරෝධය​) නිර්මාංශ වීම ඇතැම් භික්‍ෂූන් විසින් සමාජය පුරා වැපිරීමය.

    ​පහත කොටස උපුටා ගත්තේ රාවය පුවත්පතෙනි

    ලංකාව ලොකු ප්‍රෝටීන් මන්දපෝෂණයකින් පෙළෙන රටකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. සමරසිංහ මහතා පුවත්පතකට කියා තිබෙන ආකාරයට ලංකාවේ ප්‍රෝටීන් මන්දපෝෂණයේ අනුපාතිකය සියයට 30කි. එම සඳහන දුටුවිට ලංකාවේ මස් පරිභෝජනය ගැන සොයා බැලීමේ කුහුලක් මට ඇතිවිය. ලැබුණු ප්‍රතිඵලය නම් මගේ පුදුමයට හේතු නොවීය. ලංකාව හා තෝරාගත් රටවල් කිහිපයක ඒක පුද්ගල වාර්ෂික මස් පරිභෝජනය මෙසේය.
    ලංකාව කිලෝ 6.3
    කාම්භෝජය කිලෝ 12.9
    තායිලන්තය කිලෝ 25.8
    මියන්මාරය කිලෝ 32.8
    වියට්නාමය කිලෝ 48.9
    ස්විට්සර්ලන්තය කිලෝ 74.7
    ස්වීඩනය කිලෝ 80.2
    නෙදර්ලන්තය කිලෝ 85.5
    ඕස්ටේ්‍රලියාව කිලෝ 111.5
    ලංකාවේ උපාසක මත න්‍යායවාදී ජනතාව මුලාකර තිබෙන තරම ඒ සංඛ්‍යා ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. මොළේ වර්ධනය හා ප්‍රෝටීන් ආහාර අතර ගැඹුරු සම්බන්ධයක් පවතී. ලංකාව ලොකු චින්තන දුගීභාවයකින් පෙළෙන රටකි. ගණිතයට අදක්ෂ රටකි. නව නිපැයුම්වලදී ලංකාව ඉන්නේ පහළම තත්ත්වයකය. ඒ සියල්ල කෙරෙහි ප්‍රෝටීන් ඌනතාවද, ප්‍රෝටීන් ඌනතාව කෙරෙහි රටේ රජකරන උපාසක ආකල්පද බලපා තිබෙන්නේයැ’යි කිව හැකිය. ලංකාව සැලකිය හැක්කේ අඩුම තරමින් වල් ඌරෙකු මරා ගත් මිනිසකුට උගේ මස් ටිකවත් කන්න ඉඩ නොදෙන මෝඩ රටක් ලෙසය
    source http://transyl2014.blogspot.com/2017/10/blog-post_8.html
    ---------------------------

    ලංකාවට ඔලිම්පික් රන් පදක්කමක් කිසිදින නොලැබෙන්නේ මේ නිසාය
    -
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මස් නොකෑවොත් මොලේ දුර්වල වෙනවා ඉගෙනගන්න බැරිවෙනවා කියන්නේ නං බොරු කතා :baffled:

    ශරීර ශක්තිය නං අඩුවෙනවා කියල හිතුවකි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං රමනූජන් පොඩි කාලෙ ඉඳලම මස් මාලු කෑවෙ නෑනෙ :dull: ඔය අගේට ගණං හැදුවෙ :eek: ලංකාවට ගණං බැරි මස් මාලු කන්නැති නිසාමයි කියල කියන්නෙ කොහොමද ? මං දැක්ක youtube එකේ ඇමරිකාවෙ කෙල්ලන්ගෙන් අහනව පැයට කිලෝමීටර් 80ක් වේගෙන් යන කාර් එකකට කිලෝමීටර් 80ක් යන්න යන වෙලාව :baffled: උන් විනාඩි 45යි 30යි කියනව :P ඔය මස් කුට්ටි පිටිං ගිලලනෙ :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං රමනූජන් පොඩි කාලෙ ඉඳලම මස් මාලු කෑවෙ නෑනෙ :dull: ඔය අගේට ගණං හැදුවෙ :eek: ලංකාවට ගණං බැරි මස් මාලු කන්නැති නිසාමයි කියල කියන්නෙ කොහොමද ? මං දැක්ක youtube එකේ ඇමරිකාවෙ කෙල්ලන්ගෙන් අහනව පැයට කිලෝමීටර් 80ක් වේගෙන් යන කාර් එකකට කිලෝමීටර් 80ක් යන්න යන වෙලාව :baffled: උන් විනාඩි 45යි 30යි කියනව :P ඔය මස් කුට්ටි පිටිං ගිලලනෙ :lol:

    1,2 examples walin conclusion ekata enna epa...
    Sample ekak research karapan..
    Ubama neda thread dagena owa kiwwe...:P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1,2 examples walin conclusion ekata enna epa...
    Sample ekak research karapan..
    Ubama neda thread dagena owa kiwwe...:P

    :baffled: :P මිනිස්සු අවුස්සන්න ඕනෙ වුනාම ඒව වැඩක් නෑ මොකක් හරි කියන්නයි ඕනෙ :baffled: