පෞද්ගලිකයි Leave Approval...?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Leave Approval...?පෞද්ගලිකයි

    පෞද්ගලිකයි කිව්වොත් හේතුව අහන්න එපා


    දවසක් පාසල් නිවාඩු යනව කිව්වම මහජන බැංකුවේ සිස්ටම් එක භාරව ඉන්න කෙනෙක් පාසල්ගෙන් හේතුව ඇහුවා. පාසලුත් ඉතිං කම්මැලි කමට ද කොහෙදෝ "it’s private" කියල කිව්වම බැංකු බුවා එයාලගේ බ්‍රාන්ච් එකේ වෙච්ච පරණ සිද්දියක් කිව්වා.






    මහජන බැංකුවේ head office branch එකට අලුත් manager නෝනා කෙනෙක් ආවා. Staff එකේ කට්ටිය ඉතිං නිවාඩු approve කරගන්න manager නෝනා ගාවට ගියාම හුඟක් අය පට්ට විදියට බැනුම් අහගන්නවා "පෞද්ගලිකයි" කියල reason එකට දාගෙන ගියාම. ඉතිං ආයෙත් ඒක කපලා අලුත් එකක ඇත්ත හේතුවක් හරි නැත්තං මොකක් හරි බොරුවක් ලියාගෙන ඇවිල්ල approve කරගන්නවා. Approve කරන ගමං දාහක් විතර ප්‍රශ්නත් අහනවා.
    දවසක් staff meeting එකකදී manager නෝනා මේ "පෞද්ගලිකයි" කියලා නිවාඩු කොළ අරගෙන එන්න එපා කියලා පොඩි සද්දෙකුත් කස්ටියටම දැම්මා. හැමෝටම අම්බානෙට මලත් පැනල සීන් එකට.






    Staff meeting එක ඉවර උනා විතරයි එක්කෙනෙක් නිවාඩු කොලයක් අරගෙන ගියා manager නෝනා ගාවට. බුවා ඔරොප්පුවටම "පෞද්ගලිකයි" කියලා ලියාගෙන ගියා. Manager නෝනට පට්ට මල. බැනල එලවලා හරි හමං reason එකක් දාගෙන එන්න කියලා.
    බුවා කුපාඩිකමට පට්ට reason එකක් දාගෙන ගියා. එදායිං පස්සේ manager නෝනා "පෞද්ගලිකයි" කියල නිවාඩු කොලයක් ආවම හ්ම් සද්දයක් නැතිව approve කරල දානවා.
    බුවා දාපු reason එක "බිරිඳ සමඟ සංසර්ගයේ යෙදීමට නුවර යාම".
    24.gif







    http://vaacheesvara.blogspot.com/2011/04/blog-post.html
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බංකු බංකු on කෝල් සපෝට්



    රංගගේ ටෙලර් මැසින් කතාව කියෙව්වම මතක් උනේ ඉස්සර පාසල් වැඩකරපු තැන වෙච්ච සීන් වගයක්. පාසල්ට මුලින්ම හම්බ වුනු වැඩේ ටිකක් විතර ලේසි පහසු එකක්. බැංකුවල computer වැඩකරන්නෙ නෑ කියලා කෝල් කරාම ඒවා හදලා දෙන එක හරියට නිකං technical support/troubleshooting වගේ වැඩක්. වැඩේ ලේසි වගේම පට්ට ආතල්. මේ බැංකු සීන් ඉතිං ටිකක් සංකීර්ණයි. මේ සිස්ටම් අපේ දැංකාලේ තියෙන PC වගේ ඒව නම් නෙමේ. මේව සෑහෙන වෙනස්. Keyboard එකේ සාමාන්‍ය අකුරුවලට අමතරව තව සෑහෙන අකුරු තොගයක් තියෙනව. සාමාන්‍යයෙන් බැංකු ශාඛාවේ computer room එකක් වෙනම තියෙනවා. ඒක branch එකේ එක්කෙනෙකුට භාරදීල තියෙනව මොනව හරි උනොත් පාසල්ලට කතා කරන්න කියලා. සාමාන්‍යයෙන් මේ බැංකුවල ඉන්නේ honeymoon යන්න ඉන්න වයසේ අය නං නෙමේ.
    ඒ කාලේ කොල්ලුපිටිය ලංකා බැංකුවේ computer system එක භාරව හිටියා mr. අප්සාල් කියල ටිකක් වයසක පහේ පොරක්.
    mr. අප්සාල්: හලෝ.. අහ් mr. පාසල් ද කතා කරන්නේ? මම මේ mr. අප්සාල් merchant tower branch කතා කරන්නේ, අපේ සිස්ටම් out නේ
    42.gif

    පාසල්: ඔව් mr. අප්සාල්, කියන්න මොකද්ද වුනේ කියලා.

    mr. අප්සාල්: මේකෙ මුකුත්ම එන්නෙ නෑ නේ. ටෝටලි blank
    20.gif

    පාසල්:
    7.gif
    හරි.. මට කියන්න ඔතන කොල ලය්ට් එක පත්තු වෙනව ද කියලා.
    mr. අප්සාල්: අහ්.. කොල ලය්ට් නෑ. නෝමල් ලය්ට් තියෙන්නේ
    16.gif

    පාසල්: හරි.. නෝමල් එක තමයි කොල පාට එක.
    mr. අප්සාල්: නෝ mr. පාසල්.. මෙතන ලය්ට් එක නෝමල් එකක්.
    පාසල්:
    26.gif
    ඔයා කියන්නෙ කොයි ලය්ට් එක ද?
    mr. අප්සාල්: මෙතන තියෙන සීලිමේ ලය්ට් එක, florazon ලය්ට් එක, ඒක කොල නෙමේ.
    පාසල්:
    40.gif
    24.gif
    78.gif

    ඔය වගේ තවත් පට්ට ආතල් දෙන කෙනෙක් හිටියා වැල්ලවත්ත මහජන බැංකුවේ mr. සමරවික්‍රම කියලා. මෙයත් අර කියන system එක භාරව ඉන්න කෙනෙක්.
    mr. සමරේ: හෙලෝ අපි මේ කතා කරන්නේ වැල්ලවත්ත branch එකෙන්
    42.gif
    ඔය mr. පාසල් ද?
    පාසල්: ඔව් පාසල් තමයි, කියන්න mr. සමරවික්‍රම.
    mr. සමරේ: අපේ මේ සිස්ටම් එකේ මුකුත් වෙන්නෙ නෑ නේ මහත්තයෝ.
    පාසල්: වෙන්නෙ නෑ කිව්වේ? ඔයා ඉන්නේ computer room එකේ ද
    26.gif

    mr. සමරේ: ඔව් මහත්තයෝ. මම මේ screen එක දිහා බලාගෙන ඉන්නේ. මම මෙතන 12 ගහලා ගියා. දැං 12හෙ ඉන්නව මුකුත්ම වෙන්නෙ නෑ
    65.gif

    පාසල්: හරි ඔයා ඔතන S ගහලා 4 ගහලා 25 ගහලා එලියට යන්න.

    කියපු ගමං ලය්න් එක කට් උනා. තප්පර 30ක් ගියේ නෑ මේ සීන් එක අස්සෙ පාසල්ට තවත් කෝල් එකක් ආවා අනික් ලය්න් එකේ.
    පාසල්: හෙලෝ
    7.gif

    mr. සමරේ: මේ mr. පාසල් ද? මම මේ සමරවික්‍රම කතා කරන්නේ. මම එලියට ගියා. දැං මොකද කරන්නේ?
    පාසල්: ඔහ් හරි.. දැං ඔතන S ගහලා 2 ගහලා 25 ගහලා XYAA දා..
    mr. සමරේ: මේ මහත්තයෝ මම දැං ඇතුලට යන්න ද? මම මේ ඉන්නේ මැනේජර් මහත්තයගේ කාමරේ.
    පාසල්:
    13.gif
    ඇයි දැං computer room එකේ නෙමේ ද ඉන්නේ?
    mr. සමරේ: නෑ මහත්තයෝ මට එලියට යන්න කිව්වනේ. ඉතිං මම මේ එලියෙ ඉඳං කතා කරන්නේ
    105.gif

    පාසල්:
    40.gif
    24.gif
    78.gif



     
    • Like
    Reactions: Dinushasankalpa

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Honeymoon යන්න එළ තැනක් කියපං



    පාසල් වැඩකරපු තැන කොල්ලො ටිකයි, client-site එකේ බුවාලයි රෑ වැඩවගයකට සෙට් උනා. සාමාන්‍යයෙන් ඔහොම සෙට් උනාම රෑට ළඟ කඩේකින් කාල client-site එක ඉස්සරහ පඩිපෙලේ ඔක්කොම ටික කියව කියවා ඉන්නවා. ඔතන එකෙක් හිටියා wedding එක ඔන්න මෙන්න ළඟ තියාගෙන honeymoon යන්න තැන් හොය හොයා.
    රුමේ: ඒ මචං.. මට තැනක් කියපංකො. නැද්ද උඹල ගිය එල තැං?
    අපේ එකෙක්: මචං Tree-of-Life පලයං
    113.gif
    ඒකට එන්නෙ honeymoon couples විතරයි.
    රුමේ : එහෙ ගිහිං තියෙනවා බං.
    අපේ තව එකෙක් : එහෙනං කන්ඩලම පලයං
    111.gif

    රුමේ : ගිහිං තියෙනව මචං.
    තවත් එකෙක් : රම්බොඩ falls එල ඔය වැඩේට
    67.gif

    රුමේ : එහෙත් ගියා මචං.
    තව එකෙක් : Earl's regency නැත්තං නකල්ස් camping නියමයි
    105.gif

    රුමේ : ඒ දෙකටම ගිහිං තියෙනව මචං. මොකද්ද බං, උඹල කොල්ලො නේද. කියපංකො හොඳ තැනක්
    23.gif

    දැං ඉතිං කට්ටියම එකතු වෙලා රුමේට honeymoon යන්න තැං කියනවා. කට්ටිය කියන කියන ඔක්කොටම වගේ බුවා කෙල්ලත් එක්ක ගිහිං තියෙනවළු.
    බලේ : සීගිරි cottage මරු honeymoon වැඩේට නං.
    රුමේ : ගියමාසෙ නිවාඩු දාල එහෙ තමා හිටියේ බලේ. නොගිය තැනක් වෙන්න ඕනෙ මචං. දන්නවනෙ ගෑණුන්ගෙ හැටි.
    අපේ එකෙක් : මේ.. බන්ඩාරවෙල දුරවැඩි නැත්තං Dutch house හොඳා.
    රුමේ : එහෙ දුර වැඩී මචං.

    මූට ආතල් ගන්න අනික් උං ඉරාගෙන මතක් කරන්න ඕනෙ හෝටල්
    62.gif
    පාසලුත් ඉතිං බුවාගෙ කතාව අහගෙන හිටියා. පාසල්ට ඔය හෝටල් ගැන දැනුමක් නෑ.

    පාසල් : මෙහ්.. සීගිරිය ක‍ටුගස්තොට?
    3.gif

    රුමේ : කොහේ
    7.gif

    පාසල් : එහෙනං.. අරීනා ක‍ටුගස්තොට
    4.gif

    රුමේ : මොකක්
    106.gif

    පාසල් : Queens ගාල්ල
    4.gif

    රුමේ : මොනවද බං උඹ ඔය කියන්නෙ
    66.gif
    ඕව film halls නේ බං.
    පාසල් : ඔව් ඉතිං උඹට හෝටල් හොයන්න බෑ. Box එකකට පලයං
    71.gif
    පැය 2ක් විතර තියෙනවනේ වැඩේට.
    රුමේ : මෙ මචං සිරාවට කියපංකො honeymoon යන්න තැනක්
    63.gif

    පාසල් : හරි එහෙනං එල තැනක් තියෙනවා.
    රුමේ : කොහෙද?
    පාසල් : මේ ළඟ තියෙන්නෙ. වැඩි ගානක් යන්නෙත් නෑ. සතියේ දවසකට රු. 500 ක් විතර ගන්නෙ couple එකකට.
    රුමේ : අඩේ මරු නේ
    6.gif
    එක පට්ට ලාබයි නේ.
    පාසල් : වැඩිය කට්ටියත් නෑ මචං. කෑමත් මාර රහයි. පොඩි ගාණකට අපිට ඕනෙ කරන දෙයක් කියල හදාගන්නත් පුලුවං.
    රුමේ : ෂා... කොහෙද තියෙන්නෙ.
    පාසල් : හැබැයි මචං.. උඹ සති අග ගියොත් කේස්. මොකද සෙනඟ වැඩි උනොත් රු. 600 ක් විතර ගන්නවා වරුවකට. රෑ වෙනකල් ඉන්න දෙන්නෙත් නෑ මචං. රෑ 7ට විතර යන්න වෙනවා.
    රුමේ : ඔහ්.. එහෙමද...
    පාසල් : හැබැයි මචං පොට්ටෙක නං නියමයි ඔය වැඩේට. බුදු ෂුවර්.. පොලිසියෙන් පනින්නෙ නෑ..
    24.gif

    රුමේ :
    102.gif

    සෙට්ටෙක :
    24.gif

    පාසල් :
    4.gif
    මගේ යාලුවෙක් තමා ඒකෙ කෝකියා.



     
    • Like
    Reactions: choppe