මෙතනදි මම මේ ඒකාධිකාරයට තවත් ටිකක් එකතු කරන්න කැමතියි. ඇත්තටම ඒකාධිකාරය බිඳින්න ගේන මීලඟ බලය ගැන අපි අනිවාර්යයෙන්ම ගොඩක් සැලකිලිමත් විය යුතුයි. දේශීය ආයතනයක ඒකාධිකාරය බිඳින්න, විදේශීය සමාගමක් කැඳවන්න කලින් දෙපාරක් හිතන්න ඕන. මොකද ඒකෙන් වෙන්නෙ රටේ මුදල් පිට යන එක. ඔබතුමාට ආර්ථිකය ගැන අමුතුවෙන් තේරුම් කරන්න උවමනා නෑ නෙ.
CTB ඒකාධිකාරය බිඳින්න ඉන්දියානු හෝ චීන රජයේ බස් සේවාවක් ගේන එක ගැන නෙවේ මේ කතා කරන්නෙ. ඒක ඇත්තටම මෝඩ තීරණයක්. ලංකාවෙ පෞද්ගලික බස් සේවාව කියන්නෙ, මං දන්න තරමිං නම්, ලංකාව තුලම ඉන්න ව්‍යාපාරිකයන් විසින් මෙහෙයවන දෙයක්. ඒ සේවාව ස්ථාපිත කිරීම තුලින් රටේ මුදල් රට තුලමයි සංසරණය වෙන්නෙ. නමුත්, රජය මේ සේවාවන් මීට වඩා මැදිහත් වෙලා නියාමනය කල යුතුයි. තවත් බදු පැනවිය යුතුයි. මම දන්න තරමින්, බස් සේවාවන් වලට පටවලා තියන බදු බර අනෙකුත් ව්‍යාපාර වලට සාපේක්ෂව බොහොම අඩුයි. ඒ වගේම, permit එකකට නිෂ්චිත මිලක් නියම කරනවට වඩා, ඔවුන් ලබන ආදායමට අනුලෝම වෙන බදු මුදලක් අය කල යුතුයි. මේ වගේ සංශෝධන තුලින් රජයට පුළුවන්, CTB මෙහෙයවලා ලබන ලාභයටම ආසන්න ලාබයක් අඩු පිරිවැටුපකින් උපයාගන්න. ඒ වගේම ඒකාධිකාරියක් ගොඩ නැගෙන්නේ නැති නිසා, කා මත වත් අනවශ්‍ය බලයක් කේන්ද්‍රගත වෙන්නෙ නෑ.
රජයේ ඒකාධිකාරිය බිඳින්න තවත් රජයක්?
ඇත්තටම ධනවාද සංකල්පය තුලින් දකිනකොට ඒක හොඳ විසදුමක්. ඉන්දියාවේ වගේ පළාතෙන් පළාතට වෙන වෙනම රාජ්‍ය පිහිටුවන්න පුළුවන් නම්, ඒ පළාත් අතර නිරන්තරයෙන් තරඟයක් ගොඩ නැගෙනවා. එය රට සීග්‍රයෙන් ඉදිරියට යාමට හේතු වේවි. නමුත් ලංකාව වගේ ජාතිවාදීන් බහුතරයක් සිටින රටක ඔය දේ කරොත්, තවත් යුද්ධයක් නෙවේ, යුද්ධ කිහිපයක්ම ඇවිත් තමා නවතින්නෙ. ඒ වගේම, රජයකට ඒකාධිකාරියක් ගොඩනැගෙන එක වලක්වන්න තමා, ඡන්ද ක්‍රමයක් සහ බහු පක්ෂ ක්‍රමයක් රටක ස්ථාපිත කරලා තියෙන්නෙ. පක්ෂ අතර ඩීල් දාගෙන කරන කුප්ප වැඩ නැත්තම්, ඒ ක්‍රමය ගොඩක් සාර්ථක වෙන්න තිබුනා.