රජයේ ආයතනයක් වර්ජනය කිරීමයි පෞද්ගලික ආයතනයක් වර්ජනය කිරීමයි රටට දැනෙන්නේ දෙවිදියකට බන්. රජයේ ආයතන කියන්නේ වක්‍රාකාරයෙන් ආයෙත් මහජනතාව. නමුත් පෞද්ගලික ආයතන කියන්නේ පුද්ගල කේන්ද්‍රීය ලාබ ලබන ආයතන. බොහොවිට රාජ්‍ය ආයතන ඉල්ලන ඉල්ලීම රජයකට සපුරාලිය හැකියි. ඒ වගේම මැදිහත්විය හැකියි. නමුත් පුද්ගල කේන්ද්‍රිය ආයතන ඉල්ලිම් හුදු පටු ආකල්ප මත ඉල්ලන ඉල්ලීම්. ඒ ඉල්ලිම් වලට රජයකට මැදිහත් වෙන්න පුලුවන් යම් සීමාවකට විතරයි. ඒ සීමාවෙන් එහා ඒක කොපරේට් ඇක්ට් එකට. ඒ කියන්නේ එක්කො සේවකයො ස්වාමියත් එක්ක එකගතාවයකට එන්න ඔනා නැත්තම් නීතී ආදාර පතන්න ඔනා. යම් හෙයකින් මේ බස් වර්ජනේ ඩ්‍රයිවර්ලා බස් අයිතිකාරයො එක්ක උනානම් හිතපන් රජයට දෙන්න පුලුවන් විසදුම් කොව්ච්චර සීමාන්තිකද කියලා. නමුත් සීටීබී එක ආන්ඩුව එක්ක ස්ට්‍රයික් කලත්, ස්වාමියා එක්ක ස්ට්‍රයික් කලත් බලය සහා හිමිකාරිත්වය අන්තිමට තියෙන්නේ මහා අන්ඩුවට.ජොසී;21005910 said:බහුතර බලය CTB එකට හිමි වුනා කියමුකො, ඊට පස්සෙ CTB strike එකකට ගියොත් මොකද කරන්නෙ?
ඒ වගේම තමා, රාජ්‍ය අංශයේ ගුරුවරු series උද්ගෝෂනයකට ගියොත්, international school වල ටීචර්ස්ලා හිටියා කියලා මොකුත් කරන්න බෑ. එක්කො, ඉල්ලීම් වලට කන් දෙන්න වෙනවා. නැත්තං කලිං කරා වගේ, ඔයාලට බැරි නම් යන්න තව ගුරු පත්වීම් ගන්න අය ඕන තරම් ඉන්නවා කියලා රජය කියන්න ඕන (මේක ලංකාවෙ කරන්න පුළුවන් අහිංසක ගුරු වෘත්තියට විතරයි). doctor ලා strike කරොත් රජයට කියන්න පුළුවන් ද ඔයාලට බැරි නම් යන්න තව දොස්තරලා ඕන තරම් ඉන්නවා කියලා? බෑ. ඒක අමාරුයි. නමුත්, පෞද්ගලික ආයතන වලින් degree ගන්න අයට, පෞද්ගලික අංශයේ රෝහල් වල විතරයි වැඩ කරන්න පුළුවන් කියලා නියාමනයක් ගෙනාවොත්, ජනතාව හොඳයි නම් විතරක් අදාල රෝහලට යයි. ඒකෙන් doctorsලා උද්ගෝෂණ වලට පෙළඹෙන එකට යම් බලපෑමක් ඇති වෙනවා නේද?

