අපේ උන්දැල මොකක් හරි ප්‍රශ්නෙකදි හැමදාම අවි අමොරන්නෙ වැරදි පැත්තටනි , ප්‍රයිවට් යුනි එකක අවුලත් තියනවනන් ඒකෙ උන් නෝන්ඩිය වහගන්නයි , ගෙවපු සල්ලි ගැන හිතලයි අවි අමොරන්නෙ ඒ වැරැද්ද පෙන්නන උන්ට, ඒත් වෙන්න ඕනි උන් තමන් මහන්සියෙන් හොයාගත්තු සල්ලි දීල ඉගෙනගන්න ගිය ආයතනයටයි උන් ඇගිල්ල දික් කරන්න ඕනි ඒ අඩු පාඩු අවුල් හරිගස්සන්න . නැත්තන් කැම්පස් එකේ වැරදි වහන්න උදව් වෙන එක නෙවෙයි,
වෙල්වට් රෙද්දෙ කැටයම් දාල , ග්රැඩ්ජුවේශන් කැප් එක දාල , පට්ට කඩදාසියක කොටපු සහතිකයක් මහ පාර්ටියක් දාල දෙන එකවත්, නිතර නිතර ඩී ජේ පාර්ටි තියන ව්කවත් , කොන්ඩෙ ස්ට්‍රේට් කරපු , හිරට කොටට අදින කෙල්ලො , ජිම් ගිහිං ඇගවල් හදපු කොල්ලො ඉන්න එකවත්, තඩි ඒ සී බස් එකක ටුවර් යන එකවත් නෙවෙයි බොල, පලමු දෙය විය යුත්තේ අද්යාපනය, ඒක තමා පොල් මදේ, දිගට තිබුනට අනිත්ව පොල් මුඩ්ඩ, පොල් ගෙඩියක් ගනිද්දි මුඩ්ඩෙන් මදේ මනින්න යන්න එපා.