ලංකාවෙ තියෙන රාජ්ය දුම්රිය දෙපාර්තමේන්තුවට අමතරව පෞද්ගලික ආයතනයකට දෙන්න ඕන කෝච්චි දාල දුම්රිය මාර්ග භාවිතා කරනවට අය කිරීමක් අරගෙන එයාලගෙම වෙනම කෝච්චි සෙට් එකක් දුවන්න. ලංකාවෙ මුලු ප්රවාහන අංශයම ආයතනික විදිහට පෞද්ගලීකරණය කරන්න ඕන. බස් වල ප්රමිතියක්, කෝච්චි වල ප්රමිතියක් නෑ. අද දවස දිව්වම හෙට හදනව. බස් උනත් අයිති එකාට ඕන විදිහට දුවන්නෙ. ඩ්රයිවර්ගෙ විනයක් නෑ. හරියට වෙලාවට යන්නෙ නෑ. කිසිම ප්රමිතියකට වාහන තියාගන්නෙ නෑ. එක්කො ටයර් ගෙවිල. එක්කො බ්රේක් හරියට වැඩ නෑ. ඩ්රයිවර් ගංජ ගහල. එක්කො මාවා පාරක් කටේ. අනිවාර්යයෙන් මාසෙකට බස් එකක් දෙකක් වත් ඇක්සිඩන්ට් වෙනව. අපේ මිමිනිස්සුන්ට මතක තියෙන්න බස් එක පෙරලුනාම ඒ සතියෙ විතරයි. ඊට පස්සෙ උනුත් වෙන එකක් අල්ලගන්නව. ලංකාවෙ ඉගෙනගත්ත ගොඩක් අය ලංකාව දාල යන්න මේවත් හේතු.
