මචං මම ටිකක් හොයල බැලුව. මාර ලාබෙට තියෙනව බඩු. දැන් අපි LC නැතුව පේමන්ට් එකක් කරොත් බඩු එව්වම කොහොමද ගන්නෙ? මේවට ටැක්ස් කොහොම වෙයිද? ඒ වගේ දේවල් කොහොමද මචං?
P.M
ලාබේට තිබ්බට හැම එකාම එවන්නෙ නෑ මචන් පොලු කාරයෝ වැහි වැහැලා.
LC නැතිව කාඩ් පේමන්ට් කරන්න පුලුවන්. එතකොට ලොකු ගානක් කාඩ් එකෙන් පේ වෙනවා නේ හදිස්සියේ හරි බඩු එවුවේ නැති උනොත් හෙන කේස් රිෆන්ඩ් ගන්න එක. එකක් දෙකක් වගේ නං අවුලක් නෑ.
LC නැතිව කරොත් ඔක ලංකාවට ආවාම ඩොකියුමන්ට් සෙට් එක එනවා ගෙදරට ක්ලියර් කරන.ඊට පස්සෙ ඩොකියුමන්ට් එක්ක payment කර ඩොකියුමන්ට් එක්ක කාර්ගො යවන්න ඕන. එතනින් ටැක්ස් කරලා රිලිස් කරනවා.
ඔය ගෙන්නන බඩු වල hs code එකෙන් දැනට ගෙන්න බැරි නම් ඔයට රිලිස් කරන්නෙ නෑ. වෙන විදිහට ගෙවලා ගෙනාවත්.