බණ්ඩාරවෙල ගිලා බැසීම

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බණ්ඩාරවෙල ගිලා බැසීම

    බණ්ඩාරවෙල අඹදණ්ඬේගම, ගලහිටියාව ප්‍රදේශයේ, මැදපොල්වත්ත නමැති ස්ථානයේ ගිලා බැසීම සිදුවන ස්ථානයට පුද්ගලයින් ඇතුල්වීම තහනම් කළ බව බණ්ඩාරවෙල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ. ගුණරත්න මහතා පැවසීය. එම ස්ථානයේ සිට මිටර් 500 ක් පමණ දුරට එම තහනම ක්‍රියාත්මක වේ. ගිලා බැසීම සිදුවන ස්ථානයේ එක් නිවාසයක සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාසයක් විනාශ වෙමින් පවතින බවත් එම නිවැසියන් ඇතුලූව එම බලපෑමට ලක්විය හැකි නිවාස 12 ක පදිංචිකරුවන් ඉවත් කළ බව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවසීය. ඊයේ(15 දා) සවස 2-30 ට පමණ මෙම ගිලාබැසීම ආරම්භ වී ඇති අතර අඩි 30 ක පමණ විෂ්කම්භයක් සහිත කොටසක් අඩි 40ක් පමණ ගැඹුරට කවාකාරව ගිලා බැස ඇති අතර අවට පස්කන්ඩි ඊයේ දිනයේද කඩාවැටෙමින් පැවතිනි. විශාල කොස් ගසක් ද එම වළ තුලට කඩාවැටි තිබේ. පොලව යටින් ශබ්දයක් ඇසෙන බව ප්‍රදේශවාසීහු කියති.
    ජාතික ගොඩනැගිලි පර්යේක්ෂණ සංවිධානයේ නිලධාරීන් හරහා එම ස්ථානයේ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ආපදා කළමණාකරන ඒකකයේ බදුල්ල දිස්ත්‍රක් සහකාර අධ්‍යයක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතා පැවසීය.
    අඹදණ්ඬේගම ගිලා බැසීම උමා ඔයේ ව්‍යාපෘතියේ උමං මාර්ගයේ සිදුවන ජල කාන්දුව නිසා සිදුවන්නක් යැයි සැක පහළ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

    ABA%204.jpg

    ABA%206.jpg

    ABA.jpg

    DSC00007.JPG

    DSC00009.JPG


    තමන්ට ලැබෙන මුදල් කුට්ටි වලට කෑදර කමින් මේ වගේ ව්‍යාපෘති ආරම්භ කරපු පාළකයෝ ගැන දෙයියොම බලාගනී. මේ වෙනකොට තවත් පව්ල් ගානක් අයින් කරල කියල තමයි ආරංචිය :(
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ලංකාදීප කමෙන්ට් ඇසුරින්

    සනත් 2015-03-16 04:52:25
    මෙම ව්‍යාපෘතියේ අවසන් කථාව පානිය ජලය හම්බන්තොට වරාය හරහා පිට රටට ( මැදපෙරදිගට ) රැගෙන යාමයි . අපේ රටේ ස්වභාවික සම්පත් විනාශ කරමින් මේ සිදුවන්නේ සංවර්ධනයක් නොව මංකොල්ලයකි.අවසානයේ මෙහි වෙසෙන ජනතාවට තමයි විඳවන්න වෙන්නේ. (ස)

    ලක්මාල් 2015-03-16 04:46:45
    හම්බන්තොට මිනිස්සුන්ට පානිය ජලය දෙන්න බණ්ඩාරවෙල මිනිස්සු දුක් විඳින්න... කලින් කට්ටිය මේවගේ පරිසර විනාස තමයි දියුණුවේ නාමයෙන් කලේ. (ස)

    ඩෝසන් 2015-03-16 03:52:14
    කරපු පරිසර විනාශයට සුබ අනාගතයක් වේවා ! (ස)

    රාජු 2015-03-15 13:55:58
    මේ කරපු අපරාධයට මේවා කරපු අයට පලදෙනවා (නදී)

    අර්ජුන රණවන 2015-03-15 16:48:10
    නියමිත අධ්‍යයනයකින් තොරව මෙය කර ඇති බවයි මට හැ‍ඟෙන්නේ (නි)

    රමසි 2015-03-15 17:20:30
    ඔව් ඔව්, ඒගොල්ලෝ කළ ගොඩක් දේවල් එහෙම තමා. (නි)

     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    තමන්ට ලැබෙන මුදල් කුට්ටි වලට කෑදර කමින් මේ වගේ ව්‍යාපෘති ආරම්භ කරපු පාළකයෝ ගැන දෙයියොම බලාගනී
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    කැපක නැහැ යහපාලනය බන් , රැජින වඳින ගාථාව කිවුව නේ බන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    රාජපකස ගන්කබරයාගේ පොහින්ද චින්තන හුට්ටේ ප්‍රතිපල තමයි ඔය
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    රාජපකස ගන්කබරයාගේ පොහින්ද චින්තන හුට්ටේ ප්‍රතිපල තමයි ඔය

    සමහරක්ට නම් මේ හැමදේම හොදයි. උංට ඕනි රජෙක් විතරයි.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මැදමුල්ලේ ජනමූසල චින්තනයේ අනුහස් තමා මෙව්ව බොලං....
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පත වලක් නේ බන් මන් දැක්කා ඒ පැත්ත පාරෙත් ඉරි තලලා :eek: