බණ්ඩාරවෙල ගිලා බැසීම
බණ්ඩාරවෙල අඹදණ්ඬේගම, ගලහිටියාව ප්‍රදේශයේ, මැදපොල්වත්ත නමැති ස්ථානයේ ගිලා බැසීම සිදුවන ස්ථානයට පුද්ගලයින් ඇතුල්වීම තහනම් කළ බව බණ්ඩාරවෙල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ. ගුණරත්න මහතා පැවසීය. එම ස්ථානයේ සිට මිටර් 500 ක් පමණ දුරට එම තහනම ක්‍රියාත්මක වේ. ගිලා බැසීම සිදුවන ස්ථානයේ එක් නිවාසයක සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාසයක් විනාශ වෙමින් පවතින බවත් එම නිවැසියන් ඇතුලූව එම බලපෑමට ලක්විය හැකි නිවාස 12 ක පදිංචිකරුවන් ඉවත් කළ බව බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා පැවසීය. ඊයේ(15 දා) සවස 2-30 ට පමණ මෙම ගිලාබැසීම ආරම්භ වී ඇති අතර අඩි 30 ක පමණ විෂ්කම්භයක් සහිත කොටසක් අඩි 40ක් පමණ ගැඹුරට කවාකාරව ගිලා බැස ඇති අතර අවට පස්කන්ඩි ඊයේ දිනයේද කඩාවැටෙමින් පැවතිනි. විශාල කොස් ගසක් ද එම වළ තුලට කඩාවැටි තිබේ. පොලව යටින් ශබ්දයක් ඇසෙන බව ප්‍රදේශවාසීහු කියති.
ජාතික ගොඩනැගිලි පර්යේක්ෂණ සංවිධානයේ නිලධාරීන් හරහා එම ස්ථානයේ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ආපදා කළමණාකරන ඒකකයේ බදුල්ල දිස්ත්‍රක් සහකාර අධ්යයක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතා පැවසීය.
අඹදණ්ඬේගම ගිලා බැසීම උමා ඔයේ ව්‍යාපෘතියේ උමං මාර්ගයේ සිදුවන ජල කාන්දුව නිසා සිදුවන්නක් යැයි සැක පහළ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
තමන්ට ලැබෙන මුදල් කුට්ටි වලට කෑදර කමින් මේ වගේ ව්‍යාපෘති ආරම්භ කරපු පාළකයෝ ගැන දෙයියොම බලාගනී. මේ වෙනකොට තවත් පව්ල් ගානක් අයින් කරල කියල තමයි ආරංචිය

paw ban 