!}~~ බත්පතට ආගම පාවා දෙන ලාංකිකයෝ ~~{!

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
!}~~ බත්පතට ආගම පාවා දෙන ලාංකිකයෝ ~~{!

මේක මම මීට වසර 11කට විතර උඩදී මුහුණ දීපු මගේම අත්දැකීමක්. ඒ කාළේ විවිධ දේශපාලන හේතු නිසා මට නාගරිකව වෙළදාම් කරන එක තහනම් කලා. දන්න එකම දේ නැති උනාහම ජීවත් වෙන්න වෙන මොකක් හරි හොයා ගන්නම වෙනවා නෙ ! ඒ කාළේ අඩු අධ්‍යාපන මට්ටමකට කරන්න තිබ්බෙ රස්සාවල් දෙකයි. එක්කෝ ආමි එක/ නැත්තම් රට පනින එක. හැමදාම අඩුම ගානේ එක නිවුස් එකක් හරි තියෙනවා රට යන්න ගිහින් මාට්ටු වෙච්ච උන් ගැන. ඉතින් මම කල්පනා කලා ඉඩමක්වත් උගස් කරලා හරි විදිහට රට යන්න. පත්තර එහෙම කියවලා මම මරදාන පැත්තෙ විදේශ රැකියා ආයතනයක් තෝර ගත්තා මගේ රැකියා බලාපොරොත්තුව ඉෂ්ඨ කර ගන්න.

එතනින් කිව්වා මට කිසිම බයක් තියා ගන්න ඕන නැහැ කියලා. අඩු අධ්‍යාපන සුදුසුකම් නිසා මට ලැබිනේ ඩ්‍රයිවර් කෙනෙක් විදිහට යන්න. මාසෙට පඩිය රු.60000යි. ඒ කාලේ ඒක ගොඩක් ලොකු පඩියක්! කන්න, බොන්න, නවාතැන්, වෛද්‍ය පහසුකම් සේරම නොමිලේ කිව්වම ඉතින් තව මොනාද! මම පට ගාලා කැමති උනා. ලක්ෂ 3ක් ගෙවන්න කිව්වා. ගෙවන්න තියෙන්නෙ පොඩි ගානක් නිසා මම ඒ වෙද්දි එකතු කරන් ඉඳපු සල්ලි වලින් ලක්ෂ 3ක් ගෙවලා එදාම ඒජන්සියේ රෙජිස්ටර් උනා.

මමත් එක්කම තව එක එක වයස් මට්ටම් වල කොල්ලො 49ක් සවුදි අරාබියට යැව්වා! එහෙදි අපිට ඉන්න ලැබුනේ අපූරු ගොඩනැගිල්ලක. ඒක හරියට නිකම් අර එම්.සී එකේ බිල්ඩිම වගේ. මැද තියෙන්නෙ ගෘහස්ත ක්‍රීඩාංගනයක්. වටේටම කාමර. හැම කාමරේටම ඒකටම අල්ලපු බාත් රූම් එහෙම තිබ්බා. අළුත්ම ඇඳවල් / අළුත්ම ගෘහභාණ්ඩ විතරයි තිබ්බේ! අපිට ඉංග්‍රීසි බැරි නිසා අපේ ඒජන්සියෙන් මොහොමඩ් කියලා කෙනෙක් එවලා තිබ්බා. ඒයා තමා අපිට සියළුම දේ කියලා දුන්නේ.

හැම මාසෙටම පඩිය දෙන්නෙ 15 වෙනිදා රෑට
කන්න කැමති මොන මස් ද කියලා ෆෝම් එකක් පුරෝලා දෙන්න කිව්වා
රෑට බොන්නේ කිරිද නැත්තම් කෝපිද කියලා ඒ ෆෝම් එකේම පුරවන්න කිව්වා

උබලාම හිතපල්ලා කොච්චර සැපට ඉන්න පුළුවන්ද කියලා! ලංකාවේ කන්න නැතුව ඉඳපු උන්ට මේක නිකම් දිව්‍ය ලෝකේ වගේ තමා පෙනුනේ. අපේ ගොඩනැගිල්ල තිබ්බෙ නිකම් කාන්තාරෙක වගේ. උන් අපිට කිව්වා පළවෙණි මාසෙ රිලැක්ස් වෙන්න කියලා. ඒ කිව්වෙ වැඩ කරන්න එපා නිකම් ඉන්න කියන එක.

ඒ දවස් වල අපි කාර්ඩ් ගගහා ආතල් එකේ හිටියා. ඒ සතිය ඉවර උනාම අපිට වැඩ දුන්නා. දවසට කිලෝමීටර් 100ක් එළවන්න තියෙනවා. පාරවල් වල බලු බල්ලෙක් නැති නිසා මාරම ස්පීඩ් යන පුළුවන්. කොහොම හරි අපිට පළවෙණි මාසෙ පඩියත් ලැබුනා. පඩි දුන්න දවසට පස්සෙ දවසේ අපිව ළඟම ටවුමට අරන් ගියා. අපි කොල්ලො සෙට් එකම පට්ටම ෆන් එකේ හිටියේ. ඔය මාසෙත් ඔහොමම ගෙවුනා.

ඊළඟ මාසේ පළවෙණි දවසේ අපිට පුදුමාකාර ෆෝම් එකක් ලැබුනා පුරවන්න. ඒකේ තිබ්බෙ අපේ ආගම වෙනස් කරන්න කැමතිද කියලා අහලා! අපේ එකෙක් වත් කැමති කියලා දාලා තිබ්බෙ නැහැ. ෆෝම් එක සිංහලෙන් තිබ්බ එක ගැන අපිට පුදුම හිතුනා. ඊලඟ දවසේ අර මොහොමඩ් ඇවිත් අපිට කිව්වා බෞද්ධාගම අත ඇරලා ඉස්ලාම් ආගමට එන්න කියලා. එහෙම නැත්තම් මේ පහසුකම් නැති වේවි කිව්වා! අපිත් එක්ක ඉඳපු එකෙක්වත් කැමති උනේ නැහැ මස් කෑල්ලට ආගම අත අරින්න. ඌ හිනා වෙලා යන්න ගියා.

එදා රෑ අපි නිදන් ඉන්න කොට එක පාරටම කාමර වලට කට්ටිය ඇවිත් අපිට ගහන්න පටන් ගත්තා. හිතලා බලපන් නිදා ගෙන ඉන්න එකෙක් ගේ ඔළුව වහලා නෙලද්දි තියෙන සනීපේ! ගහලා එක ගොඩකටම තල්ලු කරලා දැම්මා. අපිව බලෙන්ම ලොරි වලට පටෝලා කාන්තාරේ මැදින් අරන් ගියා. අරන් ගිහින් දැම්මේ නිකම් හිර කඳවුරක් වගේ එහෙකට. නිදා ගන්න රෙද්දක්වත් නැහැ. එක එකාව කූඩු වලට තල්ලු කරලා උන් ගියා. ජීවිතේ පළවෙණි වතාවට මම දැක්කා අවුරුදු 25හේ 40 උන් එක පොදියට අඬනවා! මටත් අඩුම ගානේ පලවෙණි පඩියවත් හංගපු තැනින් ගන්න බැරි උනා.

පැයකින් දෙකකින් අර මොහොමඩ් කියෙන එකා ඇවිත් අපිට හිනා වෙලා ගියා. එදා ඉඳන් අපිට කන්න දුන්නේ එක වේලක් විතරයි. ඒකත් රොටියකුයි ලුණු වතුර ටිකකුයි විතරයි. පැනලා යන්න පැත්තක් පෙනුනේ නැති නිසා කවුරුවත් පැනලා යන්න ට්‍රයි කළෙත් නැහැ. හැම පැත්තමේ ඉමක් කොනක් නැති කාන්තාරයක් විතරයි. අපිට කරන්න තිබ්බෙ දවසට කිලෝමීටර් 600 ගානේ එළවන්න. අබලන් වෙච්ච පාරවල් වල එළවන්න හරිම අමාරුයි. මෙහෙම මාස තුනක් යද්දි අර මොහොමඩ් ආයෙත් ඇවිත් අපේ කුඩු ඉස්සරහින් ගියා. උබලා කිව්වට විස්වාස කරන එකක් නැහැ සමහරු දණ ගහලා වැන්දා උන්වත් ආගමට ගන්න කියලා! එහෙම කියපු 10 දෙනෙක් විතර එක්කන් ගියා ආයෙත්. මොහොමඩ් කිව්වා සිහිය නැති කරලා තමා සැත්කම කරන්නෙ කියලා. මේක අහලා තවත් 20ක් විතර ආගම මාරු කලා! ආගම මාරු කරපු උන්ට හොඳ ඇඳුම් දීලා උන්ව අපි කළින් හිටපු එකට එක්කන් ගියා. මේ අතරේ තංගල්ලේ සහෝදරයෙක් අසනීපයක් වෙලා නැති උනා. ඌ වැඩ කරපු නැති නිසා ඌට කන්න දුන්නෙ නැහැ උන්. අපිට කෑම දෙන්න ලැබුනෙත් නැහැ! මේ සිදුවීමෙන් පස්සේ අපි ටික කතා උනා පැනලා යන්න. මේක අස්සේ මැරෙන්න බැරි නිසා.

මාස තුනටම සල්ලි ශතයක්වත් දුන්නෙ නැති නිසා සල්ලිත් නැහැ! අන්තිමට අපිට එහෙදි අඳුර ගන්න ලැබුන මුස්ලිම් හිතවතෙක් අපිට කිව්වා පැනලා යන්න උදව් කරන්නම් කියලා. ඌ මැරි කරලා හිටියෙත් ලංකාවෙ කෙල්ලෙක්. ඌ කිව්වා එක පාරටම 15ක් විතර ගෙනියන්න අමාරු නිසා 5 ගානෙ අරන් යන්නම් කියලා. හැබැයි මෙයා කරන්නෙ අපිව ටවුන් එකට අරන් යන එක විතරයි කිව්වා. අපි ඉතුරුවා කරන්න ඕන. අපි ඒකට කැමති උනා, පූරුවේ පිනකට පලවෙනි 5 දෙනාට මමත් තේරුනා. අනිත් උන් බයේ හිටියේ මුස්ලිම් එකාව විස්වාස කරන්න. පොරොන්දූන විදිහටම අර මුස්ලිම් සහෝදරයා අපිව ටවුමට ඇරලුවා. ලංකාවට එන්න සල්ලි ඕන නිසා එකෙක් කිව්වා ලොරි වල ජී.පී.එස් ටික ගල් කරමු කියලා. අපි එහෙම කරලා ටවුමට පැන්නා. අර උපකරණ ටික සිංහල කොල්ලෙක් ගේ කඩේකට විකුනුවා. ඒ සල්ලි වලින් ලංකාවට ආවා!

දෙවෙනි 5 දෙනත් ඒ එක්කම වගේ ලංකාවට ආවා! තුන් වෙනි 5 දෙනාව එහේ පොලිසියෙන් අල්ල ගෙන තිබ්බා කඩ මංකොල්ල කන්න ගිහින්. ඒ වගේම උන් ටික අර අපිව රවට්ටපු මොහොමඩ්ව මරලා කාන්තාරෙම වළලලා තිබ්බා. ඔන්න ඔහොමයි මගේ පලවෙණි රට ගමන ඉවර උනේ.
 

chandimalin

Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    aththa kathavak nam uba puduma dukak vidalane ban.pissu hadenava ahuvama.rata yanavanam hoyala balala palayan machan.man nam prathipaththiyak hariyata rata job karanna kamathi na rep + kolla
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔළුව ම නරක් වේ.............!!!!!
    නමුත් මචං විකල්පයක් නැතුව අසරණ වුණාම ඔය වගේ තීරන අකමැත්තෙන් වුණත් ගන්න වෙනව.......
    උඹ හිතනව ද ඇත්තටම උන් ලංකාවට ඇවිල්ලත් මුසල්මානයෝ වෙලා ඉදියි කියලද?
    ++++
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ඔළුව ම නරක් වේ.............!!!!!
    නමුත් මචං විකල්පයක් නැතුව අසරණ වුණාම ඔය වගේ තීරන අකමැත්තෙන් වුණත් ගන්න වෙනව.......
    උඹ හිතනව ද ඇත්තටම උන් ලංකාවට ඇවිල්ලත් මුසල්මානයෝ වෙලා ඉදියි කියලද?
    ++++
    ඔක්කොම නම් දන්නෙ නැහැ! අරුන් පොලිසියෙන් ඇල්ලුවාම සාක්ෂි දුන්නෙත් අපි එක්කම ඉඳලා මස් කෑල්ලට ආගම වෙනස් කරපු උන්ලු!
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    එහෙ ඕන නෑ බන් මෙහෙත් ඔය මුස්ලිම් කඩවල ඔය සීන් එක යනවා. ඉස්ලාම් වලට ගියොත් පඩි වැඩි කරනවා වගේ ඒවා. තව වතුකරයේත් වැඩේ නැගල යනවා. වතු වල දෙමල කොල්ලෝ කිලෝ ගානට හැරෙනවා. පත්තරේ නම් වෙනස් කිරීම් කියවල බලපල්ලා. හැබැයි උන් ඒවා ප්‍රසිද්ධ කරන්නේ නෑ. මොකද කේස් වැටෙයි කියල බයට. උන් වැඩි උන දවසට එක පාරටම නැගිටියි. එදාට අනිත් උන්ව බලෙන්ම හරවා ගනියි.
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    එහෙ ඕන නෑ බන් මෙහෙත් ඔය මුස්ලිම් කඩවල ඔය සීන් එක යනවා. ඉස්ලාම් වලට ගියොත් පඩි වැඩි කරනවා වගේ ඒවා. තව වතුකරයේත් වැඩේ නැගල යනවා. වතු වල දෙමල කොල්ලෝ කිලෝ ගානට හැරෙනවා. පත්තරේ නම් වෙනස් කිරීම් කියවල බලපල්ලා. හැබැයි උන් ඒවා ප්‍රසිද්ධ කරන්නේ නෑ. මොකද කේස් වැටෙයි කියල බයට. උන් වැඩි උන දවසට එක පාරටම නැගිටියි. එදාට අනිත් උන්ව බලෙන්ම හරවා ගනියි.
    :angry::angry::angry::yes::yes::yes::yes: