බදින්න අස මොන විදිහද

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    බදින්න අස මොන විදිහද

    1.මනාලිය කලු කිරීම – ස්කොට්ලන්තය.


    මනාලියගේ පවුලේ අයයි යාලුවොයි ඇයට කොච්චර ආදරේද කියල පෙන්නන්නේ අමුතුම විදිහකට. ඒ ලෝකේ තියන හැම කුණු දෙයම මනාලියගෙ ඇඟට වක් කරලා. පරණ වෙච්ච මාලු වල ඉඳන් නරක් වෙච්ච කිරි, තාර, සෝස්, සොසේජස්, මඩ,පිටි වල මිශ්‍රණයක් තමා මේකට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ අසරණ මනාලියව ගහකට බැඳලා බොන්න ගෙනියනවා. ඒ අය විශ්වාස කරන්නේ මේක දරාගන්න පුලුවන් කෙනෙක්ට කසාද ජීවිතේ ඕන අභියෝගයක් ජයගන්න පුලුවන් කියලා.
    5312160b92754-1024x680.jpeg


    2. ප්‍රැක්ටිස් කරලා ඇඬීම – චීනය.


    චීනේ තුජිආ වංශයට අයත් කාන්තාවන් බඳින්න මාසෙකට කලින් අඬන්න ප්‍රැක්ටිස් කරනවා. මංගල දවසට හරියටම මාසෙකට කලින් මනාලිය දවසට පැයක් ගානේ අඬන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ.ඊට දවස් 10කට පස්සේ මනාලියගේ අම්මා මේ ඇඬීමට එකතු වෙනවා. ඊට දවස් 10කට පස්සේ අත්තම්මා එකතු වෙනවා. මේ විදිහට අඬන විදිහ හොඳට ප්‍රැක්ටිස් කරලා වෙඩින් එක දවසට වෙනස් ස්වර වලින් පවුලේ හැම කාන්තාවම අඬනවා. මේක සතුට ප්‍රකාශ කරන විදිහක් හැටියට තමා ඒ අය විශ්වාස කරන්නේ.
    5310be0c7ee7e.jpeg


    3. ගහක් කසාද බැඳීම – ඉන්දියාව.


    ඉන්දියාවේ සමහර කොටස් වල විශ්වාස කරන දෙයක් තමා මන්ග්ලික් කුලයට ඉපදුන කාන්තාවන් ශාප ලත් අය කියලා. ඒ අය බඳින පිරිමි කෙනා ඉක්මනට මැරෙනවා කියලත් ඒ අය විශ්වාස කරනවා. ඒ නිසා මේ ශාපේ ඉවත් කරන්න මනාලිය ඉස්සල්ලම ගහක් කසාද බඳින්න ඕනේ. ඊට පස්සේ ඒ ගහ කපලා දානවා.
    5310be7d0e7be.jpeg


    4. මනාලයාගේ කකුල් වලට ගැහීම – කොරියාව.


    කොරියාවේ මංගල රාත්‍රියට කලින් යටි පතුල් වලට වේවැලකින් හරි මාලුවලින් හරි ගහනවා. මේක ගොඩක් රිදුනට ටික වෙලාවකටයි කරන්නේ. ඒ නිසා මනමාලයාගේ යාලුවන්ට මේක ගොඩක් විනෝද දෙයක්.
    5310bf1e4e129.jpeg


    5. දවස් තුනක් ටොයිලට් යන්න බැහැ – ඉන්දුනීසියාව.


    ඉන්දුනීසියාවේ යුවලක් කසාද බැන්දට පස්සේ දවස් තුනක් ටොයිලට් එකට යන්නේ නැතුව ඉන්න ඕනේ. මේ දෙන්නව ගෙදරක දාලා වැඩිය කන්න බොන්න දෙන්නේ නැතුව තමා තියාගෙන ඉන්නේ. ඒ රටේ වැඩිහිටියෝ විශ්වාස කරන්නේ මේ චාරිත්‍රයෙන් යුවලට හොඳ ළමයි හම්බවෙනවා කියලා.
    5310bfd9adbdd.jpeg.gif


    6. සපත්තු හොරකම් කිරීම – ඉන්දියාව.


    ඉන්දියාවේ කසාද බඳින දවසේ පෝරුවට නගින්න කලින් මනමාලයා එයාගේ සපත්තු දෙක ගලවලා තියන්න ඕනේ. එතකොට මනමාලියගේ පැත්තේ අය මේ සපත්තු දෙක හොරකම් කරන්න උත්සහා කරනවා. ඒත් මනමාලයාගේ පැත්තේ අය සපත්තු දෙක ආරක්ෂා කරන්න ඕනේ. මේ චාරිත්‍රය නිකන් පැත්තක ක්‍රීඩකයෝ 300 ගානේ ඉන්න රග්බි මැච් එකක් වගේ. මනාලියගේ පැත්තේ අය සපත්තු දෙක හොරකම් කරොත් ඒක ආපහු ගන්න මනාලයා කප්පමක් ගෙවන්න ඕනේ.
    5310c0a7519b3-2.jpeg


    7. මනමාලියට කෙළ ගැසීම – කෙන්යාව.


    කෙන්යාවේ මසායි ගෝත්‍රයට අයත් මනමාලියන්ට ඒ අයගේ තාත්තා ආශිර්වාද කරන්නේ කෙළ ගැසීමෙන්. ඊට පස්සේ මනමාලිය ඇයගේ සහකාරයත් එක්ක ගමෙන් පිටවෙන්නේ ආයිමත් හැරිලා බලන්නේවත් නැතුව. ඒ ගල් වීමේ බයට.
    5310c47c6aaa4.jpeg


    8. මනමාලියව පැහැර ගැනීම – රොමේනියාව


    රෝමෙනියාවේ තමන්ට කසාද බඳින්න ඕනේ කාන්තාවව පැහැර ගන්න ඕනේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයාව තමන් ලඟ දවස් 2-3 තියාගත්තම එයා තමන්ගේ බිරිඳ හැටියට හැමෝම පිළිගන්නවා. මනමාලියටත් ප්‍රශ්නයක් නැත්නම් දෙන්නා එකට පැනලා යනවා. කොහොමහරි දෙමාපියන්ගේ කැමැත්ත මේ අයට වැඩක් නැහැ.
    5311fbd49287e.jpeg


    9. මනමාලියට දුන්නෙන් විදීම – චීනය.


    චීනේ යුග චාරිත්‍ර වලට අනුව මනමාලයා තමන්ගේ මනමාලියට තුන් වතාවක් දුන්නෙන් විදින්න ඕනේ. ඒත් මේ දුනු වල තියුණු හිසක් නැහැ. ඊට පස්සේ මේ දුනු දෙකට කඩන්න ඕනේ. මේ චාරිත්‍රයෙන් යුවල එකිනෙකාට හැමදාම ආදරය කරන බවට පොරොන්දු වෙනවා.
    5310c58910a49.jpeg


    10. පිඟන් කැඩීම – ජර්මනිය.


    පෝල්ටර්බෙන්ඩ් කියන මේ චාරිත්‍රයෙදී අලුත් යුවල තමන්ට තෑගි වශයෙන් ගෙනාපු ඔක්කොම පිඟන්, තැටි, හැඳි, ගෑරප්පු පොලවේ ගහලා කඩනවා. ඒ අය විශ්වාස කරන්නේ මේ සද්දෙට ඔක්කම දුශ්ට ආත්ම ඒ අයගෙන් දුරස් වෙනවා කියලා.
    53120d0becfd6.jpeg



    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න:P:rolleyes::P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කෙන්යාවෙයි ඉන්දුනීසියාවෙයි තමා අසික්කිතම චාරිත්‍ර තියෙන්නේ බන් එකක රෙන්න බෑ අනිකේ ගෑනිට කෙල ගහනවා :baffled:
     
    • Like
    Reactions: charith077

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන් හොදයි බං ලංකාවෙ උන්ට වඩා.. අපේ උන් බැන්ද දාට දෙන රැග් වල හැටියට.. :lol:
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    fatta machn rep+

    මුන් හොදයි බං ලංකාවෙ උන්ට වඩා.. අපේ උන් බැන්ද දාට දෙන රැග් වල හැටියට.. :lol:
    අහ මචන් උබට එකියන්නේ පට්ට රැගක් දීල වගේ පොඩ්ඩක් බෙදබනින්කෝ අපිත් එක්ක අහන්නත් අසයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහ මචන් උබට එකියන්නේ පට්ට රැගක් දීල වගේ පොඩ්ඩක් බෙදබනින්කෝ අපිත් එක්ක අහන්නත් අසයි
    මම බැදල නෑ බං..:no:
    දවසක් මේකෙ එකෙක් කරපු කුප්ප වැඩක් කිව්වා ත්‍රේඩ් එකක..
    ප්‍රසන්ට් එකක් විදියට කරවල, සාඩින්, පාන් පිටි අරවා මේවට රුපියල් දහදාහක කාසිද කොහෙද මික්ස් කරලා පැකිං කරලා දීලා.. දවස් දෙක තුනකට පස්සෙ මුන් කපල් එක බලන්න යනකොට දමාගෙන හෝදනවලු කාසි ටික..:lol: