කසාද බඳින එක අද කාලෙ හැටියට විහිළුවක් කියලයි මම නම් දකින්නෙ. විශේෂයෙන්ම ලොකු ගැළපීමක් නැත්තම්, සෙක්ස්වලට අහේමක් නැත්තම් බඳින එක අැත්තටම බොරු වැඩක්. තමන්ට තියෙන නිදහස නිකන් නැති කරගන්නවා විතරයි. වෙන වෙන වාසි බලාගෙන දෑවැද්දට අරකට මේකට නම් අවුලක්මත් නැහැ, හැබැයි එ‍්වත් ගොඩක් වෙලාවට වෙන ප්‍රශ්න අෑඳිලා එන දේවල් වෙන්න පුළුවන්.
මට අනුව නම් කෙනෙක්ව බඳින්න ඕනෙ සිරාවටම එයා නැතිව බැහැ වගේ දැනෙනවා නම්, අරක මේක හංගන් නැතිව ඕන දෙයක් කියන්න පුළුවන් තරමට විශ්වාසවන්ත නම්, බොරු ego ගේම් ගහන්න වෙන් නැත්තම්, කොටින්ම වෙන මොන ප්‍රශ්නෙ අාවත් එයා මට ඉන්නවනෙ කියල අවංකවම හිත හදාගන්න පුළුවන් නම්, සහ වැදගත්ම දේ එ‍්ක එහෙම හැමදාම පවතිනවා නම් විතරයි.
එහෙම කෙනෙක් නැත්නම් බොරු වැඩ කරලා නිකන් විනාස වෙනවාට වඩා තමන්ගෙ වැඩක් බලාගෙන තනියම ඉන්න එක, හුකන්න ඕන නම් කාව හරි එ‍් වැඩේට විතරක් set කරගන්න එක වඩාත් ලේසියි. හැබැයි එ‍් වැඩේදි එක්කෙනෙක්ට සීමා වෙන්නත් හොඳ නෑ, එතකොට attach වෙනවා. අඩුම දෙන්නෙක් තුන් දෙනෙක්වත් ඉද්දි කාත් එක්කවත් අනවශ්‍ය බැඳීම් අැති කරගන්න හිතෙන් නෑ.
තනියම සතුටු වෙන්න සමහර අයගෙ මොළේ හැදිලා නැහැ වෙන්න පුළුවන්. එ‍්ක සාමාන්‍යයි. එහෙම නම් යාලුවො අාශ්‍රය කරන එකයි, තනිම නම් පූසෙක් හරි බල්ලෙක් හරි අැති කරන එකයි තමයි වැඩිය හොඳ. සාමාන්‍යයෙන් ඉහළ IQ එකක් තියෙන ගොඩක් අය ස්වාභාවිකවම Introvert වෙන්න ඉඩක් තියෙනවා. එ‍් අයට මේ ප්‍රශ්නෙ අඩුයි. තමන් තනියම හිටියත් තමන්ගෙ ජීවිතේ තමන්ට interesting.
වැදගත්ම දේ තමන් අැත්තටම independent වෙන්න ඕන. තමන් වටේ ඉන්න අය තමන්ට ගැළපෙන විදිහට හදාගන්න හරි, හලන්න හරි ඕන. විශේෂයෙන්ම එයාලගෙ විදිහ අපේ අැඟේ ගහන්න හදන උදවිය. අනික පොඩ්ඩක් ඉතින් එක එකා කියන දේවල් ගණන් නොගෙන ඉන්නත් ඉගෙන ගන්න ඕන. ගොඩක් අයට බැරිම අන්න එ‍්කයි. (independent වෙන්න පුළුවන් කමත් මේකෙදි සාධකයක්. කවුරු හරි කෙනෙක් තමන්ගෙ Private life එකට උවමනාවට වඩා අැඟිලි ගහනවා නම් එයාලව ලඟ තියාගෙන මේක කරන්න බෑ)
අපි තේරුම් ගන්න ඕන යථාර්ථය තමයි බඳින එක වගේම නොබඳින එකත් දෙකම හොඳ සහ නරක ගොන්නක එකතුවක් කියලා. බඳින එක හොඳයි කියල හිතන අය බැඳලා ඉද්දි ලැබෙන වාසි ගැන හිතලා අවාසි අමතක කරනවා. නොබැඳ ඉන්න අය තනියම නිදහසේ ඉන්න එකේ වාසි ගැන හිතලා අවාසි ටික අමතක කරනවා. ගොඩක් අය බඳින්නෙ එ‍්කෙ වාසි ටික විතරක් ගන්න හිතාගෙන වුණත් එ‍්ක තමන් ගාවට එන්නෙ අනිවාර්යයෙන්ම එ‍්කෙ තියෙන ප්‍රශ්න, අවාසි සේරමත් එක්ක. තනියෙන් ඉන්න එක වුණත් එහෙමයි. ඔය දෙකේම වාසි අවාසි එකිනෙකින් සම්පූර්ණයෙන්ම වියුක්ත කරලා විඳින්න බෑ කියල අපි තේරුම් ගන්න ඕන.
ඉතින් තමන් කරන තෝරා ගැනීම හොඳට හිතලා තමන්ට අවශ්‍ය දේ සහ එ‍් එක්කම එන අනික් ගැටලු දරාගන්න පුළුවන් තරම තේරුම් අරන් කරන එකයි වැදගත්.
අවසාන වශයෙන් වටිනාම උපදෙස තමයි කවමදාවත් කිසිම දෙයක් ගැන දිගටම හිත හිත විතරක් නම් ඉන්න එපා. තමන්ට වෙනසක් අවශ්‍ය නම් හිත හිත ඉන් නැතිව එ‍්ක වෙනුවෙන් වැඩ කරන්න, උත්සාහ කරන්න. එහෙම කරන්න බැරි කමක් තියෙනවා නම් එ‍්ක ඔලුවට අරගෙන එ‍් ගැන හිතෙන් අයින් කරලා දාන්න. හිත හිත මොනවත් නොකර ඉන්න එකෙන් කාටවත් පලක් නෑ.