බදුර්දීන් එක්ක ඩීල් නෑ - ජනාධිපති

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මාගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇත.

    මේ භූමිය මත ජනවාර්ගික, ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට හෝ අන්තාවදයකට ඉඩ නොතබන අතර සෑම පුරවැසියෙකුටම බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බව සහතික වන්නෙමි.

    2019 අප්‍රේල් මස 21 වැනි දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට හේතු වූයේ ආරක්ෂක කේෂ්ත්‍රයේ සිදු වූ බරපතල කඩාවැටීමත්, ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩිදෙන දේශපාලන හා සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුල ගොඩනැගී තිබීමත්ය. එබැවින් ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ පෝෂණය කරනු ලබන සියලුම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුරාලීමට අවශ්‍ය නිශ්චිත පියවර ගැනීමට අප රජය පසුබට වී නැත.

    පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මඟින් පූර්ණ විභාගයක් සිදු කෙරෙමින් පවතී. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදුකරමින් සිටී.
    එම විභාග සහ පරීක්ෂණ වලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත.

    පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත්කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණ වලින් පසු අදාළ බලධාරීන් විසින් නීත්‍යානුකූලව ඉටුකෙරෙනු ඇත.
    අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ද මම කටයුතු කරමි.
    රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගණුදෙණුවක් (ඩීල් එකක්) අප රජය ඇතිකරගෙන නොමැති බැව් අවධාරණය කරමි.

    මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියාකරන බැව් ජනතාවට සහතික කරමි.


    120845571-1731062683725706-1102409519087564191-o.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇයි සර් මේ කොරෝනා නිව්ස් අස්සෙ බදුර්ගැන බයවෙලා දොඩවන්නෙ. අපිනම් බදුර් නෝටි බබෙක් කිවෙ නැ. සර්ට හොදනම් අපිටත් හොදාදායියි
     
    • Haha
    Reactions: Smartm

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    දෙවැනි සිරිසේනත් උත්තමයා මාරු ආතල් තමයී දෙන්නේ.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    බදුර්දීන් ස්ව කැමැත්තෙන් 20ට අත උස්සයි ද දන්නෙ නෑ ආන්ඩුවට නොයා. එහෙම උනොත් ශේප්
    ඔහොම තමයි script එක වෙන්නේ.
     
    • Like
    Reactions: lasankandy

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලොක්ක කඩිමුඩියෙ මිනිස්සුන්ට නිකන් රජයෙ ඉඩම්වලට ඔප්පු දීගෙන දීගෙන යන්න කිව්වෙ බදුර්ට විල්පත්තු ඉඩම් ඔප්පුටික දෙවන්න කියල තේරෙන උන් කවුද🤔
     
    • Wow
    Reactions: Champ HB

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    බදුර්දීන් ස්ව කැමැත්තෙන් 20ට අත උස්සයි ද දන්නෙ නෑ ආන්ඩුවට නොයා. එහෙම උනොත් ශේප්
    බදුර්දීන් ආණ්ඩුවට ගන්න ප්ලෑන් එකක් කොහොමත් තිබුනේ නෑ. ඕන කම තියෙන්නේ 20ට චන්දෙ ගන්න. එකට හිලව්ව තමයි චෝදනා අයින්කරගන්න එක, මල්ලි නිදහස් කරන එක. දැන් එක වෙනවා. අරුන් ටික පස්සේ පාරම් බානවා අපි බදුර්දීන් ආණ්ඩුවට ගත්තේ නෑ කියල. එතකොට චන්ද දායකයෝ ටික සතුටු වෙනවා.