බදුල්ල , බණ්ඩාරවෙල , ඇල්ල , හපුතලේ ගිය අය එන්න

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,509
    667
    113
    India
    බදුල්ල , බණ්ඩාරවෙල , ඇල්ල , හපුතලේ ගිය අය එන්න

    බදුල්ල , බණ්ඩාරවෙල , ඇල්ල , හපුතලේ ගිය අය කවුද ?

    අපි දවස් 3 ක ට්‍රිප් එකක් යන්න හදන්නේ .

    1 දවස - හපුතලේ
    2 දවස - ඇල්ල , දෙමෝදර
    3 දවස - නුවර එළිය

    මේ පැති වල ගිහින් තියන අය මට කියන්න මොනවද බලන්න තියන තැන් කියලා .
    කොල්ලෝ සෙට් එකක් van එකක යන්නේ .

    ලොකුම ලොකු උදව්වක් ..

    මම දැනට දන්නා තැන්

    හපුතලේ - අදිෂම් බංගලාව , ලිප්ටන් සීට්
    ඇල්ල - ඇල්ල කන්ද , ආරුක්කු නවය පාලම , පුංචි සිරිපාදේ
    නුවර එළිය - හෝර්ටන් තැන්න , හග්ගල මල් වත්ත , ග්‍රෙගරි වැව

     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    අපි ගියා බන්. පළවෙනි බෝතලෙ ගත්ත, සැන්ඩි දාගෙන එකෙක් ශොට් 3-4 වගෙ රවුන්ඩ් එකක් ගියා. ම්හු මෙලෝ තේරුමක් නෑ, ඊට පස්සෙ අමුවෙන්ම ගහල දැම්ම
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    බෙලිහුල් ඔය - පහන් තුඩාව ඇල්ල රෙස්ට් හවුස් එක ලගින් උඩට තියෙනපාරේ
    - සුරතලී ඇල්ල - 166 කිලෝ මීටර් කනුව අසලම පාර අයිනේ....
    බෙරගලින් හැරිලා දකුණට වැල්ලවාය පාර දිගේ කිලෝ මීටර් 18 ක්විතර ගියාම දියළුම
    ඒ පාරෙන් වල්ලවායට ගිහින් වමට හරිලා ඇල්ල වැල්ලවාය පාරදිගේ එද්දි රාවණා ඇල්ල
    බණ්ඩාරවෙලට එන ගමන් ඇල්ල ස්ටේෂන් එක ගාවින් බැහැලා රේල් පාර දිගේ ගිහිං අහස් නවය පාලම ... පුංචි සිරී පාදේ... දෝව රජමහා විහාරය බණ්ඩාරවෙලට ඇවිත් හපුතලේ ගිහිං එඩිෂම්.... ලිප්ටන් සීට්... එතනිං බොරලන්දට ගිහිං ඔහිය හරහා හෝටර්න් තැන්න... එතනිං පට්ටපොල හරහා අඹේවෙල කිරි ෆාම් එක.. එතනිං හග්ගල... එතනිං නුවර එළියට ඇවිත් ග්‍රෙගරි වැවේ බැහැලා නාපං මහන්සිය යන්නත් එක්ක.
    ජයවේවා